• රටවල් පහක තානාපතිවරැ සහ නියෝජිත පිරිසක් එක්වෙලා

මධ්‍යම පළාතේ සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රවල සංවර්ධනය වේගවත් කරමින් විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘An Evening with Diplomats’ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් පසුගියදා මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. 

මෙහිදී අග්නිදිග ආසියානු කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ආසියාන් (ASEAN) සංගමයට අයත් වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේෂියාව, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් පහක තානාපතිවරුන් සහ නියෝජිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිට ඇත.

මේ අතර පළාතේ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීමත් මෙම හමුවේ තවත් එක් අරමුණක් වී තිබේ.