IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ..!

කෙටිකතා - 9

 


 

මිනිහා ලේ විලක් මැද පාවෙමින් හිටියේ. කුණු ලේ පාට විලේ මිනිහ පීනන්න ට්‍රයි එකක් දෙමින් හිටියේ. ඉහ මත්තට ඝන ඇළෙන ලේ; අතත් පයක් හොල්ලගන්න බෑ හොල්ලන්න හිතුවට; පීනනවා කියලා හිත සැලුණට මිනිහගේ ගත එතනමයි, යට යනවා උඩ එනවා සුදු පාට ගුලියක් වගේ ඈතට මිනිහව!

තව පොඩ්ඩක් ගියා නම් මිනිහ ගිලිලා මැරෙනවා. ඒ හින්දා අර සාමාන්‍යයෙන් වෙනදා වෙනවා වගේම මිනිහ දාඩිය දාගෙන ඇහැරුණා, ඔන් කරලා ලයිට් මේ දවස්වල ආයෙම කියවන බයිබලේ ගත්තා අතට ඊයේ රෑ කියවපු පිටුවට; දැන් දැන් කණ්ණාඩි නැතුව මිනිහට පෙන්නේ හීන විතරයි. නිකම්ම අත යවලා ඩ්‍රසින් ටේබල් එකට, ඒක උඩ තිබුණ කණ්ණාඩි දෙක දාගත්තා මිනිහ.

බැබිලෝනියේ රජ වූ බෙෂර්ගේ පළමු වෙනි අවුරුද්දේ දී. දානියෙල් සිය යහනේ සිටිය දී ස්වප්නයක් ද හිසට නැඟුණු දර්ශනයන් ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා මෙසේ පැවසීය. රාත්‍රියේ මාගේ දර්ශනයේ දී, ස්වර්ග මාරුත සතරක් මහ මුහුද කලඹනවාත්, එකිනෙකාට වෙනස් වූ මහ මෘගයන් සතර දෙනෙකු මුහුදෙන් නැඟී එනවාත් මම දුටිමි. මා බලා සිටිය දී, සිංහාසන පිහිටුවනු ලදුව, පෞරාණිකයාණෝ අසුන් ගත්හ. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය. හිසකේ පිරිසිදු ලොම් මෙන් සුදුය. උන් වහන්සේගේ සිංහාසනය ගිනි ජාලාවකි. එහි රෝද ඇවිළෙන ගිනිය. ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේය.

242 දානියෙල් 7"

ටිකක් වෙලා ගියා මිනිහට කියවපු දේ තේරුම් ගන්න, හිටියා ටිකක් වෙලා මිනිහා ඇඳේ. නැගිටලා ගිහින් වෙනදා පුරුදු විදිහටම මිල්ක් කොෆී එක හදා ගත්තා. රස්නේ මාත්තු කරා මිනිහ තොල්වලට කෝප්පේ. හීනෙ මතක් කරා ආයෙත්.

"ලේ විලක්? "

කල්පනා කරා ඈඳිගෙන සෝෆා එකේ. කෝපි රස්නේ දැන් කණ්ණාඩි නැති ඇස් දෙකේ. උගුර උගුර කිරි කෝපි මිනිහගේ බඩේ.

"ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ!"

පාන්දර හතරහමාර වෙනකොට මිනිහ මිනිහගේ කිරි කොක් පාට ජොගිං කිට් එකත් ඇඳගෙන බැස්සා පාරට. නොපෙනෙන තරමට කළුවර පිරිලා තිබුණත් එහෙන් මෙහෙන් එළිය වැටීගෙන එනවා. හිටගෙන ඉන්න කොටත් මිනිහ සුදුයි. ඉගිලෙන කොටත් මිනිහ සුදුයි.

ඉර නැහැ තවම පේන්න: මං හිතන්නේ තාම එයා පිදුරුතලාගල ! " මිනිහගේ පපුවෙන් සුසුමක් වයසටම සුදු පාට වෙච්ච් රැලි කොණ්ඩේට අතක්: අත පනාවක් අපිළිවෙල කොණ්ඩේ කීකරුයි දැන්.

" හැමදෙයක්ම අද කලින් සිද්ධ වෙනවා ස්ටොප් වොච් එක ඔන් වුණා. හොඳ හුස්මක් අරගෙන මිනිහ දකුණු කකුල ඉස්සරහට තිබ්බා.

ජග් බග්

ජග් බග්

මිනිහ හෙන ලුසිඩ් ඩ්‍රිම්කාරයා. දැකපු, පට්ට ගහපු හීන මතක තියාගෙන ආයේ ආයේ බලන්න තරම් මිනිහ ඒ හැකියාව දියුණු කරගෙන හිටියේ. එපිසෝඩ් වගේ; දා හත්වෙනි කොටස, දහ අටවෙනි කොටස; පළමු කොටස : හීන සීරිස් එකක් බය උනත් අහසේ පා වෙලා ඇඳෙන් බිමට වැටුණත් මිනිහ ආසයි මේ වැඩේට, කොටින්ම මිනිහගේ විනෝදාංශය  ඒක.

මිනිහ පටන්ගත්තේ යෝගාවලින්. හිත දියුණු කරලා මනස උඩ යවන්න පුළුවන් කිව්ව නිසා යෝගා වැඩේ තමයි මිනිහට අල්ලලා ගියේ. මහ අවතාර් බබා ජි මිනිහගේ ෆෙවරිට්. තාම හිමාලේ ජිවත් වෙනවා කියන විශ්වාසේ මිනිහව යැව්වා බබා ජි හොයන්න: මොන, නිකං සල්ලි පුදලා සීතලේ ඉන්න බැරි නිසා මිනිහ ආයෙම ආවා ලංකාවට. ඊට පස්සේ ඇකඩමික් ස්ටඩීස්. තුම්මෝ වලින් පටන් අරගෙන මහාශායගේ බඩ උඩින් පැනලා යුක්තෙශ්වර් හරහා ගිහිං මිනිහ පරමහංස යෝගානන්දට මාරු වුණා. රිටයර් වුණාට පස්සේ ඇමරිකන් ස්ටඩ් ටිකක පැටලිලා, ඔළුවේ පොට ගිහිං හිටියා මිනිහ කාලයක්. භාවනා කරන්න ඉඳගත්තහම ඔළුව කඩන් වැටි වැටි නින්ද යන නිසා මිනිහ අත ඇරලා දැම්මා වැඩේ. ට්‍රෙන්ඩ් එකට ගෑනු දාහක් දෙදාහක් බහින පෝය දා යෝගා හෝල් එකක ඉඳගන්න එක සැපක් වුණා  මිනිහට ඊට වඩා. අන්තිමට මිනිහ යූටියුබ් බලලා අවබෝධ කරගන්න හිතා ගත්තා තරුණ කාලේ බැරි වෙච්ච ඔක්කොම.

ජග් බග්

ජග් බග්

මිනිහ සාමාන්‍යයෙන් පොලිසිය ගාවින් දාලා වෙන්ටඩ් එක පැත්තෙන් කැම්පස් එක පහු කරගෙන ආපහු කුරුඳුවත්ත පැත්තට ජෝගිං කරන්නේ. හීනෙන් උත්තේජනය වෙච්ච මිනිහගේ අද හිත හැපනින් එකක් ඉල්ලන්නේ; දැම්මා මිනිහ ගාලු පාර පැත්තට, සිල්ලර කඩේට; තාම වහලා; වාහනයක් දෙකක් ඇරෙන්න මෙලෝ බල්ලෙක් නැහැ පාරේ, මුඩුක්කු හරියට, දත් මැද මැද පාර මැද උඩුකය නිරුවත් මිනිහෙක්.

ගුඩ් මෝනිං කියන්න හිතුණත් මිනිහ කට වහගෙන ඉස්සරහට ඇදුණා.

"ගුග් ගෝනින් !" බුරුසු මිනිහ කටේ කෙළ පුරවගෙන සුබ පැතුවා. ගුඩ් මෝනිං, ගුඩ් මෝනින්!" පුදුමෙන් හැරිලා පස්සට දුවන ගමන් මිනිහත් සුබ පැතුවා; ආයෙම ඉස්සරහට.

ජග් බග්...ජග් බග්

හීනෙට අනුව අාකාශය පිරිසුදු කර කර හිටපු දේව දූතයා මේ බුරුසු මිනිහ වෙන්න බැරිද? මිනිහත් දත් පිරිසුදු කර කර හිටියේ. උඩුකයට ඇඳි වස්ත්‍ර නැතුව කීරි දණ්ඩක් අතින් අරන් හීන පාරමිතාවේ දොර පැත්තට පාර කියපු දේව දූතයා අසලු ටලී මිනිහ තමයි. ධවල හිනා කටින් අරගෙන කිරි කොත් පාටට දත නියවපු ඒ දේව දූතයා!

කොහොමත් මිනිස්සු උදේට දත් මදිනවනේ; අයම් ෆිලින් මැඩ් අයි ගෙස්."

ජග් බග්

ජග් බග්

තියෙනවා නම් සත පනහක් මහත්තයා"

 

"සත පනහක්."

මිනිහ නැවතුණා 

සත පනහකින් මොනවද කරන්න හදන්නේ?"

පනහ පනහ එකතු කරලා කෑමකක් ගන්නවා; ඔඳට කනවා; ඉතුරු කරනවා. ඊටපස්සේ ගෙයක් ගන්නවා: ඊට පස්සේ ලොරියක් ගන්නවා; මහත්තයාවත් දා ගන්නවා. සිංහල රටේ වෙළඳාමේ යනවා. එතකොට මේ වගේ මහත්තයාට පාරේ පයින් දුවන්න ඕන වෙන්නේ නෑ. දෙන්න කෝ පනහක් පළවෙනි දවසේ රස්සාවට ගියා වගේ හිඟන්නගේ මූණේ බැරෑරුම් උනන්දු ගතියක්.

අපේ මිනිහගේ මූණේ හීනාවක්. වයසක මිනිහෙක් යදිනවා හිඟමන්. දුන්නා මිනිහ පනහක්. යදින මිනිහත් ගත්තා පනහක්; හැරෙව්වා උඩ යට බැලුවා දෙපාරක්.

ජග් බග්

ජග් බග්

" හිටියේ නැහැනේ මේ වගේ හිඟන සුර දූතයෙක් ලේ විලට යන පාරේ: ම්ම්.. අඩුම පාරමිතාවේ? මේ අද දැක්ක හීනෙ? ලේ විලක් මැද ගිලෙන මිනිහෙක්. මිනිහෙක් නෙවෙයි ඒ මම.හරි මම !

ඔන්න මම යනවා උඩුකය නිරුවත් සුර දූතයෙක් පෙන්නපු පාරක හීන පාරමිතාවක් සොයාගෙන. ඒක සුදු පාට හීනයක්; හිස්; යනවා මං ඉස්සරහට; සමහර විට පස්සට; මොකද පෙනුණේ නැහැනේ වටපිටාව. ඔන්න එක පාරම විලක්. පහු කරන්න සිද්ධ වෙනවා ඒ විල මං හිතන්නේ ඒ අනෝතප්ත විල නොන්සන්ස් ! නිල්ම නිල්පාට වතුර වටේට. ඔන්න පීනන්න කියලා හිතාගෙන පනිනවා මං විලට. මෙන්න එක පාරම ලේ වෙනවා විලේ වතුර. අන්තිමට අතපය හොල්ලගන්න බැරුව ගිලුණා මං ලේ විලේ. "

ජග් බග්... ජබග්,

වෙයිට් අ මිනිට්. තව දැක්කනේ මං,, අර.. ගිලෙන වෙලාවේ.. වටේටම ඔළු ගෙඩි දහස් ගාණක්? ඔව් මිනිස්සු.. ම්ම් නෑ තිරිසන් සත්තුත් එක්කම, 'එයාලටනේ අපි තිරිසන් වගේ හැඟීමක් දැනුණා ඒ වෙලේ, නේද? හරියට හරි, ඒ හීනෙ මැද්දේ. අපි සත්තු ඔක්කොම එකා වගේ පීනුවා ඒ ලේ විලේ. ටිකකින් ඔක්කොම ගිලුණා පෙනිලා නොපෙනිලා යනකල්. මම්ම මම සුදුපාට බොලේ වගේ‍ ටික වෙලාවක් පාවෙවී හිටියා ලේ විලේ: ගිලුණා අතපය හිරවෙලා ලේ යට අන්තිමේ

ඇත්තටම රිදම් එකක් තිබුණා ඒ හීනෙ. මිනිහට මතක් වුණේ  කට පාඩම් ඍග් වේදේ.

ජග් බග්

ජග් බග්

" ඒ හීනෙ පැවැත්මක් තිබුණේ නැහැ. අභ්‍යවකාශ ක්ෂේත්‍රයක් හරි ඉන් එහාට අහසක් හරි තිබුණෙත් නැහැ. කලවම් කරලා තිබුණේ මොනවද? කොහෙද? කාගේ ආරක්ෂාවටද? වතුර තිබුණ ද? එදා මරණයක් හරි අමරණීය බවක් හරි තිබුණේ නැහැ. රෑ දවාල වෙන්කරලා අදුරගන්න පුළුවන් ලකුණක් තිබුණෙත් නැහැ. ඒ එකා හුළං නැතුව හුස්ම ගත්තේ තමන්ගෙම ආවේගයෙන්. ඒ හැර ඉන් එහා දෙයක් තිබුණේ නැහැ. අන්ධකාරය මුල දී අන්ධකාරයෙන්ම හැංගිලා තිබුණා කැපී පේන කිසිම දෙයක් නැතිව. මේ ඔක්කොම වතුර. හිස්කමින් වැහිලා ගියපු ජීව බලය. කාලයක් ඔහොම. තාප ශක්තියෙන් ඔන්න හටගත්තා එකක්. මුල දී ආශාව; එක මනසේ පළවෙනි බීජය. බීජය තිබුණේ උඩ ද ? පහළ ද?

ජග් බග්

ජග් බග්

ඇත්තටම කවුද දන්නේ? කවුද එහෙම කියන්නේ? ඒක හැදුවේ කොහොමද? කොහෙන්ද? ඒ නිර්මාණය? දෙවිවරු ආවේ විශ්වය හැදුණට පස්සේ. එහෙනම් ඒක පටන්ගත්තේ කොහෙන්ද? දන්නේ කවුද? මේ නිර්මාණේ බිහිවුණ තැන. එක්කෝ ඒක තනියම හැදිලා. නැත්නම් හැදිලා නැහැ.

මේ නොදැනීම දන්නා කෙනා ඉන්නේ ඉහළම සුර ලෝකේ. ඒක මිනිහ විතරයි දන්නේ; නැත්නම්

මිනිහ දන්නෙත් නැහැ ඒක.

"මැවීමේ මායාව - නසදිය සූත්ත මණ්ඩල 10, ඍග් වේද. ජග් බග් ජග් බග්"

" මේ නම් වෙලාව හිගන්නෝ නැගිටින මහ පාරේ. මේ ඔක්කොටම වැඩිය හොඳයි පෙරේදා හීනෙ." අන්තිමට මිනිහට එහෙමයි හිතුණේ.

මිනිහ හිටියේ මරදාන පාරේ; හිටගෙන ළමිස්සියෝ ගොඩක් මැද්දේ; දාගෙන මනමාලේ: මිනිහගේ හිනාව ඒ ඉස්සර කාලේ. මිනිහගේ ගෑනි රැවටුණ ඒ හිනාවේ. කිසිම වෙනසක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. රූපෙට ආවේ මිනිහගේ තරුණ කාලේ; හරි හැන්ඩ්සම් කොල්ලෙක් මිනිහ හැත්තෑවේ අසු වේ. වගකිවයුතු නිලධාරියා මිනිහ ඉස්සර වැඩපොළේ සෑහෙන්න පඬි මිනිහට, යාළුවො නොසෑහෙන්න : වයසයි දැන් මිනිහට. වෙන වෙන තැන්වල දරු මල්ලෝ: නැති වෙලා නෝනා. මොකද්ද? අකමැතිම පාට? කුණු ලේ පාට: මිනිහගේ ආසම පාට නම් සුදු පාට. ඒ කලේ ඉඳන්ම මිනිහගේ වෙලාවේ තිබුණේ එක ගෑනිගේ ආලේ; හිටියත් කෙල්ලෝ මිනිහගේ සාලේ මිනිහ නෙවෙයි සැලුණේ; වෙනසක් උනා කෙල්ලන්ගේ හිනා වේ. අනෝරා වැස්සත් ඇද හැලුණා ඒ මරදානේ. වැස්සට තෙමිලා ඇහැරුණා මිනිහට ඇඳ විට්ටමේ. මේ ඔක්කොම මිනිහගේ අර පෙරේදා හීනෙ.

ජග් බග් ...ජග් බග්

රෑට රෑට මිනිහට පේන හීන ටක්කෙටම හරි යනවා කියලා මිනිහට දැනෙන්න පටන්ගත්තේ ජුලි කලබල කාලේ. දත් විලිස්සගත්ත රීරි යක්කු දෙන්නෙක් මිනිහගේ ගෙට පැන්න ඒ හීනෙ! පහුවෙනිදා තාත්තයි අයියවයි එල්ලලා තිබුණා ඒ තුන් මංහන්දියේ.

මිනිහ නැවතුණා පෙනී පෙනී ඡායාව ඩුබ්ලිකේෂන් පාරේ. මහන්සියි මිනිහට දිව්වට උදේට උදේට මේ නහින දෙහින කාලේ.තියාගත්තා දණහිස් දෙකට අත්. දාඩිය දාගෙන ආවා මිනිහගේ වයසක නළලේ. දැන්නම් මිනිස්සු පිරෙන්න පටන් අරගෙන එට්ටි පාරේ. මිනිහා දැක්කා කිරි පාට ප්‍රිෆෙට් ළමයි සුදු ඉරකින් කකුල් ඉක්මන් කරනවා සැරින් සැරේ. කහ ඉර නම් පායලා දැන් බිල්ඩින් ඉස්මත්තෙ. ඇරියා මිනිහා ටික වෙලාවක් හති. දැම්මා අත ටුක් එකකට, ආයෙත් මිනිහ කුරුදුවත්තේ

රිටයමින්ට් ෆී එකක් ගෙවන නිසා දවල් වෙනකොට සාමාන්‍යයෙන් මිනිහ යනවා ඔෆ්ස්. අදත් පුරුදු විදිහටම මිනිහගේ බෙන්ස් එකේ මිනිහ ගියා ඔෆිස්. ඒත්.

"කෝ මේ ලේ විල?"

ප්‍රශ්නයක් ඉල්ලන්නමයි මිනිහගේ හිත කියන්නේ.

ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ! *

ඒත් උදේ රේසරේට මූණ කැපුණෙ නැහැ මිනිහගේ වාහනේ හැප්පුනෙත් නැහැ දවල් කෑමට මස් තිබුණෙත් නැහැ සෝස් තිබුණෙත් නැහැ ඔෆිස් එකේ කිසිම කෙල්ලෙක් රතුපාට ඇඳලා හිටියෙත් නැහැ. කොටින්ම අද මිනිහ රතුපාට, ලේ පාට බෝඩ් එකක්වත් දැක්කේ නැහැ. කළුවර වැටෙන කොට මිනිහා ආවා ගෙදර.

වොෂ් එකක් එහෙම දාගෙන කවදාවත් නැතුව ඕඩර් කරා බෝතල් දෙකක් රෙඩ් වයින්, පොර්ක් ගාත පහක් රෙඩ් චිලී එක්ක. ගොඳුරු අල්ලන ඩිස්කවරි ප්‍රෝග්‍රම් එකක් බල බල බෝතල් දෙකම ගැහුවා මිනිහා එක වෙන කල්; දොළහ පන්නලා පහුවෙනිදා වෙන කල් වෙලාවට අනුව දවසක් පහු වුණා : කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැනේ ඒත්.

මිනිහට වෙරි දැන් හොඳටම. වැනි වැනි අතපත ගාලා මිනිහ කෝල් කරා කැබ් එකකට. නැගලා කැබ් ඩෝ එක ෂට් කරද්දී මිනිහ රික්වෙස්ට් කරා මොඩර්න් සිංදුවක් රොක්. මිඩ්ල් ඒජ් පොරක් ඒ කැබ් ඩයිවර්. අංකල්ට ඩෝප් බව දැක්ක ඩයිවර් දැම්මා සිංදුවක් හිපොප්. අන්තිමට තමන්ට අනුව දවස ඉවර කරන්න හිතාගෙන මිනිහ ගියා නයිට් කලබ්.

හෙන ෆෙස් ඒ රෙඩ් කලබ් එක සී සයිඩ්. වටකරලා දාලා තිබුණා ඒකෙ නම් රෙඩ් ලයිට්. කෙල්ලොත් හිටියා එතන ෆුල් පොෂ්. මිනිහට මතක් වුණේ මිනිහගේ දෙවෙනි දුව මේගන්.

දෙන්නෙකුට විතර පන්දාහේ ඒවා නිකං ඛෙදලා මිනිහ බැස්සා පාරට, රෙඩ් ලයිට් එළියට මිනිහගේ ඇහැ කන උනා ඒ පාර නම් වෙරි මරගාතේ, දිලිසෙන එහෙට මෙහෙට ඇදෙන දිග ඇරෙන ලයිට් අස්සේ මිනිහා හෙව්වේ අද හීනෙ.

කෝ මේ ලේ විල? ' තාම පරක්කුයි ප්‍රශ්නේ.

ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ!"

මිනිහගේ හිත බලං හිටියේ වමතෙවත් යනකල් රෙඩ් වයින්, පේයි කියලා ලේ විල එතකොටවත්. මිනිහව පහු කරන් ගියා වාහන ගොඩක් කෑ ගහගෙන, දාගෙන රෙඩ් ලයිට් නයිට් පාර්ක් පැත්තට. වාහනේක දෙකක සුළඟට මිනිහ පොඩ්ඩක් කරකැවිලා අත ඇරුණා. සුදු ඉර ගාවදී බොත්තම ඔබාගෙන හිටියා මිනිහා පත්තු වෙනකල් රෙඩ් ලයිට්. රතු ලයිට් කොළ වෙනකොට රතුවෙලා තිබුණේ මිනිහගේ සුදු කන්. බැරිම තැන මිනිහ කණුවකට හේත්තු වුණා . ටික ටික බිමට පාත්වෙන කොටම,

මහත්තයා කොහෙටද ?"

"කු.. කුඳුරු.."

" නගින්න පොලිසිය ගාවින් දාගෙන යන්නම්"

රථාචාර්ය ! කෙනෙක් දුන්නා මිනිහට ලිෆ්ට් එකක්. ඒ රටේ නම් දාලා තිබුණේ බ්ලූ ලයිට්.

ගේට්ටුව පහු කරද්දී පොඩ්ඩක් වැටෙන්න ගියාට කිසිම කරදරයක් නැතුව මිනිහ ගෙදර ආවා, පාන්දර හතරාමාරයි ! බැහැපු වෙරිය හිඳිල යන්න මිනිහ බ්ලැක් කොෆී එකක් හදා ගත්තා. ඇඳට ඇවිත් පොඩ්ඩක් වෙලා උඩ බලං හිටියා. සුදු පාට සිවිලම දිහා.

මේ නොවරදින ලෝකයේ අපගේ කොන්දේසි සහගත පැවැත්ම ගැන මෙනෙහි කරන්නේ මෙසේය. කුඩා පිනි බිංදුවක් හෝ දිය පහරක පාවෙන බුබුළක් ගැන සිතන්න. ගිම්හානයේ වලාකුළක විදුලි කෙටීමක් ගැන. නැත්නම් දැල්වෙන පහනක්, නොපෙනෙන මායාවක්, දුමාරයක්, අවතාරයක් හෝ සිහිනයක් ගැන!

මනසින් අප මේ සියලු කොන්දේසි සහගත පැවැත්ම දැකිය යුත්තේ එබැවිනි.

ගෞතම බුද්ධ '

අන්තිමට පාන්දර එළිය වැටෙනකොටත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ.

හෙට මොනවා හරි වෙයි!"

වෙනදා වගේම මිනිහ වහපොරවගෙන නිදා ගත්තා; ටිකකින් අනිත් පැත්ත හැරුණා.

 



අදහස් (0)

ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ..!

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

ඔට්ටුව The Bet
2024 සැප්තැම්බර් මස 03 491 0

මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද


පළිගැනීම
2024 අගෝස්තු මස 27 665 0

සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය.


උමතු හාවෝ දෙන්නෙක්
2024 අගෝස්තු මස 20 763 0

ඒ හාවා ආවෙි දකුණු පැත්තෙන්. බී හාවා ආවෙි වම් පැත්තෙන්. නුගේගොඩ හන්දියේදි දෙන්නා එකට හම්බ වුණා. ගුවන් පාලම යට, වෙහිකල් පාර්ක් එකේ, විටක් හප හප හිටිය ටිකට්


වැලපීම
2024 අගෝස්තු මස 13 514 0

ඇඳිරි යාමයයි. නොබෝ වේලාවකට පෙර වීදියේ දැල්වුණු පහන් සිසාරා ඝන හිමකැට වැටෙමින් ගෙවල්වල පියසිත්, අශ්වයන්ගේ පිටවලුත්, මිනිසුන්ගේ උරහිස් හා හිස් වැසුමුත


කාබුලිවාලා - රබීන්ද්‍රනාත් ඨකුර්
2024 අගෝස්තු මස 06 790 0

මගේ පස් හැවිරිදි දියණිය මිනිට විනාඩියක්වත් කතා නොකර ඉන්නට නම් නොහැකිය. ලෝකයට පැමිණීමෙන් පසු ඇයට කතා කිරීමට ඉගෙන ගැනීමට වසරක් ගත වූ අතර, ඉන් පසු ඇය අවදි


අළු වී ගිය අලුයම
2024 ජුලි මස 30 504 0

අපි එකිනෙකාට ඉතා ළංව වැතිර සිටියෙමු. බිම මත වූ සීතල තෙත් බව හෝ තද ගතිය අපට දැනුණේවත් නැත.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site