රුසියා යුද්දෙට යන්න ලාංකිකයෝ පෝලිමේ මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්රී ලාංකිකයන් කිහි පදෙනකු ප්රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 29 March 2024
පළාත් හතරකට අදත් තද වැස්ස බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 29 March 2024
පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරැළෙයි පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්රිකාවේ, ප්රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය. 29 March 2024
ප්රංශ තානාපතිට මැදමුලනට හිත ගිහින් ශ්රී ලංකාවෙි ප්රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි. 28 March 2024
මහරගම බෝඅත්තක් කඩා වැටේ දෙදෙනෙක් රෝහලට මහරගම නගර මධ්යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි. 28 March 2024
මාස දෙකට මිලියන 983.7 ක අපනයන ආදායමක් ඉකුත් මාස දෙකක කාලයේ ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පැවසීය. 28 March 2024
අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්රමයක් අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්රමවේදයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි. 28 March 2024
දන්න දේ දැන ගන්න මෛත්රි උසාවි කැඳවයි පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය අද (28) නියම කළාය. 28 March 2024
කෙහෙළිය යළි රිමාන්ඩ් බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය නියෝග කලාය. 28 March 2024
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. 28 March 2024
එන්නතෙන් පසු ක්ලාන්ත වී සිසුන් 10ක් රෝහලේ කළුතර ප්රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 28 March 2024
ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් ග්රෑන්ඩ්පාස්, සුගතදාස ක්රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී. 28 March 2024
’’පුද්ගලයකුගේ අවම මාසික වියදම රු. 17,000යි’’ ශ්රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්ය බව ජනලේඛණ හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 28 March 2024
නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධ ප්රහාරයක් හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 28 March 2024
පොල් කිරි රට යවා කෝටි 290ක් සොයයි පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 28 March 2024
බිත්තර ආනයනය සීමාකරයි ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 28 March 2024
කතුරෙන් ඇණ පුද්ගලයෙක් මරලා ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 28 March 2024
පිස්සු නටන දේශපාලන පිරිසකට මැතිසභා කමිටුවෙන් රතු එළියක් කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 28 March 2024
කෝපා කමිටුව රේගුවට දෙහි කපයි නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 March 2024
නලින්ගෙන් ජවිපෙට අභියෝගයක් රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය. 28 March 2024
ජනපති තරගෙට මම සූදානම් ඉදිරියේදී නිර්මාණය කෙරෙන නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකය දුනහොත් එය ප්රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී පාටලී චම්පි චම්පික රණවක මහතා පැවසීය. 28 March 2024
ඥානසාර හිමි වසර හතරක් හිරගෙට ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා අද නියම කළේය. 28 March 2024
ගෙවත්තේ තණකොළ කපමින් සිටි අයෙක් ලොරියට බිලි යාපනය පුන්නාලෙයි කට්ටුවාන් ප්රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකඩ කඩාවැදීමෙන් ගෙවත්තේ සිටි වයොවෘද්ද අයෙකු ලොරියට යටවී මිය ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පැවසීය. 28 March 2024
සටන් පාඨ නැති විපක්ෂය බොරු පැළ කරනවා විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්ය ප්රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 March 2024
ලේඛනගත පාතාලයෝ 10 ක් අල්ලයි පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවෝ 10 ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබූහ. 28 March 2024
ඉබ්බා කපා කොටා මරා දමලා ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ පබිලිස් කඩේ අසලදි අද අලුයම තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝා.තනය කර ඇතැයි දකුණු පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාරයාලය පවසයි. 28 March 2024
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර,දකුණ, සබරගමුව,මධ්යම,ඌව සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 28 March 2024
අගමැති චීන ජනපති හමුවෙයි චීනයේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි. 27 March 2024
ඇමෙරිකා පාලමේ හැපුණු ඩාලි හසුරුවා ඇත්තේ පළපුරුදු නැවියන් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්රදේශයේ ෆ්රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණු ශ්රී ලංකාව බලා යාත්රා කරමින් සිටි ඩාලි නම් දැවැන්ත භාණ්ඩ ප්රවාහන නෞකාව හසුරුවා ඇත්තේ බැල්ටිමෝර් වරායේ සිට නෞකාවක් යාත්රා කරවන විට හමුවන බාධක මගහරවා ගනිමින් නෞකා යාත්රා කරවීමට විශේෂ පුහුණුවක් ලැබූ ඇමෙරිකානු නාවිකයන් පිරිසක් බව මේරිලන්ඩ් ප්රවාහන ලේකම් පොල් වීඩ්ෆෙල්ඩ් මාධ්ය හමුවකදී ප්රකාශ කළේය. 27 March 2024
පොහොට්ටුවේ විනය කමිටුවට නීතිඥයන් 7 ක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය. 27 March 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026