• පසුගිය වසරට සාපේක්ෂව සියයට 19.9 ක වර්ධනයක්
  • බදු නොවන ආදායමත් ඩොලර් බිලියන 342ක් දක්වා ඉහළට

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන වටිනාකම රුපියල් බිලියන 4,602 ක් (රුපියල් ට්‍රිලියන 4.6ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ මුල් මාස නවයේදී වාර්තා කළ රුපියල් බිලියන 3,835 (රුපියල් ට්‍රිලියන 3.8) හා සැසඳීමේදී රුපියල් බිලියන 766.79 ක එනම් සියයට 19.9ක වර්ධනයකි.

මෙහිදී මුල් මාස නවයේ ආදායම රුපියල් බිලියන 4,595ක් ලෙස සටහන් වන අතර, ඉන් රුපියල් බිලියන 4,252ක් බදු ආදායම වෙයි. ඒ අනුව පෙර වසරේ එම කාලසීමාවේ වාර්තා කළ රුපියල් බිලියන 3,563ක බදු ආදායමට සාපේක්ෂව සියයට 19.34ක වර්ධනයකි. 

එසේම බදු නොවන ආදායම රුපියල් බිලියන 342.86ක් ලෙස සටහන් වන අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 264.07 ක බදු නොවන ආදායමට සාපේක්ෂව සියයට 29.8 ක වර්ධනයකි.

මේ අතර මුල් මාස නවය තුළ රජයට හිමි වූ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 6.71ක් ලෙස සටහන්ව තිබේ. එහිදී පසුගිය වසරේ එම කාලසීමාවේ ලැබුණු රුපියල් බිලියන 7.86 ක ප්‍රදානවලට සාපේක්ෂව සියයට 14.6ක අඩුවීමකි.