- මෙරට ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළ යාමෙන් සිදු වූ වෙනසක්
- ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, කොමර්ෂල් බැංකුවේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට වාණිජ බැංකු 08 ක් වෙත ලබා දී තිබූ ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම් යළි ශ්‍රේණිගත කිරීමක් කරන බව පවසයි.
එම ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-Term Local-Currency Issuer Default Rating - IDR) සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 සිදු කළ රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේ සිට ස්ථාවර දැක්මක් (Stable Outlook) සහිත ‘B-‘ මට්ටම දක්වා ඉහළ නැංවීමත් සමග, ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය යළි වෙනස් කිරීම යටතේ මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා බැංකුව වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AA- මට්ටම AA+ ලෙස ඉහළ නංවා ඇත. එසේම මහජන බැංකුව වෙත ලබා දී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AA- මට්ටම AA+ දක්වාත්, කොමර්ෂල් බැංකුව වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AA- මට්ටම AA දක්වාත් ඉහළ නංවා ඇතැයි පවසයි.
මේ අතර නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත A ලෙස ලබා දී තිබූ ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරිම එලෙසින්ම පවත්වාගෙන යන බවත්, එම බැංකුවේ ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ සිට ධනාත්මක මට්ටම දක්වා වෙනස් කරන බවත් පවසයි.
යුනියන් බැංකුවෙහි ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම දැනට පවතින BBB- මට්ටමේම පවත්වාගෙන යන අතර, එහි ඉදිරිදැක්ම ඍණාත්මක ලෙස සටහන්ව තිබේ.
මේ අතර කාර්ගිල්ස් බැංකුවෙහි ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම A සිට A- දක්වා පහළ දමා ඇති අතර, එහි ඉදිරි දැක්ම ඍණාත්මක ලෙසත් සටහන් කර තිබේ.
නිවාස සංවර්ධන සහ මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) හි ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම BB+ ලෙස දක්වා ඇති අතර, ඉදිරි මාස කිහිපයේදී එම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමේ බලාපොරොත්තුවෙන් එය Rating Watch Positive ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
එසේම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) සතු ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම BB ලෙස පවත්වාගෙන යන අතර එයද Rating Watch Positive ලැයිස්තුවට ඇතුළත් වන බව පැවසෙයි.
මේ අතර මෙහි සඳහා බැංකු හැර මෙරට ක්‍රියාත්මක අනෙකුත් සියලුම බැංකුව ජාතික ශ්‍රේණිගත කිරීම් වෙත මෙම විවරණය හරහා බලපෑමක් එල්ල නොවන බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd