ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(03) පැවැසීය. 03 August 2020
’කිසිම අපේක්ෂකයෙක් මැතිවරණ නීති පිළිපදින්නේ නෑ’ කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නොපිළිපදින බවත් මැතිවරණ නීති වැඩි වීමට ප්‍රධානම හේතුව ඒවාට සම්බන්ධ අපේක්ෂකයින්ට අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් බදුල්ල මැතිවරණ කාර්යාලයේ දී පැවසීය. 02 August 2020
මීගමුව බන්ධනාගාරයේ උණ පඳුරක් යට ටී-56 ජීව උණ්ඩ මීගමුව බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ගේ බැරක්කය පිටුපස උණ පඳුරක් යට වළ දමා තිබූ ටී 56 ජීව උණ්ඩ 14 ක් සහිත පාර්සලයක් අද (02) දහවල් සොයාගත් බව මීගමුව පොලීසිය කියයි. 02 August 2020
ශානි මහර බන්ධනාගාර රෝහලට දැනට රිමාන්ඩ්බාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා මහර බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු මේ වන විට එම බන්ධනාගාර රෝහලේ අංක 1 වාට්ටුවේ පසුවන බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 02 August 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 ට බසී කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් අතුරින් 48 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් අද (1 වැනිදා) පිටත්ව ගියහ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 365 දක්වා අඩුවී තිබේ. 01 August 2020
හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට මරණ දඩුවම් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට අද (31) මරණ දණ්ඩනය නියම කළේය. 31 July 2020
කෝටි 23 ක මත්කුඩු අල්ලයි වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 23 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙකු විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක ii බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 July 2020
මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ක්‍රිස්මාල් වර්ණසූරිය ගොනු කළ ‘රිට්’ පෙත්සම අගෝස්තු 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියම කළේය. 31 July 2020
ඇවන්ට්ගාඩ් සභාපතිට - පාලිත ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවීමට නියෝග ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය. 31 July 2020
ශානි අබේසේකර අත්අඩංගුවට පීඩාකාරී ගිනි අවි සම්බන්ධ සිද්ධියක් පිළිබඳව සාක්ෂි වසන් කිරීමේ සිදුවීමකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. 31 July 2020
2019 දී ලංවිමට කොටි 85,000 ක පාඩුවක් පසුගිය වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 85,000ක් පාඩු ලැබූ බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කොළඹදී අද (30) පැවසීය. 30 July 2020
ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට ඡන්ද දායකයන්ගේ ලිපින සොයාගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 458,927ක් අදාළ තැපැල් කාර්යාල වෙත ආපසු බාරදී ඇතැයිද, සිය අනන්‍යතාවය හෙළිකර ඒවා ලබාගත හැකි යැයිද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2020
මත්ද්‍රව්‍ය ගෙනයාමට පුහුණු කළ උකුස්සෙක් පොලිස් බාරයට ගනී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරුගේ සමීපතමයකුට අයත් සත්ව ගොවිපලක සිර කර සිටියදී පොලිස් බාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 30 July 2020
ආසාදිතයකු හමුවීමෙන් ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලය වහයි පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි. 30 July 2020
ඡන්දය ඉල්ලා කෝටි 160 ක් විසි කරති මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් දෙස බලද්දී මේ වනවිට අපේක්ෂකයින් විසින් වියදම් කර ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය තහවුරු කර ගෙන ඇති මුදල රුපියල් මිලියන 1597 ඉක්මවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය. 29 July 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11 ක වංචාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් සිය වාර්තාවෙන් පවත්වා දී ඇත. 28 July 2020
ඊ.ටී.එෆ්. අර්බුදයක - පොලියත් අඩුවෙයි සේවා නියුක්තියන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩුවී ඇත. 28 July 2020
වනාතමුල්ලේ ග්‍රාම නිලධාරිනියක් ලක්ෂයක අල්ලස් අරගෙන පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 28 July 2020
ජෝර්දානයේ සිරවී සිටින ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය අද (27) එම පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී. 27 July 2020
රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද (27) සවස ඉවත් කළබව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 27 July 2020
බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 27 July 2020
බදියුදීන්ගේ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද ( 27 ) තීරණය කළේය. 27 July 2020
බදියුදීන් වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද(27) උදෑසන වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාවට පැමිණියේය. 27 July 2020
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන සීඅයිඩියෙන් විමර්ශනයක් යහපාලන ආණ්ඩුව සමයේ දී මතභේදයට තුඩු දුන් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 July 2020
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා කන්දකාඩුවට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්) ප්‍රතිකාර ලබමින් සිට ඉන් පැනගොස් සිටියදී හඳුනාගත් ආසාදිතයා, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 26 July 2020
යතුරුපැදි තරගයක් පැවැත්වූ 39 ක් අත්අඩංගුවට මුහුණු පොත හරහා සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙක් සහ යතුරු පැදි 27 ක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 26 July 2020
නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ වැටෙන්නට ඉඩ ඇතැයි නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති. 25 July 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සැරසෙති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්රයේ හා වෙනත් ක්ෂේත්රවල වෘත්තීය සමිති එක්කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 24 July 2020
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා අල්ලයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම පලා ගිය පුද්ගලයා මීට සුළු මොහොතකට පෙරදී කොළඹ ජාතික රෝහල අසල දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි . 24 July 2020
මුල්ලේරියාව අයිඩීඑච් රෝහලෙන් ආසාදිතයෙක් පැන යයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (24) ද අලුයම 2.30 පමණ එම රෝහලෙන් පැනගොස් ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි. 24 July 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026