IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කුණු වතුර

කෙටිකතාව

"හැම විෂකට ම ප්‍රතිවිෂක් තියෙනවා"  මැක්බ්‍රයිඩ් දාර්ශනික ලෙස දෙපා පළල් කරමින් කීවා.කිසියම් විශේෂිත දෙයක් ඔහුගේ සිතේ වැඩ කරන බව පෙනෙන්නට තිබුණා.

මා ඒ දිවයිනට ආයේ එදා උදයේ. ආ වහාම මා දුටුවේ තරමක් දුක්මුසු, කරන්නට කිසිවක් නැති දසුනක්. ස්වදේශිකයකු හෝ දෙමුහුන් කියා හඳුනා ගත් පසු රැහෙන් නෙරපන ලද මිනිසකුගේ මිහිදනක් වහා අවසන් කැරුණා. ඔවුන් ඔහු වළලෑවේ පමා සැඳෑවේ. මට නම් එය වාසනාව ගෙන ආවක්. මන්ද මට එනිසා බොහෝ දෙනා හමුවන්නට හැකි වූ හෙයින් සහ එනයින් මට විශාල වශයෙන් කාලය ඉතිරි කර ගන්නට අවස්ථාව ලැබුණ හෙයින්. එවිට මා ජනපදයේ වෙළෙන්දා වන මැක්බ්‍රයිඩ්ගේ ආලින්දයේ, මැක්බ්‍රයිඩ් සහ ටෙලිග්‍රාෆ් භාරව සිටි කීනි සමඟ, රතු ගම්මිරිස් සහ අයිස්වලින් සාදන ලද පරදේසක්කාර සමක බීම වර්ගයකින් සප්පායම් වෙමින් ඉහළින් නෙරළු පත් කොඳුරන හඬට සවන් දෙමින් සිටිනවා. වරින්වර ඒ ප්‍රසන්න හඬ වෙනත් ශබ්ද විසින් බාධා කරනු ලබනවා. ඒ අතරින් සිත වියවුල් ඇති කළ ප්‍රසන්නතාවෙන් අඩුම වූ ශබ්ද නිකුත් කරන ලද්දේ මිනිසුන් විසින්. ඒ ශබ්ද ආයේ මිනීමරුවකු එල්ලන්නට ගෙන යන මිනිසුන් වෙතින්.

අපට කිසිවක් මග හැරේ යැයි බියෙන් තොරව නිශ්ශබ්දව හිඳ සිටිය හැකි වුණා. එය වුණේ එපරිදියි.  කාලය පැමිණි විට මේ නිවෙස ඉදිරිපිටින් ඔහු ගෙන යනු ඇති අතර, මැක්බ්‍රයිඩ්ගේ කාරුණික ආරාධනයට ස්තූතිවන්ත වන්නට අපට විවේකීව ඔහු නැරඹිය හැකි වනු ඇති.

මැක්බ්‍රයිඩ් නඩු විභාගයට සහභාගී වූ අතර තවමත් එයින් ඔහුගේ සිත පිරී තිබුණා. මිනීමරුවා, කිසියම් ලුවිස් කෙනෙක්, විස්මයජනක ලෙස සන්සුන් හා සාධාරණ මිනිසෙක්, දෙමුහුන් නමුත් කළු පැහැයට වඩා සුදු පැහැයට බර ඡවි වර්ණයක් ඇති, කෙනෙක් බව ඔහු පැවසුවා. ප්‍රත්‍යක්‍ෂ ලෙස ම මැක්බ්‍රයිඩ්ට ඔහු ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලි අවබෝධයක් තිබුණේ නෑ.

