දෙවියන් පසුපස ගොස් නිවන් දැකිය නොහැකි බව දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී සිරි සමන්තභද්‍ර හිමියෝ (පිටිදූවේ සිරිධම්ම) කියති.
දෙවියන් පසුපස ගොස් නිවන් දැකිය නොහැකි බව දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී සිරි සමන්තභද්‍ර හිමියෝ (පිටිදූවේ සිරිධම්ම) කියති.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි.(හේ)
සියළුම ආගම්වලට ගරුකරන්න ඕනේ. ඒත් අනිත් ආගම්වලට පහර ගහන්න එපා (නදී)
අපේ භාග්‍යවතුකන් වහන්සේ දේශනා කලේ ගැඹුරු දහමක්. එය සැමටම වැටහෙන්නේ නැහැ. ප්‍රඥා වන්තයට තමන්ගේ නුවනේ ප්‍රමාණයටයි වැටහෙන්නේ. කාම, රූප , අරූප බව ත්‍රිත්වය ගැන අපිට දේශනා කරලා තියෙනවා. හේතුවත් පලයත් වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබෙනවා. අපිට බන දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ සමහර දේශනා වල කරුණු පරස් පර ස්වාබාවික තියෙනවා. නමුත් අපි දැනගත යුතු වන්නේ ඒ ශ්‍රී සද්ධර්මය ගුණ 6 නිවරැදිවයි. ඒ සඳහා අපි ධර්මය කියවන්න ඕනා. නුවනින් මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. නිවන පිණිස සතිෂ් බෝධි පාක්ෂික ධර්ම පුරන්න ඕනේ. දෙවියන් අපිට නිවන පෙන්නන් අවශ්‍ය නැහැ , බාග්‍යවතුන් වහන්සේ එය අපිට පෙන්වා දී තිබෙනවා. එ්කයි උන්වහන්සේට බුද්ධ කියා කියන්නේ. දෙවියන්ගෙන් අපිට ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන් (නදී)
මේ හාමුදුරුවන්ටද, අහන සහ ලියන සියලු දෙනාට ද චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා...ආලෝකය උදාවේවා....ඇස පහල වේවා....(බ)
ඔබට හිහන්න වැදගත් කරුණු ටිකක් (නදී)
අද හාමුදුරුවරු ප්‍රසිද්දිය සඳහා කරන කියන දේවල් බැලුවම පිවිතුරු බුද්දාගම තව කොපමණ කල් පවතීද දන්නේ නැහැ. . සමන්ත හිමිගේ උපන්දින පාටිය හරිම ලස්සනට තිබුනලු නේද ?(නදී)
මරික්කාර් 2015-07-01 07:28:21 සියල්ලටම නිර්මානකරුවෙක් අවශ්‍යනම් අල්ලා නිර්මානය කළේ කවුද අල්ලා යනු නිර්මානයක් බුද්ධිමත්ව හිතන්න ඔබේ තර්කය ඔබ විසින්ම බොරුකර ඇත (බ)
ඇත්තටම කාලෝචිත ධර්ම දේශනාවක්? ඔබ වහන්සේට පින් අයිති වේවා!! (බ)
මරික්කාර් සහ කුමාර්, ඔබට පිළිගන්න බැරි නම් ඒකට කමක් නැහැ. ඔබ ඔබේ ආගම අදහන්න. බුදු දහමේ ඇති සත්‍යය වටහාගත් අය එය පිළිපදිමින් සැනසිල්ල ළඟාකර ගනී.විශ්වාසයෙන් සහ වගකීමෙන් සොයා බැලීමට කැමති නම් පමණක් මම ඔබට කියවීමට සුදුසු පොතක් කියන්නම්. (නි)
දෙවියන් යදින්නේ කොන්දක් නැති මිනිස්සු... තමාගේ පිහිට තමාමයි (නදී)
මරික්කාර්, මට ඇති ප්‍රශ්නය තමයි, ඇයි නිර්මාතෘවරයා අංගවිකල පොඩි දරුවන්, උපතින්ම පිළිකාව වැළදගෙන උපදින දරුවන්,නිර්මාණය කලේ කියලා.දෙවි කෙනෙක් ඇත්නම් ඇයි මේ ස්වභාවයෙන් ම මිනිසුන් මිය යන්නේ . සුනාමි,භූ චලන අාදින්. ඔබට කියන්න පුළුවන් දෙවියන් කෝප වී දඩුවම් දෙනවා කියලා.ඒ කියන්නේ දෙවියන් අපවගේම කෝප වෙනවා කියන එකනේද.ආගම් වලට අදාල පොත්, ග්‍රන්ථ ලියා තිබෙන්නේ මනුෂ්යන්ය.ඒ පොත් ලිවෙත් ආගම් නිර්මාතෘවරුන්ගේ අභාවයෙන් වසර 300 පසුවය. (ස)
දෙවියන් නිර්මාණය කරන ලද්දේ මිනිසුන් විසිනි. එකනේ දෙවියන්ගේ පිළිරූ බබළන්නේ මිනිසුන්ගේ ලයට් වලින්. එක හරියට විධායක ජනාධිපති වගේ. මිනිස්සු ජනාධීපති නිර්මාණය කරනවා. ජනාධිපති මිනිසුන් පාලනය කරනවා . (ම)
ලංකාදීප පුවත්පතට අපගේ ප්‍රණාමය. (බ)
කුමාර්,ඔබ දකින දෙවියන් වහන්සේ මොනවගේ හැඩරුව තියෙන කෙනෙක්ද, (ම)
මගේ බගයවතුන් වහන්සේට නමස්කාර වේවා!!(හේ)
දෙවියෙකු හෝ යක්ෂයකු වන්නේ තමන්ගේ සිතයි. තමන් පෙර කල කර්ම විපාක දෙනවිට දෙවියන්ට පුජා වට්ටි තියලා දහස් ගනන් වියදම් කරලා කරදර නැති කරන්න බෑ. සිතේ ශ්‍රද්ධාවෙන් පින් කම් කරාම ධර්මානු කුලව ජිවත් වෙනකොට පෙර කල අකුසල් අහෝසි කර්ම වෙලා නැති වෙන්නත් පුලුවන්. කුඹි ගුලක් ලගින් පැණි රස කැමක් තියලා මේකෙන් මේ සතුන්ගේ කුසගිනි නිවේවා කියලා හිතාගෙන දුන්නත් ඒක ලොකු පිනක් කියල මට හිතෙන්නෑ. (ර)
විශ්වාස කරනවා නම් ඔබ විශ්වාස කරන්න (නි)
බුදුන් දේශනා කළේ යම්කිසි න්‍යායක්. නමුත් දෙවියන් යනු යම්කිසි බලවත් ආත්මයක ශක්තියක් (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
මමත් එකඟයි මෙම දේශපාලන (ම)
යථාර්තය අවබෝධ කර ගන්න නිවන පෙන්නේ නෑ නේ (ම)
මේ නිවැරදී සම්මා සම්බුදු සරණයි (අ)
මමත් මේ අදහසට එකඟයි (නි)
මෙය නිවැරදි බව පිළිගනිමි (නි)
අපගේ මනස හිස් නම් වෙනත් කෙනෙක් කියන ඕනෑම දෙයක් ඇත්ත. (නි)
මේ අදහසට අපිත් එකඟයි (නි)
හාමුදුරුවනේ ශාසනය විනාශ කරුණු 4 ක් 'සුගත විනය' සුත්‍රයේ දේශනා කර ඇත ඉන් එකක් ඔබ වහන්සේ අද කරන්නේ 'සුත්‍ර වල අර්ථ වෙනස කර දැක්වීම"ඔබවහන්සේ අනන්ත අකුසල් රැස්කරන ගමන් අසරණ ජනයා වැරදී මග යවන්න එපා. (බ)
මේ දහම උන්වන්සේගේ ධර්මයක්,.එක ගෝචර යට එක අදහන්න පිළිගන්න පුලුවන්.හැබැයි මේ බුද්ධ ධරමය නෙමේ.ගෞතම සම්බුද්ධ ධර්මය ඕක නෙමේ, ඍජුව කෙලින් කියන ධර්මයක්. (ම)
මෙම හිමි කියන කතා බොහෝ විට ඉස්ලාමයේ කියා තියනවා. සුළු වෙනස්කම් තිබුනත් අපිත් ආසාවෙන් මෙම බන අසනවා. ඔබට බොහෝ පින් (නදී)
නියම බුදු දම ඔබ වහන්සේ දෙශෙනාකරනවා. නමුත් මිනිසුන්නට එය තේරුම්ගන්න මොලේ නැහැ (අ)
මේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව සම්පුර්ණ ඇත්ත.(ම)
ඔබ වහන්සේ හරි.(හේ)
හැම ආගමකම කියන්නේ කිසිම කෙනෙකු කවදාවත් නොදැකපු දෙවියෙක් හෝ ලෝකයක් ගැනයි. පරම්පරාවෙන් ආ කමට අපි මේ හැමදෙයක්ම විශ්වාස කරනවා.අපි කවදාවත් මේ මිත්‍යාවෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ (නි)
අපි මුලු ලෝකෙටම නයයි. කිසිම සොයා ගැනීමක් කරන්නන බැහැ. දෙවියන් ගැන කතාකරන්න එපා. ඉස්සල්ලා ජාතියක් විදියට නැගී සිටින්න උත්සහ කරන්න (නදී)
අපි ඔබවහන්සේ සමඟයි (නි)
රොෂාන් ඔබගේ නිගමනය වැරදියි. දෙවියන් පසුපස ගොස් නිවනක් ලබා ගත නොහැක. නිවන යනු සියලු කෙලෙස් නසා විමුක්තිය ලබා ගැනීමයි. දෙවි කෙනෙක් ලෙස සිටියද නිර්වාණය ලගා කරගැනීමට මනුස්ස ආත්මයක් ලබාගත යුතුය. සද්ද්ර්මය තේරුම් ගත යුතුය. ත්‍රි ලක්ෂ්ණ ඔස්සේ ගමන් කල යුතුය. (නදී)
ආගමේ නාමයෙන් මිනිස්සුන්ගේ සල්ලි ගරනවා මහා අසාමාන්‍ය විදියට .එක එක මොහොතේදී කටට එන හැම වචනෙම දිව හැරෙන හැරෙන පැත්තට වෙනස් කරනවා විවිධ නම් වලින් ෆේස් බුක් පේජ් හදන්න කියල ගෝල හාමුදුරුවන්ට කියලා බුදු වෙලා කියල පෝස්ට් හදන්න කියනවා ආය වෙලාවක රහත් වෙලාය කියල පොස්ට් හදන්න කියල කියනවා.මේ සියලු දේම ඉතාමත්ම වගකීමෙන් කියන්නේ .ඔය ස්ථානයේ ඉන්නේ හාමුදුරුවෝ නෙමෙයි එ්ක එයාලගේ ජොබ් එක. (බ)
හරි.. දෙයියන් හැදුවේ හෝ මැව්වේ කවුද ?(හේ)
සත්‍ය අවබෝධ කර ගත හැක්කේ තමන් දේව වාදයට සීමාවී නොව තමන්ගේ මනසින් අවබෝධ කරගැනීමෙනි. මෙලොව එලිය දැකීමට පෙර වරදක් නොකරම මිය යන සත්වයාත් මිනිසුන්ගේ දේ සුරාකමින් අපරාධ කර අයුෂ ගෙවන ඕනෑ තරම් අය අප දැක ඇති. රොෂාන් ඔබේ සීමාවෙන් එලියට පැමිණ මනසින් විග්‍රහ කරන්න (නදී)
ස්වබාව දර්මය පවතින්නේ ආගමක් මත නෙමෙයි. සත්‍ය දැනගෙන තමන්ගේ වාසියට අහිංසක ජනතාව නොමග යැවීම මහත් පාපයක් . ඕනිම ආගමක් ඇදහීමේ අයිතියක් සෑම මනුස්සයෙක්ටම පොදුයි. සත්‍ය වසන් කරන්න කාටවත් බැහැ. නිවන තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් වෙන කොහෙවත් නෙමෙයි. එය දෙවියන් විසින් පැහැදිලි කර අවසන්. මිනිසුන් නොමග යැවීම මහත් පාපයක්. හැම දෙයකටම අවසානයක් තියෙනවා. හැමදාම මැරී මැරී ඉපදෙන්නේ නැහැ කොතැනක හරි නවතින්න වෙනවා අන්න එතැනට තමා කියන්නේ ස්වර්ගය කියලා. එතැනට යන්න පුළුවන් දෙවියන් විශ්වාස අයට පමණි.(නදී)
අප විසින් ගොඩ නගා ගත් ජීවිතය තමා විසින් කරන උත්සාහය කැපකිරීම් මත දෝලනය වෙනු ඇත. එය කර්මය ලෙස හදුන්වයි. නමුත් සමහරෙක් තමන්ගේ ආත්ම විශ්වාශය හා අදිස්ටානය හැම දෙයක්ම දෙවියන්ගෙන් ඉල්ලමින් මිරුගුවක් පසුපස දුවයි. එතුලින් වෙන්නේ අදිෂ්ඨානය මොටවී කලකිරිම්වලට ලක්වීමයි. ඔබ වහන්සේගේ දේශනා නිතර මාධ්‍යට එකතු කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.(නදී)
මෙම හාමුදුරුවන්ගේ කතාවේ ඇත්ත පැත්තකුත් තියනවා. නමුත් දෙවියන් සම්බන්ධ යථාර්තය ගෙන මෙම හාමුදුරුවන් කියන කතාව පිළිගන්නට බැරිය. ගොඩනැගිල්ලක් තැනීමට නිමාණශිල්පීන් අවශ්‍යය. පොතක් ලිවීමට කතුවරයෙක් අවශයමය. මෙම විශ්වය සහ විශ්වයේ පවතින සියල්ලක්ම නිර්මාණය කිරීමට නිර්මාතෘවරයෙක් අවශ්‍යමය. එම නිර්මාතෘවරයා තමයි ඉස්ලාමයට අනුව අල්ලාහ්. (බ)
දෙවියන් පස්සේ පලතුරු වට්ටි කරේ තියන් දුවන මිනිස්සු ගොඩක් අද ලංකාවේ ඉන්නේ. අසරණ කමට එයාලට යන්න වෙන තැනක් නැහැ. හැබැයි මේ දේශනය ඇහුවොත් එයාලට යම් සහනයක් ලැබෙයි. ඇත්ත තේරේවි. (නදී)
ඒ කතාව නම් ඇත්ත.(හේ)
කවදා මේ රට දියුණු වෙයිද මන්දා? (ර)
මේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව සම්පුර්ණ ඇත්ත.(නදී)
මමත් එකඟයි (නදී)
කාලීන ධර්ම දේශනාවක්. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න (නදී)
හාමුදුරුවනේ ඔබ කතා කරන්නේ මේ ලංකාවේ මිනිස්සු වඳින 33 කෝටියක් දෙවියෝ ගැන දැනගන්න. හාමුදුරුවනේ මේ දෙවියෝ නොවෙයි මේ ලංකාවේ අය පෙරලි පෙරලි වඳින්නේ ස්වර්ගයෙන් නෙරපනු ලැබූ යක්ෂයන් බවට පත් වුන දේවදුතයන්ව. දෙවියන් ජීවමානව දැකීමට නම් ඔබ ගැඹුරෙන් දෙවියන් සොයන්න. එතකොට ඔබට සැබෑ සර්ව බලධාරි දෙවියන් හමුවේවි. දෙවියනට කතා කරන්න, දෙවියන් වහන්සේ ඔබට කතා කරාවි. (නදී)
එක එක්කෙනාගේ විස්වාශ තමයි. (නදී)
අපේ හාමුදුරුවන් සමඟ මම එකඟයි (නි)
මරික්කාර් මහතාණනි, මම ඔබෙන් මෙහෙම ඇසුවොත්... ඔබ ඔය කියන ලෝකයේ නිර්මාතෘ කියලා කියන්නේ ඔබෙත් මගෙත් තිබෙන, ඔබෙත් මගෙත් පැවැත්ම නිර්මාණය කරන මේ "හිතට" කියලා? (නි)
ඔබ වහන්සේ ඉඳලා හිටලා කරන විහිලු බලලා අපි සතුටු වෙන්නේ නැහැ. අපේ ආගම ගැන හිතලා දුක් වෙනවා. (ම)
ඉතා වටිනා දේශනාවක්... (ර)
මම කිසිත් නොලියා සිටිමි (නි)
මිනිසුන්ට සත්‍ය කීමට පැමිණි මහා මුනින්ද්‍රයන් වහන්සේගේ දේශනා හැමෝටම අසන්න සලස්සන්න (ම)
ලංකාදීපයට මගේ ස්තුතිය (නදී)
ගොඩක් වටිනා දෙයක් කියාදුන්නේ. නමුත් අපේ අය තේරුම් ගන්නේ නැහැ මෝඩ නිසා (නි)
සිරි, සමන්තභද්‍ර රහතන් වහන්සේගේ දෙසුම් පුන් පෝ දා පමණක් නොව හතර පෝයටම පළ කරන්නේ නම් ඉතා මැනවි.පින් සිදුවේවා! (නි)
මරික්කාර්, ඔබ ඔබේ අවට බලන්න, ඔබම දිහා බලන්න, බලා ප්‍රශ්න කරන්න, මේ කිසි දෙයක් පිටස්තරින් නිර්මාණය උනේ නැත. ඔබව පිටස්තර කෙනෙක් නිර්මාණය කලේ නැත, එය නොදැක තමන්ට බාහිර පිටස්තර දෙවි කෙනෙකු සොයන්නේ කෙසේද ?, සත්‍ය පවතින්නේ මේ මොහොතේ මෙතන මිසක් පොතක නොවෙයි. එ්ත් විශ්වාස වලින් අන්ධ වූ විට විශ්වාස මිස සත්‍ය නොපෙනී යයි. (නදී)
කතාව ඇත්ත. මිත්‍යා විශ්වාස වලින් බුදුදහම වැහිලා (නි)
රොෂාන් මහතාණනි, නිර්වාණය අවබෝධය ඇතිවෙන්නේ තමා තුළ තමයි.බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගන්නේ දෙවියන් විසින් පැහැදිලි කළ නිවනක් පිළිබඳව නම් නොවෙයි. බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගෙන ලෝකයට කියලා දෙන්නේ ඉපදීමක් නැති, ජරා මරණ නැති නිවනක් පිළිබඳව.ඒ නිවන ස්වර්ගයේ පවතින දෙයක් නෙමෙයි. ඒ නිවන සදාකාලික ජීවිතයකුත් නෙමෙයි. ඒ නිවන ලෝකාවබෝධය තුළින්ම අවබෝධ කරගන්න නිවනක්. ඒ තුළින් ඉපදීමට හේතුවන කරුණු නිරුද්ධ කරන නිවනක්, හරියට දර නිසා ඇතිවෙන ගින්නක් දර දැවීයාම අවසානවීම නිසාම ගිනිගොඩ තුළින්ම ගින්න නිවීයන්නා වගේ (නි)
සමහර කුහකයන්ට උන්වහන්සේව දිරවන්නේ නැහැ. උන්වහන්සේගේ ආශ්‍රමය දැඩි විනයක් යටතේ පවත්වාගෙන යන්නේ. (නි)
ඔබවහන්සේගේ වචනය අපේ පැසසුමට ලක් කරමු (බ)
අපිට බොහොම කනගාටුයි ශාසනයට වෙන්න යන දේවල් ගැන. පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවට වැඩිය නමක් අමු තිත්ත අප්‍රසන්න භාෂාවක් භාවිත කරමින් බණ දෙසුව අතර විපිළිසර වූ සමහරු නැගිට ගියා. අන්තිමේදී කිව්වේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ බණ අසන ලෙසයි. (බ)
සමහර අයට මෙවැනි දේශනාවක් කරගන්න බැරි වුනාම කුහක කමට මඩ ගහන්නත් පුළුවන්. එවැනි අසහන කාරයොත් ඉන්නවා. (බ)
මරික්කාර්- මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි ඔබ කියන ආකාරයට දෙවියන් නිර්මාණය වුයේ කෙසේද? (නදී)
මිනිසුන් මිත්‍යාවෙන් මිත්‍යාවටම යන යුගයක බුදුදහම දේව ආගමක් කිරීමට උත්සහ ගන්නා යුගයක මෙවැනි හරවත් දේශනාවක් සමාජගත කිරීමට ලංකාදීප පුවත් පත ගත් මෙම උත්සාහය අගය කොට සලකමි. (නදී)