• සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඩොලර් මිලියන 24ක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ඇතුළත් සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලෙන් ඩොලර් මිලියන 30ක ණයක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි රජය පවසයි. 

එහිදී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඩොලර් මිලියන 24කින් සහ විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 6කින් එම ණය සමන්විත වෙයි. 

රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම වෙනුවෙන් වන වර්ධනය, ඔරොත්ත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා මෙම සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. 

විශේෂයෙන්ම රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිමය කැපවීම පිළිබඳව ධනාත්මක ඇගයිමකින් පසුව එම අරමුදල මෙම ණය මුදල ලබාදිමට එකඟවී තිබුණි. එම ණය පහසුකම, සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ ලෝක බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය ආධාරයට සමගාමිව ලබාදිමට නියමිතව ඇත.