එදින උදෑසන තවත් භූමදානයක් සිදු කැර තිබුණා. ප්‍රජාවගේ සහභාගීත්වයෙන් තොරව, හැකි තරම් අඩු අවධානයක් ආකර්ෂණය කර ගැනීමේ අපේක්ෂාවෙන් ස්මිත්ගේ ස්ථානයේ හෝ කැප කැරුනු භූමියක හෝ නොව, ඔවුන් කඩිමුඩියේ වළලනු ලැබූ කාන්තාවක්. ඇය පැපුවාන් ජාතික අටුවා ලුවිස්. එල්ලා මැරීමට ඔවුන් රැගෙන යමින් සිටි ලුවිස් ඇගේ සැමියා සහ ඇගේ මිනීමරුවායි. අටුවා ලුවිස් සහ වෘද්ධ ෆැටි ස්මිත් අනනුසාරී තත්ව තුළ එකවර තමන්ගේ අරමුණු සපුරා ගත් නමුත් ඝාතනය ඊර්ෂ්‍යාවේ අපරාධයක් වූයේ නෑ. මැක්බ්‍රයිඩ් නැගී සිට ඉස්තෝප්පුවේ කෙළවර ගරාදිය වෙත ගොස් සවන් දෙමින් සිටියා. එය බොහෝ කටහඬ එකිනෙක මිශ්‍ර වී විස්තාරණයෙන් ගලා ආවක් නොව, සියල්ලන්ගේ සාමුහික හඬක් ලෙස ඒක නින්නාද වී නැඟී ආවක්: ජනතා හඬ. වෙළෙන්දා තම විලාවේ කෙළවර වියළි දෙල් කඳකින් නිමැ වූ කණුව මුලට කෙළ ගසා ආපසු පැමිණ, සිය උරිස දක්වා හිස නමා, ‘යුක්තියේ හඬ’යි කීවා.

ඒ වනවිටත් අඳුර වැටිලා. මා සිතුවා ඔහු නැවත හිඳ ගන්නා විට ඔහුගේ මුහුණ සුදුමැලි ව තිබිණි’යි.

ඉනික්බිති ඔහු කතාව කීවා.

මැක්බ්‍රයිට්ට අනුව මේ ලුවිස් සමඟ වාසනාව වූ කාලයක් තිබුණා.

මේ දිවයිනට එන්නට පෙර ඔහු සිටියේ කොහිද’යි කිසිවකු දැන සිටියේ නෑ. නැත්නම් ඔවුන්ට එය අමතක වෙලා. නිරක්‍ෂ වරායයන් අතරින් එකක දී මනුෂ්‍යත්වය අමුද්‍රව්‍යයකට සමාන ලෙස ගැනෙනවා විය හැකියි. තරගයට ආවොත් ඝාතනය කරනවා, නැත්නම් ඔහේ තියෙනවා. ලුවිස් වෙහෙසට පත් ව සිටි බවක් පෙනෙන්නට තිබුණේ නෑ. ඔහු නොමේරූ බවක් පෙන්නුම් කළා. ඔහු එලෙස නොමේරූ නම්, අකපට නම් මේ වපසරියේ දවසැරියේ කෙසේද’යි ඔබට සිතා ගන්නට පුළුවන්.

ඔහු සතුව තරමක මූලධනයක් තිබුණා. එයින් ඔහු කුඩා පරිමාණයෙන් මුතු වෙළෙඳාමක් පවත්වා ගෙන ගියා. ස්වදේශිකයන් අතර ජීවනෝපාය සලසා ගැනීම මේ ප්‍රදේශයේ එතරම් අපහසු වූයේ නෑ. සූදු තරගකාරීත්වය තරමක් තදයි. එහෙත් ආරම්භයේ දී කොලනිය සපුරා විනීත ලෙස ඔහුට සැලකුවා. අර්ධ ස්වදේශිකයකු වුවත් ඔහුට නැවතුම් පොලේ සිටි ස්වදේශිකයන් සමග පොකර් ක්‍රීඩා කරන්නටත් එමගින් සිය මුදල් ඔවුන්ට දන් දෙන්නටත් ඉඩ ලැබුණා. මන්දයත් ඔහු ස්වභාවයෙන් ම නොදිනූ හෙයින්. ඔහුගේ බුද්ධිය වැටී තිබුණේ ඊට පහළින්. කාඩ් අත අනද්දී ඔහුගේ ලා නිල් පැහැ නිය ඔවුන් නොසලකා හැරියා, ඔවුන් තියුණු ලෙස බලා සිටියේ කොල කුට්ටම දෙසයි. ලුවිස් එයාකාර සමෝධානයකට කැමැතිව සිටි අතර ගැටුම් ඇති කැර ගත්තේ නෑ.

එහෙත් ව්‍යාපාරික කටයුතුවල දී ඔහුට සුදු මෝරුන්ගෙන් එකෙකු හා පැටලෙන්නට සිදු වුණා. ඒත් එක්කම වාගේ ඔහුගේ පෙලපත පිළිබඳ තැන තැන කඩපිල් ගානේ මිනිසුන්ගේ සංවාදවල දී අහම්බෙන් වාගේ මතු වුණා. ඔහු ආ ගිය තැනක් විණි නම් එතැන නිහඬතාව ඈත කැලෑවටත් දැනෙන තරම් වූවා. හදිසියේ ම ඔහුට විස්කිවලට වැඩිපුර ගෙවන්නට සිදු වුණා. ඔහුගේ අතට කාඩ් කුට්ටම ආයේ නැති අතර ඔහුගේ නියවල ලා නිල් පැහැය ඔවුන්ගේ නෙත් පැහැර ගත්තා. ඉන්පසු ඔහුට විස්කි විකිණුනේ ම නෑ. තමාගේ වෙළෙඳසලේ එකලාව හිඳ තමා ඉතිරි කළ යමක් විණි නම් එය කා දැමීම කෙනෙකුට අසීරු කටයුත්තක්. ලුවිස්ට එය කරන්නට සිදු වුණා. ඔහු කළේ එයයි.

ඔහු ගැන සිත් ඇද ගන්නාසුලු කතාව වූයේ - ඇත්තට ම නම් එය සාමාන්‍ය සහ පොදු දෙයක් - ඔහු විවාපත් වූ බවයි. වෙනත් ආකාරයකින් කියනවා නම් ඔහු තැන්පත් වන්නට පියවර ගත් බවයි. ඔහු රසය අනුව විවිධාකාරයෙන් විනිශ්චය කැරෙන, අප නම් මේ ලෝක ගෝලයේ අනෙක් පස වෙසෙනා සුදු ගැහැනුන් හා සසඳන විට අහලකින්වත් කියන්නට බැරි ය’යි සිතන  සිහිනිඟැති කහ රන් ඡවි වර්ණයෙන් යුත් ස්වදේශීය කතුන් අතරින් එකියක් තෝරා ගත්තා. ලුවිස් සිය කහ රන් අටුවා පසෙකින් ඇති ව පූජක තැන ඉදිරියේ පෙනී සිට මුවින් පයිප්පය ඉවත් කරන ලෙස ඇයට අණ කොට ඒ පළාතේ චාරිත්‍රානුතූලව තමන් සරණ බන්ධනයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඉනික්බිති හේ ජනපදයේ දසුනින් බැහැර වුණා. ඊළඟ වතාවේ ඔවුන් ඔහු ගැන යමක් ඇසුවා, අප්‍රසන්න දෙයක්.

ඉනික්බිති හේ ජනපදයේ දසුනින් බැහැර වුණා. ඊළඟ වතාවේ ඔවුන් ඔහු ගැන යමක් ඇසුවා, අප්‍රසන්න දෙයක්.

ජනපදයේ ස්මිත් නම් වෙළෙන්දෙක් සිටියා. සාමාන්‍ය මහත කෙනෙක්, වෙළෙන්දකුගේ ස්වභාවයට තරමට වඩා හොඳ පැවසෙන පරිදි වෙළඳාම් වැඩවලට ආධුනිකයෙක්. පැපුවා කතුන් පිළිබඳව ඔහු වැඩි උනන්දුවක් පෙන්වූයේ එනිසා වන්නට ඇති. පිරිමින්ගේ සමාගමයේ දී ඔහු නිතරම හඬ නගා කීවේ කහ කතුන් ආදර සබඳතාවල දී සුදු අයට වඩා හොඳ බවයි; වටොරට වඩා ඍජු උකුළ මනා බවයි. එම ස්මිත් ම ලුවිස් සමග එක්ව විස්කි වීදරුවක් තොළ ගාමින් සාකච්ඡාවේ යෙදෙමින් සිටිනු දැකිය හැකි වුණා. ස්මිත් නොදැනුවත්ව සිටියා නොවෙයි. ඉතා සරල වචන කිහිපයක් පමණක් කතා කළ නමුත්, ලුවිස් සමඟ ඇති සම්බන්ධයට ව්‍යාපාර කටයුතුවල කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තමාගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් අවශ්‍ය නොවන බවත් ඔහු විරෝධය පළ කළා. ඉන්පසු ඔවුන්ගේ සාකච්ඡා පැවැත්වුණේ ලුවිස්ගේ පැලේ දීයි. ලුවිස් එහි නැති අවස්ථාවලත් ස්මිත් එතුළ දීර්ඝ සාකච්ඡාවල යෙදෙමින් සිටි බව සමස්ත කොලනිය ම කියන්නට පටන් ගත්තා. ඔහු එහි සිටියා බොහෝ වැඩි වේලා.

ලුවිස් මේ කාලයේ බීමතින් එහා මෙහා යන අයුරු නිතර දැකගත හැකි වුණා. ඔහු දිවයිනේ අභ්‍යන්තරයට දිගු විනෝද චාරිකාවල යෙදුණා. ඇවිදීම ස්නායු ස්ථාවර කිරීමට හොඳම ඖෂධයයි.

ඊයේ, ස්මිත් සමඟ මුලින්ම දැකීමෙන් සති තුනකට පසු, ලුවිස් හිමිදිරියේ, උණ බම්බු මුගුරකින් ස්මිත් මරා දැමූ අතර සිය කහ රන් අටුවාට ද එයම කළා.

ඔන්න ඔහොමයි වුණේ. නඩු විභාගයක් නොමැතිව වුවත් සියල්ල විවෘත වුණා. චේතනාව එහි තිබුණා. එය ස්මිත්ගේ පැත්තෙන් කාමමිථ්‍යාචාරයේ යෙදීම නිසා සිදුවූ සහ ලුවිස්ගේ පාර්ශ්වයෙන් ඊර්ෂ්‍යාව නිසා සිදු කැරුණු මිනීමැරුමක්. ඒත් උසාවියේ දී ලුවිස්ගේ හැසිරීම ඒ සියල්ල නිශේධ කළ අතර අතර කතාව සාමාන්‍ය නොවන දෙයක් බවට පත් කළා.

ලුවිස් ඊර්ෂ්‍යාව පිළිබඳ කිසිදු හැඟීමක් වූ බව ප්‍රතික්ෂේප කළා. තමා ලුවිස් මහත්මියට ස්මිත් සමඟ තනි වන්නට ඉඩ හළ බවත් ඔවුන්ට පෝකර් ක්‍රීඩා කරන්නට නොහැකි බවත් ඔහු පිළිගත්තා. තමා ස්මිත්ගෙන් මුදල් ද ලබාගෙන ඇති අතර, ස්මිත්ගේ මරණය අවාසනාවන්ත අනතුරක් බව ලුවිස් දැඩි ලෙස එකහෙලා ප්‍රකාශ කළ විට උසාවිය පුදුමයට පත් වුණා.

‘මට මොනවද කරන්න පුළුවන් ස්මිත්ට?‘ ලුවිස් ඇසුවා. ‘එයා මට සල්ලි ටිකක් දුන්න. මං ඒව ආපහු ගෙව්ව එයාට ඕන වුන විධියට. අපි දෙන්නා අතර හැම දෙයක් ම පිළිවෙලකට තිබුණා. මං විස්වාස කරනවා අපි දෙන්න එකේක්කෙනා ගැන සම්පූර්ණයෙන් ම සෑහීමට පත්වෙලයි හිටියෙ කියල. මං ඇත්තටම බොහොම කණගාටු වෙනව එයා මේ හදිසි අනතුරේ වින්දිතයෙක් වීම ගැන.’ ඒත් ස්මිත් මැරිලා. සහ ලුවිස් පොලුපාර දීලා. උණ බම්බු කෑල්ලකින්, බාහුවක් තරම් ගනකම.

ඒත් ලුවිස්, ස්මිත් මරන්නට හිටියේ නෑ. එහෙම ඕනකමක් තිවුණේ නෑ. ලුවිස්ට අනුව ඔහුට මරන්නට වුවමනා වූයේ සිය බිරිඳ. අටුවා ලුවිස් සහ ස්මිත් (දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔහු ගැන නපුරක් නොකියන්න!) තමන්ගේ යහන්ගත වීමේ එච්චරම අපාසුව දනවන ඉරියව්වකින් සිටීම නිසා ලුවිස්ට සිය බිරිඳ වෙතට සමීප වන්නට ස්මිත්ට පහර දීමට සිදුවුණා. ලුවිස්ට සුනංගු වන්නට ඉඩක් තිබුණා නම් සිය බිරිඳට උණ බම්බුවෙන් නෙළන්නට ඉඩ හරින්න ය’යි වැඩි කලබලයක් නැති ව, ආචාරශීලී ව ස්මිත්ගෙන් ඉල්ලා සිටිනවා නිසැකයි. ඒත් ඔහුට වේලාවක් තිබුණේ නෑ, මන්ද, ඔහු ඉතා කෝපයෙන් සිටි නිසා. බිරිඳ සමග තිබුණු ගනුදෙනුව බෙරා ගන්නට ඔහු එක් වරම ක්‍රියාත්මක ඉරියව්වට ආවා. ඒ නිසා ස්මිත් එක්කලා අඩු වැඩි වශයෙන් විස්තෘත විනීතාචාරවලට අනුව වැඩ කරන්නට ඔහුට වේලාවක් තිබුණේ නෑ. ඔහුගේ කේන්තියට හේතුව ඉරිසියාව නොවෙයි. එයට සිය කුටියෙන් පිටත හිඳ පැයක් වේලා කල් මැරීම කළ නොහැක්කක්. හේතුව, ලුවිස් පුන පුනා චිත්ත පීඩාවට පත්කළ එකම හේතුව, අටුවාගේ අයහපත් ගෘහ පාලනයයි. ඇයි නොසැලකිල්ල? කොරේ පිටට මරේ වාගේ ඒකත් තිබුණා.

සම්පූර්ණ කතාව ම කියනවා නම් මෙන්න මෙහෙමයි:

ලුවිස් රට ඇතුළත පෙදෙසකට විනෝද ගමනක් ගොස් වේලාසනින් ආපසු අවුත් පැලේ පිටත හිඳගන්නා විට ස්මිත් ඔහුගේ බිරිඳ සමග යහන්ගත වෙලා හිටියාලු. මලානික සඳ එළියේ ඔහු සහල්වලින් නිපැයූ බ්‍රැන්ඩි වඩි කිහියක් ගිල දැම්මා නිදිිමත ළඟා කැර ගනු පිණිස. ඔහු පිළි ගත්තා, ස්මිත් තවමත් පිටව නොගිය බව දැන ගැනීම නිසා ඔහු නොඉවසිල්ලට පත් වූ බව. මන්ද බ්‍රැන්ඩි වැඩි පුර බොත්ම ඔහුට වැඩි වැඩියෙන් නිදිමත ඇති වූ හෙයින්. ඔහුට නිදිමත හිසෙන් පලවා හරින්නට වුවමනා වුණා. -ඒ තමා කලහයට තුඩු දුන් මූඛ්‍ය කාරණාව. මන්ද ඔහුගේ ක්‍රියාව යුක්තියුක්ත කළේ සත්‍යය ලෙස ඔහු ඉදිරිපත් කළ මේ ප්‍රකාශයෙනුයි.- ඒ නිසා ඔහුට වෙහෙස පලවා හරින්නට දිය පානය කරන්නට වුවමනා වුණා. කෙසේ වෙතත්, පැමිණිල්ල කියා සිටියේ ඔහුට අවශ්‍ය වූයේ මත පහව යාමට තමාගේ හිස දියේ ගිල්වා ගැනීමට පමණක් බවයි. ඇත්ත වශයෙන්ම ඔහුට ජලයත් එක්ක අවුලක් තිබුණා නම්.
පානීය ජලය එකම බඳුනේ දිගු කලක් තිබුණා නම් විෂ බීජ එහි වැඩෙන්නට ඉඩ තිබුණා‘ යි ඔවුන් කීවා.

තමන් ඒ දිය පානය පවා කැර තිබූ බව ලුවිස් දැඩිව කියා සිටියා. නැත්නම් අඩු තරමින් බොන්නට සිතා සිටිය බව වත්. ප්‍රධානතම කාරණය වූයේ තමා බාල්දියේ තිබී අපවිත්‍ර දෑ සොයා ගත් බවයි. බාල්දිය මැනැවින් අතුල්ලා සෝදා තිබුණේ නෑ. එසේ කරන්නට පැවරිලා තිබුණේ සිය බිරිඳට. එය එදිනෙදා ගෙදර වැඩවල ම කොටසක්. දිය ගෙන ඒම ඇයගේ කාරියක්. අවම ප්‍රමාණයෙන් හෝ ඇය එය කරනු ඇතැයි බලාපොරොත්තු වුණා. කොහොම වුණත් ඇය නිතර නිතර එය නොසලකා හැරියා. ඒත් ඩියුටිය කියන්නේ ඩියුටිය. ඒකෙන් වුණේ ලුවිස්ට නොසේදූ බාල්දියේ තිබී ජරා වතුර ලැබීමයි. ඒ වාගේ දෙයක් බිරිඳගෙන් ලැබෙයි කියා හිතන කෙනෙක් නොවෙයි ඔහු. ඉතින් ඔහු වේගයෙන් ගොස් උන බම්බු මුගුර ගෙන අවුත් පහර දී බිරිඳ මැරුවා. අවාසනාවන්ත ලෙස ස්මිත් ද. අනපේක්‍ෂිත ලෙස ඔහු ගේහසිත ගැටුමකට මැදි වූ හෙයින්.
ලුවිස් කුණු වතුර බොනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුයි. ඔහු කියන්නට උත්සාහ කළ දේ එයයි. තමාට දිය ඇවැසි වුණේ බොන්නට මිස දෝවනය සඳහා නොවේ, එයයි ඔහු ඉදිරිපත් කළ කාරණයේ පදනම වූයේ. ඔවුන් ඒ කරණය අරබයා තර්ක කළා දිගින් දිගට ම දිය බොන්නට ද? සෝදා පවිත්‍ර වන්නට ද? විනිසුරු තීන්දු කළා වෙනස වැදගත් නොවේ ය කියා. ලුවිස් එල්ලන්නට ගෙන ගියත් ඔහුගේ පාර්ශ්වයෙන් කියැවුණු දෙය අවබෝධ කැර ගන්නට අපහසු වුණා.

මෙය මැක්බ්‍රයිඩ්ගේ කතාව වූ අතර ඔහු පෙර යුක්තියේ හඬ ලෙසින් හැඳින්වූ කෑගැසීම ළං වන විට යන්තම් අවසන් කළා පමණයි. මිමෝසා ගස් අතර නොසන්සුන් මැර පිරිසක් වූවා. ඔවුන් මිනීමරුවා රැගෙන ආවා.

ඔහු හඬ තලන ස්වදේශිකයන් මැද ගමන් කළේ අතර, තරමක් වෙිගයෙන් ගියේ ඔවුන් තමා ඇදගෙන යාම වළක් වන්නට විය හැකියි. ඔහුට වටකුරු, විවෘත මුහුණක් තිබූ අතර, පසුකර යන විට, ඔහු අප දෙස සන්සුන් කෙටි බැල්මක් හෙළුවා. මා ඒ පෙදෙසට නවකයකු වූයෙන් එසැණ වෙව්ලිල්ලක් මගේ ඇට මිදුලු හරහා ගියා.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ
Bertolt Brecht - Bad Water
කෙටිකතාවෙි සිංහල පරිවර්තනය - එස්. නන්දලාල් විසිනි.



අදහස් (0)

කුණු වතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 432 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 466 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 157 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 490 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 686 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


අඹුසැමියෝ
2025 මාර්තු මස 18 911 2

මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 880 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site