- විදෙස් ආයෝජකයන් රු.බි. 40.6ක කොටස් මිලදී ගනිද්දී, රු.බි. 109.4 ක කොටස් අලෙවි කරලා
- අගෝස්තුවේදී පමණක් රු. බි. 19.46ක විදෙස් ආයෝජන ඉවත් කරගෙන
2025 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2026 සැප්තැම්බර් දක්වා ගත වූ මාස 12ක කාලය තුළදී විදෙස් ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුව තුළ ශුද්ධ අලෙවිකරුවන් බවට පත්ව තිබෙන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙහිදී අදාළ කාලසීමාවේදී විදෙස් ආයෝජකයන් රුපියල් බිලියන 40.6ක කොටස් මිලදී ගනිද්දී, රුපියල් බිලියන 109.4 ක කොටස් අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම මාස 12ක කාලය තුළ සිදුව ඇති ශුද්ධ විදෙස් ආයෝජන පිටතට ගලායෑම් රුපියල් බිලියන 68.83 ක් ලෙස සටහන් වන බව කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සඳහන් කරයි.
මෙම දත්ත අනුව 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ සිදුව ඇති ශුද්ධ විදෙස් ආයෝජන පිටතට ගලායෑම් වටිනාකම රුපියල් බිලියන 57.3 ක් ලෙස සටහන්ව තිබේ.
එහිදී අගෝස්තු මාසය තුළ පමණක් වාර්තාගත ලෙස රුපියල් බිලියන 19.46ක විදෙස් ආයෝජන ඉවත් කරගැනීමක් සිදුව තිබේ.
මේ අතර 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 5.49 ක් ලෙස පැවැති දෛනික වෙළෙඳපොළ පිරිවැටුමේ සාමාන්ය 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ රුපියල් බිලියන 3.70ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
ඒ අනුව මෙම තත්වය කොළඹ කොටස් හුවමාරුවේ විදෙස් ආයෝජන අලෙවි කිරීමේ ප්රවණතාවත් සමගින්ම ඇතිව තිබෙන දුර්වල වෙළෙඳපොළ ක්රියාකාරකම් පිළිබිඹු කරන බවත් SenFin Securities වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd