රටේ මුල්‍ය සාක්ෂරතාවය ඉහලට මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 05 October 2026
ලංවිම හිටපු සභාපතිවරයකුගෙන් ගල්අඟුරු කොමිසම ප්‍රශ්න කරයි විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව අද (05) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 05 October 2026
අයි.එම්.එෆ් 7 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය. 05 October 2026
ඥානසාර හිමිට ජම්පරය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවකු ලෙස ජම්පරය අන්දවා ඇති බව බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) සේනක පල්ලේතැන්න මහතා ලංකාදීපයට පැවැසීය. 05 October 2026
උණක් නිසා රුහුණු කෘෂි පීඨයේ ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වසර වල සිසු සිසුවියන්ගේ අධ්‍යන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතා පැවසීය. 05 October 2026
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප ඇයැඳුම් පතක් අධිකරණයට රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රය හෙට (06) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය. 05 October 2026
අලුත් ත්‍රස්ත පනත හෙට මැතිසබයට ’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා හෙට (06) ඉදිරිපත් කෙරේ. 05 October 2026
පවුම් 19ක රන් ඉස්සූ ඉන්දියන් දෙකක් මාට්ටු යාපනය ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් හැට හත් ලක්ෂ තිස් හත්දහස් පන්සීයක් වටිනා පවුම් 19 1/2 ක් සොරා ගත් බව කියන ලාංකික කාන්තාවක් සහ ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 05 October 2026
ජනපතිගේ ඉන්ධන සහනය සමාගම්වලට විතරයි ජනාධිපතිවරයා දෙනවා යැයි ප්‍රකාශ කළ ඉන්ධන සහනය ලැබී ඇත්තේ ඉන්ධන ගෙන්වන සමාගම් වලට යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 05 October 2026
සිසු විරෝධතා ඔඩුදුවයි: ප්‍රංශයේ පාසල් වැසෙයි ප්‍රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන්, උසස් පාසල් 500 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණු බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එදුවාද් ගෙෆ්රේ මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. 05 October 2026
2026 වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග 2026 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. අද (5) දින පළමුවෙන්ම ප්‍රකාශයට පත් කෙරුණේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කවුරුන්ටදැයි යන්නය. 05 October 2026
ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ. 05 October 2026
ඉන්දියාවෙන් ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සපයන්න ගිවිසුමක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට කොළඹ දී අද අත්සන් තැබීය. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. 05 October 2026
අත්සන් ව්‍යාපාරය අස්සේ සිවිල් බුද්දි පෙරමුණ පොලිසිය ගැටෙයි මෙරට පවත්වා ගෙ යන මුුල්‍ය සමාගමි තහනමි කිරිමට ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා ගත් තිරණයට එරෙහිව අත්සන් ලබා ගැනිමෙි ව්‍යාපාරයක් අද නිදහස් චතුරශුයේදි පැවැත්වුණා. 05 October 2026
අල්ලස් - තොරතුරු කොමිෂන් සභා හිස් පුටු පුරවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් අයගෙන් අයදුම්පත් සහ නාමයෝජනා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගෙන අැත 05 October 2026
ලංකා සංවර්ධන සැලසුම් ගැන ආසියා සංවර්ධන බැංකුව එක්ක කතිකාවක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 05 October 2026
ගල්අඟුරු ලොක්කා කොමිසමට බදාදා ගෙන්වයි ගල්අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරැණු විමසීමට ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට අනිද්දා(07) බදාදා කැඳවා ඇත. 05 October 2026
ඥානසාර හිමිට පැනවූ දඬුවම් ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ අපහාස සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් නියම කර ඇති සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා ඒ හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 05 October 2026
අහුන්ගල්ලේ වෙඩික්කරු ගිනි අවියත් සමග අත්අඩංගුවට අහුන්ගල්ල ගල්වෙහෙර සී.පී ද සිල්වා මාවතේ නිවසක නිදා සිටි පුද්ගලයකුට වෙඩි තුවාල සිදු කළ අයකු වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගාල්ල අපරාද කොට්ඨාසය කියයි. 05 October 2026
ලයිසන් හොරට හදා විකුණු අඹුසැමි යුවළක් මාට්ටු ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍ර මුදලට විකුණු පන තිවක අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 05 October 2026
සයිබීරියාවේ මහාමාරිය බියක් ‘මහාමාරිය’ බියක් හේතුවෙන්, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් පළාතේ රෝහල් පහක් වසා දැමීමටත්, එම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා කඩිනමින් නිරෝධායනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. 05 October 2026
ඉරාන තෙල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ඉරාන තෙල් අමාත්‍ය මොහොසන් පාක්නෙජාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව එරට මාධ්‍ය ඊයේ (5) වාර්තා කළේය. තමා තම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ, පෞද්ගලික හේතූන් මත යැයි මොහොසන් පාක්නෙජාද් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත. 05 October 2026
බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 25 වැනිදා බ්‍රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ 45 හැවිරිදි ෆැවියෝ බොල්සරානෝ ඒ අතරින් කැපී පෙණුනි. 05 October 2026
පාර හාදා දින දෙකයි කඩිගමුවේදී ගලක් කඩා වැටී දුම්රියක් පිලි පනී දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් ව මාස 10 කට අධික කාලයක් නැවතී තිබූ රඹුක්කන පේරාදෙණිය දුම්රිය ගමන් යළි සක්‍රිය වී දින දෙකකට පසු දුම්රියක් පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා එල්ලවී ඇත. 05 October 2026
කතානායකගේ ඉල්ලීමක් පැහැර හැරි මැතිසබා පරිපාලන අධ්‍යක්ෂිකාවගෙන් නිදහසට කරුණු අසයි නව රාත්‍රී පූජා උත්සවයක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා කළ ඉල්ලීමක් පැහැර හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා එහි පරිපාලන අධ්‍යක්ෂිකා කාන්ති පීරිස් මහත්මියට දැනුම්දී ඇත. 05 October 2026
ෆේල් වෙච්ච ගල් අඟුරු නැව් වලට නඩු කෝ ලංකාවට ආපු ගල් අඟුරු නැව් 19 ම ෆේල් නමුත් ඒවාට එක නඩුවක් වත් තිබෙනවා දැයි පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පැවසීය. 05 October 2026
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡාවල තොරතුරු මාධ්‍යයට වහයි ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳ මාධ්‍යයට අදහස් පළකළ නොහැකි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළේය. 04 October 2026
AI තාක්ෂණයෙන් යුතු මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බලයි උතුරු කොරියාව කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් යුත් මැදිදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ඊයේ (03) දකුණු කොරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 October 2026
දිට්වා ආධාර බෙදීම: විශේෂ විගණනයක් අරඹයි දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීම මෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විගණනයක් ආරම්භ කර ඇත. 04 October 2026
අත්අඩංගුවට පත් ඥානසාර හිමි අධිකරණයට තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 04 October 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026