
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 8 සිට ඔක්තෝබර් මාසයේදී සියයට 8.3 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව මහ බැංකුව මෙම කරුණු සඳහන් කර සිටියි.
එහිදී ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සැප්තැම්බරයේ පැවැති සියයට 8.7 සිට ඔක්තෝබරයේදී සියයට 8.8ක් දක්වා ඉහළ නැග තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සැප්තැම්බරයේ වාර්තා කළ සියයට 7.7 සිට සියයට 8 දක්වා ඉහළ ගොස් තිබේ.
මහ බැංකුවට අනුව මෙම මතුපිට උද්ධමනය ලබන වසරේ පළමු කාර්තුව දක්නා ඉහළ තනි අගයක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවත්, ඉන්පසුව ක්‍රමයෙන් සියයට 5ක ඉලක්කගත මට්ටම කරා පහළ යනු ඇතැයිද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd