අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනවිත් මුදල් ඉල්ලාගෙන ගියා පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර්තා විය.
ඇති හැකි යමක් කමක් ඇති පවුලකි. පියාගේ ඇවෑමෙන් ගෙදර කටයුතු භාර වී ඇත්තේ එකම පුතුටය. දෙදරු පියකුද වන මේ පුතා කුණු ලෝබයකු බව ප්රකට කතාවකි
ඉකුත් දිනක මේ පුත්රයා ගමේ වෙළඳසලකට ගොස් මේ ඇත්තට කන්න දෙන්නත් එපායැ ඔය කුකුළු මස් පන්සීයක් දෙන්නයි ඉල්ලීය.
එහි වටිනාකම ද කේවල් කර ගෙවීමෙන් අනතුරුව ඔහු නිවස කරා ගියේය.
විනාඩි දහයක් වත් ගත වුණේ නැත. ඔහු හති හලමින් නැවත වෙළඳසලට පැමිණියේ ය.
“අනේ මම කුකුළුමස් අරන් යන වෙලාවේ අම්මා මාළු අරගෙන උයනවා ඒක හින්ද මේක අරගෙන සල්ලි මට ආපහු දෙන්නැ”යි ඔහු ඉල්ලීය.
වෙළෙඳසල් හිමියා මුදල ඔහු අත තබා යළිත් තම කඩයට නොඑන ලෙසට කාරුණිකව ආයාචනා කිරීමෙන් පසු ඔහු පිටව ගියේ කිසිවක් නොදොඩාමය.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd