සරසවියේ ආචාර්යවරුන්ගේ හා සිසුන්ගේ ආදරය සතුන්ට ද එක සේ දක්වන බව පෙන්වීමට කැලණි සරසවි සිසුහු පිරිසක් වීඩියෝවක් නිර්මාණය කළහ.
සරසවියේ බිමේ ඉබාගාතේ යන එන ‘රූනි‘ සහ ‘රෙක්සි‘ නම් බල්ලන් දෙදෙනකුට සරසවි සිසුවකු සහ සරසවි ඇදුරුවරියක සලකන ආකාරය ඉන් ඉදිරිපත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ වැඩේ අගය කරනවා
නමුත් බල්ලන් ඉල්ලීම් දිනාගැනීමට අරගල කරන්නේ නැත (නි)
හරිම සංවේදී වීඩියෝ එකක්.මම දැක්කා එවපු ප්‍රතිචාර. සමහරු බෙහෙත් විදලද අහනවා. ලෙඩ හැදේවි කියනවා.කරුණාවන්ත හොඳ හදවත් තියන උතුම් මිනිසුන්ට කවදාවත් ඒ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නෙ නැහැ. මේ තමයි මහපොළොවේ පයගහලා ජීවත්වෙන මිනිස්සු.පරිසරයට සතා සිව්පාවට ආදරේ මිනිස්සු. (නි)
මේ වීඩියෝ ඒක කරලා මාස දෙකකට විතර පස්සේ මේ බලුපැටව් දෙන්න ඉන්නවද කියල බැලුවම හිටියේ නෑ. පසුව දැනගන්න ලැබුනේ විශ්වවිද්‍යාලයේ බල්ලෝ වැඩියි කියල බලු වෑන් ඒකෙන් මේ දෙන්නව අරන් ගියා කියන එකයි. කොතරම් හොයල බැලුවත් මේ දෙන්නව නැවත හොයාගන්න බැරි වුණා. (ස)
ඔක්කොමත් හරි අර බල්ලාගේ ඇගපත කකුලෙන් අතගාන එකනම් හරිම කැතයි (බ)
සත්ව කරුණාව හොඳ දෙයක්. නමුත් මෙවැනි පොදු ස්ථානයක හා මෙවැනි උගත් යයි සිතන පිරිසක් ගැවෙසෙන තැනක බල්ලන් වැනි වැනි සතුන් හදා වඩා ගැනීමට යෑම එය කරන පිරිසට නොහොබිනා වැඩක්. මෙවැනි සතුන්ට ආදරය කරන අය කළ යුත්තේ එම සතුන් තමන්ගේ ගෙවල් වලට ගෙන ගොස් ඇති දැඩි කිරීමයි. මෙම සතුන් මෙවැනි ස්ථාන වල සිටීමෙන් බලාපොරොත්තු නොවන අවස්ථාවලදී පුද්ගලයන් සපාකෑමට හා එය හේතුවෙන් ජල භීතිකා රෝගය බෝ කිරීමත් සිදුවේ.(නදී)
සරසවි වල පැරැන්නෝ නවකයන්ට කියලා බල්ලන්ට වන්දවන රටක ඕක මොකක්ද? (නි)
අනේ ඇත්තමද? (නි)
ඇත්තටම ඒක ඉතා හොඳ වැඩක් (නි)
ආදරය, කරුණාව මේ හැම දෙයක්ම අපිට වගේම සතුන්ටත් ඕන, එත් මට තියන කණගාටුව අපි ඇත්තටම ආදරය කරුණාව කියන එක හරියටම අවබෝධ කරගෙන ඉන්නවද කියන එකයි.බලන්න ටිකක් ඔයාලගේ හදවත ඇතුලන්තයට තට්ටු කරලා. ඇත්තටම එහෙම දෙයක් තියනවනම් ...(බ)
අතිවිශිෂ්ටයි. (නි)
මිනිසාෙග් හොඳම මිතුරා බල්ලා කියන වැකිය ඔවුන් සනාථ කර අැත (ම)
1995 හිටියා රාජා කියලා නම දමපු බල්ලෙක්. එයාටත් අපි හැමෝම අාදෙරන් සැළකුවා. බෙල්ලෙ තිබුනු පිළිකාවක් ඉවත් කළා ලොකු මුදලක් වැයකරලා. සෑම විශ්ව විද්‍යාලයකම මේවගේ අාදරණීය හා සුන්දර දේවල් තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා. මේ සුනක පෝතකයන් ගෙවල් වල කොටුකරලා හදන එකට වඩා මෙහෙම හදන එක ඒ සතාගේ නිදහසට හොඳයි. (නි)
මේ සුනකයින් ලඟට වැඩිය විසබීජ තියෙන්නේ අපේ ගාව. මෙයාල අත ගැවට මෙයාල අප ලෙවකාවට ජලබීතිකව හැදෙන්නේ නැහැ. අපි මොන තරම් අඩු දැනුමක් ද සතුන් ගැන තියෙන්නේ. අපේ ලංකාවේ වැසිකිලියක් ලඟට යන්න බහ, ගඳ, අපි කීයෙන් කී දෙනාද වැසිකිලි ගිහින් සබන් දාල ඇත හෝදන්නේ. අඩු ගානේ සතුන්ගේ ආදරය කොන්දේසි විරහිත ආදරයක්. අපි උදව් අරගෙන උදව් කරපු මිනිහටම බනිනවා සුනකයින් එහෙම නැහැ. එයාල ලඟින්ම දැවටී දැවටී ඉන්නවා. (ම)
කැළණි සරසවියේ කියලා දැක්ක ගමන්ම මට මේ අක්කා වෙන්න ඇති කියලා හිතුනා. එතකොට මම 3 වන අවුරුද්දේ. මේ අක්කා එතකොට 4 වන අවුරුද්දේ. එතකොටත් මම අනන්තවත් දැකලා තියනවා මේ අක්කා බලු පැටවු හුරතල් කරනවා.සමහර වෙලාවට මම ගොඩක් වෙලා මේ දිහා බලා ඉන්නවා. මොකද සරසවියේ මෙහෙම අය අඩු නිසා. (නි)
වැඩේ නම් හොඳයි. (නි)
මොකක් හරි පිනක් කරලා ඇති මේ විදිහට සත්කාර ලබන්න. (ර)
මිනිසාගේ ප්‍රියතම හා සමීපතම සත්වයා බලලා නේ එකේ වැරද්දක් නෑ (ම)
ඉතාමත් අගනෙයි. (ම)
ඉතාම ලස්සන වැඩක්. මෙන්න නියම මිනිස්සු (ම)
මිනිසුන්ගේ ගුණදහම් පිරිහුනත් බල්ලන්ගේ හොඳ ගතිගුණ නොපිරිහි පවතියි. (ස)
මේ බල්ලෝ දෙන්නාම එකම මවගේ වගෙයි පෙනෙන්නේ. බලන්න හැඩරුව සහ ප්‍රමාණය.හොඳ ආදර්ශවත් ක්‍රියාවක්. (ස)
එන්නත් කරලද? (ස)
අයිතිකරුවෙක් නැති බල්ලන් අතගෑම උන්ගේ කෙල ඇගේ ගාගැනිම ඉතාම භයානක ක්‍රියාවක්.(ම)
අත ගගා ඉඳලා වැඩක් නැහැ. උන්ට ඇත්තටම කැමතිනම් ගෙදර ගෙනිහින් හරියට හදන්න. නැත්න්ම පැටව් බෝවිම වලක්වන සහ ජලභිතිකා එන්නත් ලබාදෙන්න කටයුතු කරන්න. (ස)
ඉබාගාතේ යන එන බල්ලන් අතගානවා, කන බත් එකත් අනනවා. බැරි වෙලාවත් බල්ලා හැපුවනම් මොකද වෙන්නේ. බල්ලට මොලේ නැහැ. නමුත් මිනිස්සුන්ට මොලයක් තියෙන්න ඕනේ. (ර)
බල්ලන්ට අපිත් ආදරෙයි. ඒත් තමාගේ ආරක්ෂාව පලමුව සලසා ගත යුතුයි නේද? (ර)
මිනිසාගේ ආදිතම මිතුරා ! (ස)
අතීතයේ සිට පතා ආ ආදරයක මහිමය (ම)
හැම තැනම ඉන්න අනාථ සත්තුන්ට මිනිස්සු මෙහෙම සලකන්න.. බෞද්ධ කියන්නේ කරුණාව.....(බ)
සමහරු නම් තිරිසනුන්ට එහා අන්ත විදිහට සලකනේ..සත්තුන්ට මෙය හොඳ ආදර්ශයක් (ම)
මෙවන් ආදරයක් වෙන් කරන්න එපා එක පව් ... මේ සතුන්ට ඉන්නන දෙන්න බලු වෑන් වලට දාන්න එපා (ම)
මිනිසාට බල්ලගෙන් ඉගෙන ගත යුතු දේවල් බොහොමයක් තිබේ , අපි බල්ලට බල්ලා කීවාට , එම නම සුදුසු මනුෂයන්ද අප අතර අද බොහෝය (ම)
බෙහෙත් දීල තියෙන්නේ (ම)
නයන,සැම සතෙකුටම මොලයක් තියෙනවා.බුද්ධිය තමයි අඩු වැඩි වෙන්නේ. සමහර මිනිසුන්ට මොලය තිබුනාට බුද්ධිය නැහැ, සමහරු අපේ නම ලියන්නේ කියන්නේ වැරදි විදියට. එක අපේ හිමිකම් කඩවීමක්. සමහර මිනිසුන් ජිවත් වන්නේත් අපව විකුණලා. සමහර මහත්වරු වැරදී වැඩ කරලා අපේ වැඩ කියලා කියනවා. (අ)