(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති අරමුදලේ පූර්ණ අනුග්‍රහය සහ දායකත්වය ඇතිව, නුවරඑළිය මහ රෝහල් අධයක්ෂකවරයාගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණ නොමිලේ පවත්වන අක්ෂි ශල්‍යකර්ම සායනයක් එම රෝහලේදි ඉතා සාර්ථකව පැවැත්වූ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුනිල් සෙනරත් යාපා මහතා පැවසීය.
ජනාධිපති අරමුදලේ මැදිහත්වීම රෝහල් පොරොත්තු ලේඛනයේ සිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝගීන් එක් දහස් දෙසිය පනස් දෙනෙකු අතරින් රෝගීන් හයසිය හතරක පිරිසකට කිසිදු මුදලක් අය නොකර, ජනාධිපති අරමුදල, සෞඛ්‍ය අමාත්‍යාංශය, අක්ෂි දෛව්යවරුන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධානයක සහයෝගය මත මෙම ජීවිතාලෝකය සපයන මහඟු සහනය ලබාදුන් බව රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
එම රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අක්ෂි සායනයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම වැඩසටහනට විශාල දායකත්වයක් සැපයීය.
පොරොත්තු ලේඛණයේ සිටින සෙසු රෝගීන් වෙනුවෙන්ද කඩිනමින් මෙවැනිම සායනයක් නොමිලේ පවත්වන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd