මුල් මාස නවයේ එම අපනයන ආදායම ඩොලර් මිලියන 1,241ක් 


මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (IT/BPO)  ක්ෂේත්‍රය හරහා ලැබුණු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 123.81 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

ඒ අනුව මෙය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 153.18ට සාපේක්ෂව සියයට 19.15 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 

මේ අතර වසරේ මුල් මාස නවය තුළදී IT/BPO ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,240.67 කි. එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 1,196.55ට සාපේක්ෂව සියයට 3.69 ක වර්ධනයකි. 

මෙම ඩොලර් මිලියන 1,241 ක ආදායමත් සමගින්ම වසර තුළ තෙවැනියට වැඩිම අපනයන ආදායමක් හිමි ක්ෂේත්‍රය ලෙස මෙම  IT/BPO  හඳුනාගෙන තිබේ. 

පළමු තැන පසුවන ඇගලු‍ම් හා රෙදිපිළි හරහා ඩොලර් මිලියන 3,784ක්ද, දෙවැනි තැන පසුවන ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා හරහා ඩොලර් මිලියන 1,502ක්ද ලැබී තිබේ.