සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සමිමේලනයේ මහා සභා රැස්විම කොළඹ 7 බෞද්ධ සමිමේලන ශාලාවේදි පැවැත්විණි.
පාසල් හැට හයක සිසුසිසුවියන් මේ සඳහා එක්වූ අතර මෙදින නව නිලධාරී මණ්ඩලයද පත් කෙරීණි
ඒ අනුව ප්‍රධාන සභාපති තනුර මෙන්ඩිස් කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ප්‍රධාන ලේකම් චතුරි කුලසිංහ උසස් තාක්ෂණ ආයතනයෙන්ද කනිෂ්ඨ භාණ්ඩාගාරික දිවන්ත නිපුන් නාලන්ද විදයාලයෙන් ද උප ලේකම්වරු වශයෙන් රුමේෂ් මධුශාන් ලුම්බිණි විද්‍යාලයෙන්ද අධීෂ දෙවන්මිණ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අකිලා ගුණවර්ධන ලින්ඩ්සේ විදයාලයෙන්ද පත්වූහ
හිටපු සභාපතිවරයා අතින් මෙදින නව සභාපතිවරයාට බුදු පිලිම වහන්සේ නමක් පිළිගන්වා තනතුර බාර දුන්නේය
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහි යාව ජිව සාමාජිකත්වය දරණ විදුලි ඉංජිනේරුවරියක ව්‍යාපාරික බෞද්ධ දානපතිනියක වන චිත්‍රා බොතේජූ , වෛද්‍ය නිල්මිණි රාජපක්ෂ මහත්මීන් ඇතුළු විද්‍යාල රැසක ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද මේ සඳහා එක්වුහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර ටිකත්, සැසියත්, සංවිධාන කටයුතුත් , සහභාගී වූ අයත් , හැමදේමත් ලස්සනයි. සතුටු හිතෙනවා දුටුවිට.ඒ වුණාට ලංකාවේ බුදු දහමේත්, ශාසනයේත්, බෞද්ධයාගේත් අනාගතය අනතුරේ! (නි)
මට මේ පින්තූර දැක්කම ලංකාවේ තියෙන යම් දෙයක් මතක් වෙනවා. (නි)
ඒ සඳහා ඔබ කළයුත්තේ අප්‍රමාදී වීමය. සියල්ල අනිත්‍යය, දුකය,අනාත්මය. සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්ම්පදා සචිත්ත පරියෝදපනම් ඒතන් බුද්ධානු ශාසනං (නි)
ගජ මෑන්, ඒ විදියට හිතන්න එපා. අපි හැමතිස්සෙම සුබවාදී විදියට සිතමු.ඔබ අපි සියලු දෙනා එකතු වී අපේ ඉතාම වටිනා බුදු දහම රැක ගනිමු. අපේ තරුණ පරපුර දැන් මේ දේවල් වලට නැඹුරු වී වැඩ කටයුතු කරනවා. (නි)
බොදු සිසු සමුළුවේ යාවජීව සාමාජිකයෙකු ලෙස, වසර 57ක් තුල බොදු සිසු සමුළුවේ සේවය හොදින්ම දනිමි. දිවයින පුරා කරනු ලබන සේවය ඉමහත්ය. මගේ සුභ පැතුම් බොදු සිසු සමුළුවේ චිර පැවැත්මට! (නි)
අද ලංකාවේ බුදුදහම නාට්‍යකරණය වී ලෞකිකකරණය තුලින් අධ්‍යාත්මිකත්වය තුරන් වී ප්‍රමිතියකින් තොරව යල් පැනගිය පෞරාණික නටඹුන් බවට පත්ව අැතත් එය උකහා ගැනීමට අද සමාජය අපාෙහොසත් වීම අැත්තෙන්ම කණගාටුවට කරැණකි. (නි)
ආසයි දැක්කම. මමත් බොදු සිසු සමුළුවේ හිටියා. රටට ආදරයෙන් සේවයක් කරන්න හැකියාව ලැබේවා සියලු දරුවන්ට. (ස)