(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
ගුටි කෙළියකින් පසු රෝහල්ගත වී ඇඳන් දෙකකට වී දෙදෙනාම එකට එක්ව තමන්ගේ සිරුරේ මකුණන් කන බව පවසා රෝහල් සේවකයන්ට බැණ වැදුණු රාජ්‍ය සේවක මිතුරන් දෙදනකු පිළිබඳ පුවතක් දඹුල්ල රෝහලෙන් වාර්තා විය.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීවා රාත්‍රී සේවය කරන එක්තරා රාජ්‍ය ආයතනයක සේවකයන් පිරිසක් පසුගියදා එක්ව මත්පැන් සාදයක් පවත්වා තිබේ. එහිදී සේවකයන් දෙදෙනකු අතර බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් දෙදෙනා අතර ගුටි හුවමාරුවක් පැයකට වැඩි කාලයක් පැවැති අතර දෙදෙනාටම තුවාල සිදුවී ඇත්තේ පහර පිට පහර ගුටි හුවමාරුව නිසාය.
අනෙකුත් සේවකයන් එක්ව මෙම දෙදෙනා රෝහලට ඇතුළත් කොට ඇත්තේ සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ලබාදීම සඳහාය.
පහර දීමකින් දෙදෙනකු රෝහල් ගත කළ බව රෝහල බාර හෙද නිලධාරීන් දඹුල්ල රෝහලේ පිහිටි පොලිස් ඒකකයට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් මෙම රාජ්‍ය සේවකයන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා එම අවස්ථාවේම වාට්ටුවට පැමිණ ඇත. එහෙත් සිදුවූයේ කුමක්ද යන්න දෙදෙනාටම කතාකර ගැනීමට හෝ නොහැකි තරමට වෙරි මතින් සිටි බව පොලිසිය කියයි.
දෙදෙනාම එක ළඟ ඇඳන් දෙකක දමා තිබෙන අතර පොලිසිය දැඩි උත්සාහයක් ගත්තද දෙදෙනාම කියන කරන දේ වටහා ගැනීමටවත් නොහැකි තත්ත්වයක පසු වීම නිසා පොලිස් නිලධාරින් නැවතත් රෝහල් පොලිසිය වෙත පිටව ගොස් තිබේ.
මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී මෙම දෙදෙනාම එක්ව රෝහලේ ඇඳේ සිටින මකුණන් කන බව පවසා රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැණ වැදී රෝහල තුළ කෑකෝ ගසන බව නැවතත් රෝහල් සේවකයන් පොලිසියට දැනුම් දී තිබේ.
පොලිස් නිලධාරීන් එම අවස්ථාවේම වාට්ටුව තුළට යද්දි ගුටි ඇන ගෙන රෝහල් ගත කළ දෙදෙනා එකට එක්ව රෝහල් සේවකයන්ට බැණ වදින අයුරු දැක දෙදෙනාටම අවවාද කොට තිබේ.
මෙම ගැටුම පසුදා උදේම ඔවුහු සමථයට පත් කර ගත්හ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුටි කෙළගෙන රෝහලට ආ දෙදෙනා හෙදියන්ට බැණ යාළුවෙලා
de silva Wednesday, 10 June 2020 07:09 AM
රජයේ රෝහල්වල සනීපාරක්ෂාව සහ පිරිසිදුකම ගැන නම් කතා කරලා වැඩක් නැහැ...