- සාම්ප්‍රදායික බැංකුකරණයෙන් එහා ගිය සංවර්ධනය ඉලක්ක වූ මූල්‍යකරණයක් වෙත අවධානය
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) කලාපීය උප සභාපති සාර්වේෂ් සූරි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා හමු වූ බව එම අමාත්‍යාංශය පවසයි.
මෙරට මූල්‍ය ක්ෂේත්රයේ සංවර්ධනය සහ රටේ ආර්ථිකය තිරසාර හා සියලු දෙනාට ප්රතිලාභ සැලසෙන ආකාරයෙන් වර්ධනය කිරීම සඳහා IFC ආයතනයේ සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරී තිබේ.
ඒ අනුව සාම්ප්‍රදායික බැංකුකරණ ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම ඉලක්ක කරගත් මූල්‍යකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා ප්‍රවාහන සහ සැපයුම් ඇතුළු උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC ආයතනයේ සහාය සඳහා අවශ්‍ය ආයෝජන සහ මූල්‍ය සහාය ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා IFC ආයතනයේ කලාපීය අධ්යක්ෂ මැනුවෙල් රෙයෙස් රෙටානා, ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර ගෙවොර්ග් සාර්ග්සින්, ලෝක බැංකුවේ කලාප අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයන් එක්ව සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd