IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මඟුල

කෙටිකතා

 

කෙසේ වෙතත් මංගල්‍යයට දෙපාර්ශවයෙන් ම කැමැත්ත ලැබිණ. ඊ ළඟ සති අන්තයේ ම සුරංගත්, වත්සලාත් නැකැත් බැලීම සඳහා පිටත්ව ගියේ එවැනි කටයුත්තක් පවා මවුපියන් වෙතින් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

“මේ දිනේ නොගත්තොත් තව අවුරුදු දෙකකින් තමයි නැකතක් එන්නෙ.”

සරණ හාමුදුරුවෝ කීවේ හිස සලමිනි.

“තව මාස දෙකයිනෙ…!”

සුරංගට එක්වර ම කියවිණ.

“එහෙම තමයි මහත්තයො නැකැත් යෙදෙන්නෙ. අපිට ඕනෙ ඕනෙ වෙලාවට මේව බැහැ. ග්‍රහ චක්කරේ බොහෝම බලගතු එකක්. සෙල්ලම් කරන්න බැහැ හිතුමනාපෙට.”

“කමක් නැහැ හාමුදුරුවනේ ඒ දිනේ ගන්න.”

වත්සලා සුරංගට පෙරටුව කීවේ සිතේ ඇති වූ බියෙනි.

“තදබල අපල නැහැ. පොඩි දෙයක් තියෙනවා. ඒකට පිළියමක් කරන්න ලබන සෙනසුරාදා හවස හයට මෙහෙට එන්න.”

සරණ හාමුදුරුවෝ කීවේ නැකැත් කොළය දෙදෙනාගේ ම දෑතට පිළිගන්වමිනි.

“මට තියෙනෙ ප්‍රශ්නෙ මෙච්චර ඉක්මනට ලෝන් එක ගන්නෙ කොහොමද කියල.”

සුරංග එන ගමනේ දී කීවේ ය.

“මං කොච්චර කීව ද කලින් ම ඇප්ලයි කරන්න කියල. මට නම් ලබන සතියෙ සල්ලි ගන්න පුළුවනි.”

“කීයක් ද?”

“ලක්ෂ දොළහ ම දුන්නා.”

“දෙන්නගෙම සල්ලි දාල එක දවසක වෙඩින් එකයි, හෝම් කමින් එකයි ගමු. මගෙ සල්ලි ගන්න පරක්කු වෙන නිසා ඔයාගෙ සල්ලිවලින් ඇඩ්වාන්ස් ටික කරමු. මටත් පහළොවක් විතර ගන්න පුළුවනි.”

සුරංග යතුරු පැදිය ප්‍රධාන මාර්ගයෙන් අතුරු පාරකට හරවමින් කීවේ ය.

“මේ කොහෙද යන්නෙ?”

මේ පාරෙ මගෙ යාළුවෙක් ඉන්නවා ෆාම් එකක් කරන. ඌවත් මුණගැහිලම යමු.”

යතුරුපැදිය පැරණි නිවෙසක් ඉදිරියේ නතර ඔවුන් එයින් බැස කෙළින් ම ගියේ නිවසේ පිටුපස වූ සත්ව ගොවිපළ වෙත ය.

“සෙනේෂ් ජනවාරි නමවැනිදා හවසට චිකන් කිලෝ පනහක් ඕනෙ. හැබැයි එවෙලෙම මරල ෆ්‍රෙෂ් පිට ඕනෙ.”

සුරංග මිතුරාට කීවේ ය.

“මොකද මඟුලක්වත් කන්න ද?”

“ඔව්නේ, 10 වෙඩින් එක. හෝල් එකක ගන්නවා. මේක බයිට් එකට බං.”

කුකුළු ගඳ නිසා වත්සලා නාසය වසාගත්තා ය.

“හරි හරි ඕනෙ නම් ගෙදරට ගෙනල්ල ම මරල දෙන්නම්.”

සෙනේෂ් කීවේ අසල වූ කිකිළියකට පා පහරක් ගසමිනි.

“උඹ ෆුට් බෝල් ගහන්නෙත් කුකුළන්ගෙන් ද?

මිතුරෝ දෙදෙනා ම මහ හඬින් සිනාසුණහ.

සුරංග වත්සලාත් රැගෙන යතුරුපැදිය නැවත ප්‍රධාන මාර්ගයට හැරවීය.

“තව තැනක් තියෙනවා. ගිහිල්ල ම කියන්නම්.”

“කොහෙද කියන්න.”

වත්සලා පෙරැත්ත කරන්නට වූවා ය.

“ඕකනෙ ඉතින්… පුංචිලගෙ ගෙදර. පුංචියි බාප්පයි දෙන්නම සුරාබදු එකේ ඉන්නෙ. ලිකර් ටික නිකං වගේ ගන්න පුළුවන් වෙයි.”

යතුරුපැදිය එකවර නතර කළේ නවීන පන්නයේ සුවිසල් නිවෙසක් ඉදිරිපිට ය.

“මේ ගේ ම ජරාව තමයි.”

සුරංග වත්සලාගේ කනට කර කීවේ ය.

“ජරාව කිව්වෙ පගාව ද?”

“ඔව්.”

වත්සලාගේ දෑස් විසල් නිවසේ හැම තැනක ම ඇලෙන්නට විය.

“පුතාට කොච්චර ඕනෙ වෙනව ද?”

පුංචි අම්මා ඇසුවේ දරුවකු සීනි බෝල ඉල්ලුවාක් වැනි සරල හැඟීමෙනි.

“බියර් සීයයි. අනෙක්ව සීයයි.”

“ඇති වෙයි ද පුතා?”

ඇති වෙයි පුංචි. දෙපැත්තෙන් ම පන්සීයක් වගේනෙ.”

“හරි. ඒව ඔක්කොම මං ගානෙ. ඔයාල පදිංචි වෙන්නෙ?”

“කොළඹින් ම ඇනෙක්ස් එකක් ගන්නවා.”

සුරංග කීවේ ඉතිරෙන සතුටු සිතිනි. පුංචි අම්මාගේ දෙපා වැඳ සමුගත් දෙදෙනා ඊළඟට  ගොඩවූයේ නවීන රූපලාවන්‍යාගාරයක් වෙත ය.

“වත්සලා, ඔය දෙන්නගෙයි, යාළුවො දහදෙනාගෙයි ඔක්කොම ඇඳුම් ඔයාලගෙ මෙෂර්මන්ට්වලට අලුතින් ම මහලා අන්දන්නයි, එතකොට උඹලා සිලෙක්ට් කරපු ඇල්බම් එකයි ඔක්කොටම ලක්ෂ හතරක් ගන්නම්. මේක පැකේජ් එකක්. උඹ නිසා පනහක් අඩු කරලයි මේ. හැබැයි මචෝ ඇඳුම් ඔක්කොම ආපහු ගන්නවා.”

සුරංගගේ මුහුණ අඳුරු වෙනු වත්සලා දුටුවා ය. නමුත් තම යෙහෙළිය තමාට බොරුවක් වංචාවක් නොකරන බව දන්නා වත්සලා ඊට එකඟ වූවා ය.

“ඒ ගෑනි අද ම අපිව ඇන්දුව ද මන්දා…”

ආපහු එන ගමනේ දී සුරංග තම නොසතුට ප්‍රකාශ කළේ එලෙසිනි.

“ඕකනෙ කියන්නෙ. වෙන මොනව තිබුණත් වැඩක් නැහැ හරියට ඩේ‍රස් කර නොගත්තොත්. ඇල්බම් එක හරියට නොතිබුණොත්. ඕනෙම දේට ඔයා හැමතිස්සේ ම ලෝබ යි.”

සුරංග කිසිත් නොකියා යතුරුපැදියේ වේගය වැඩි කළේ ය.

“මරන්න ද හදන්නෙ?”

සුරංග යතුරු පැදියේ වේගය අඩු කළේ ය.

 

මංගල්‍යය අසිරිමත් ලෙසින් පැවැත්වෙමින්  තිබිණි. පෝරුවේ චාරිත්‍ර වැඩි වේලාවක් නොපැවතීම ගැන සුරංගගේ ඥාති ගැහැනු කිහිපදෙනෙකු තැන තැන කසු කුසු ගාන්නට වූයේ ඉරිසියාව ද නිසා ම ය.

“පියුමාල්, උඹලගෙ මාමට කියපන් අපි පෝරුවෙ නගින්නෙ ෆොටෝ ටික ගන්න විතරයි, ඔය ඕනෙ නැති ගාථා කියන්න එපා කියල. උඹට තේරෙනවනෙ මං කියන දේ.”

සුරංග කලින් ම පෝරුවේ කටයුතු සිදු විය යුතු අන්දම කෙසේ දැයි උපදෙස් දී තිබුණි.

“උඹල උඹලගෙ වැඩක් බලාගනිල්ලා. බැරි නම් පලයල්ලා.”

කාරණය කන වැකුණු විගස සුරංගගේ තාත්තා තම සහෝදරියන්ගේ මූණට ම කීවේ ය. ස්වල්ප වේලාවක දී සුරංගගේ ඥාතීන් බොහෝ දෙනෙක් පිටව යනු කිසිවෙකුගේ නෙත නොගැටුණි.

“අනේ කෙල්ලේ උඹට ගොඩක් පින්, මේ තරම් ලස්සනට අපි ව ඩේ‍රස් කළාට.” වත්සලා මිතුරියට කීවේ එතෙක් පැලඳ සිටි තෝඩු දෙක ගලවා ඈ අතට දෙමිනි.

“මේ ගවුම ම හෙට උදේ හයර් එකක් තියෙනවා. අද ම ගන්න ඕනෙ නිසා අපිත් එනව උඹලත් එක්කම හෝටලේට.”

මිනෝලි කීවේ වත්සලා ව මධුසමයට පිටත් වීම සඳහා සරසා අවසන ය.

ඒක ලේසියි මිනෝ.” වත්සලා කණ්ණාඩියට එබුණා ය.

“හිම කුමාරියක් වගේ.”

සුරංග හිතට ආ දේ ම කීවේ ය. ‘වියදම් කළාට පාඩු නැහැ.’ ඔහුට සිතුණි.

සුවහසක් සුබ පැතුම් මැද මනාල යුවළ මධුසමය පිණිස නුවර වීදි අතරින් ඇදී යන්නට වූහ. ඔවුන් පසුපසින් වූයේ මිනෝලිත්, ඇයගේ ස්වාමියාත් සිටි රථය පමණි.

අම්මෝ දැනෙන සනීපෙ.” වත්සලා ඇඳ ඇතිරිල්ලක් පොරවාගෙන දවස පුරා අමාරුවෙන් ඇඳගෙන සිටි ගවුම උනා දෙමින් කීවා ය.

“සුරංගගෙ ඇඳුමත් ගන්නෝන.” මිනෝලි කීවා ය.

“මං වොෂ්රූම් එකට ගියාම ඒ දෙන්නට ඇතුළට එන්න කියන්න.”

වත්සලා තුවාය ද රැගෙන නානකාමරයේ දොරවසා ගත්තා ය. ගවුම නවා පෙට්ටියකට තැන්පත් කර ගත් මිනෝලි කාමරයෙන් පිට වූවා ය.

ඔය දෙන්න ඇතුළට යන්න.”
සුරංග ද ඇඳුම් එකිනෙක උනා දැම්මේ ය. ඒ සියල්ලක් ම මිනෝලිගේ ස්වාමියා තම බෑගයේ අසුරාගෙන කාමරයෙන් පිට වෙත්දී සුරංගට ඉතිරිව තිබුණේ ඩහදියෙන් පෙඟී ගිය යට ඇඳුම් පමණකි. ඔහුට තද කුසගින්නක් ද පිපාසයක් ද දැනෙන්නට විය. දවස පුරා ම දෙදෙනාට ම කෑමක් බීමක් නැති තරම් ය.

සුරංග දුරකතනය ගෙන අම්මාට කතා කළේ ය.

“පුතා… ඔක්කොම ගෙවීම් කළාට පස්සෙ විසිපන්දාහක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.” අනෙක් කෙළවරින් අම්මාගේ හඬ නැගිණ.

“ විසිපහ ද ඉතුරු? ඇනෙක්ස් එකටත් අනූවක් ඇඞ්වාන්ස් කරන්න ඕන. හ්ම්… ඇවිත් බලමු. කෝ අප්පච්චි?”

“අන්න පාන් ගෙඩියක් ගේන්න කියල කඩෙිට ගියා. මට බැහැ දැන් ගිහින් උයන්න. රෑ වෙයි ගෙදර යනකොට.”

“කොහොම ද යන්නෙ?”

“ත්‍රීවීල් එකක.”

“මං කතා කළා කියන්න. එහෙනම් මං තියනවා අම්මෙ.”

සුරංග ඇමතුම විසන්ධි කොට ජනෙල් කවුළුව අතරින් හිස් අහසට එබුණි.

“ඔයාට ඔච්චර ද ඉතුරු වුණේ?”

වත්සලා නාන කාමරයෙන් එළියට පැමිණෙමින් සුරංගට සිනාසුණා ය.

“ඔව්නෙ.”

සුරංග ද ඇගේ සිනාවට එකතු විය.

 

විහඟ පරාක්‍රම



අදහස් (0)

මඟුල

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 432 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 466 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 157 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 490 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 686 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


අඹුසැමියෝ
2025 මාර්තු මස 18 911 2

මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 881 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site