මුලතිව් සෞඛ්ය සේවා අධ්යක්ෂ රිය අනතුරකින් මරුට මුලතිව් ප්රදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂක වෛද්ය කේ.අකිලෙන්ද්රන් මහතා ගමන්ගත් කැබ් රථය අද (27) සවස ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු අනතුරකින් වෛද්යවරයා මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පැවසීය. 27 March 2024
සහල් - ලොකු ලූණු බද්ද අඩු කරයි ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. 27 March 2024
ගිනුම් හයකින් කෝටි අටක් වංචා කරලා බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් මිලියන 84 ක් වංචා කළ බව කියන සම්බන්ධයෙන් මීගමුව ප්රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2024
පුත්තලම සම්බන්ධීකණය ලොක්කෝ වර්ජනයේ රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්රියා නොකරන්නේයැයි විරෝධය කළ කරමින් පුත්තලම දිස්ත්රික්කයේ ප්රදේශීය ලේකම්වරුන් සහ ආයතන රැසක ප්රධානින් දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් එහි කටයුතුවලට අද (27) බාධා විය. 27 March 2024
කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගයේදී කඩුලු 8 ක් දවාගත් වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසීය. 27 March 2024
පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි පොල්ගහවෙළ යාංගල්මෝදර ප්රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 March 2024
දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්ර කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (27) ප්රතික්ෂේප කළේය. 27 March 2024
’’වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු කරනවා’’ වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ යැයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය. 27 March 2024
නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්ෂය පැවසීය. 27 March 2024
කථානායක ජිනීවා යයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රමුඛ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වැනි සමුළුවට සහභාගී වූහ. 27 March 2024
රාජ්ය ඇමතිනියට රූපවාහිනියෙන් නඩු දාන්නයයි නවගමුව පෙරහර සජීවී ලෙස විකාශනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි රාජ්ය අමාත්යවරියට එම හිග මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් තවමත් එම මුදල ගෙවා නැතැයි ජාතික රූපවාහිනි සංස්ථාව පවසයි. 27 March 2024
කෝටි දෙදාහක් ඉතිරි කරගන්න මැතිසබා කමිටුවෙන් යෝජනාවක් කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය. 27 March 2024
වමනය-පාචනයෙන් අඹුසැමි යුවළ මරුට අගලවත්ත වඳුරබ්බ ප්රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැමියා නිවසේදීත් බිරිඳ රෝහල් ගත කිරීමෙන් පසුවත් මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 27 March 2024
මීගමුවෙන් ගණිකාවන් 150ක් අල්ලයි මීගමුව ප්රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්ය පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව එම ප්රදේශයේ සම්බාහන මධ්යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි. 27 March 2024
පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් ජපානයට පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ 27 March 2024
නිවිමෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක් නිවිමෝනියාව සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේදී අද (27) දා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙිදි පෙනහල්ලේ තිබිි දතක් හමුවී ඇතැයි කියයි. 27 March 2024
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්රී රඹුක්වැල්ල ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළාය. 27 March 2024
රෑට දඩ ගෙවන්න ඇරලා තියෙන තැපැල් හල් මෙන්න දිවයින පුරා පිහිටි රාත්රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2024
සූර්ය බලාගාර පහක් එයි අම්පාර,හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ සූර්ය ප්රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. 27 March 2024
ශබ්ද දූෂණය මට්ටු කරන්න රෙගුලාසි ශ්රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්යංශයේදී අමාත්යවරයාට බාර දෙනු ලැබීය. 27 March 2024
මිරීයබැද්ද නාය අවදානමක් කොස්ලන්ද මීරියබැද්ද බැද්දවත්ත ප්රදේශයේ අද (27) යම් නාය යාම් තත්ත්වයක් යළිත් ඇතිව ඇතැයි බදුල්ල දිස්ත්රික් අපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. 27 March 2024
කොළඹ අක්මා රෝහල ජනපති අතින් විවෘත වෙයි ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය”ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි. 27 March 2024
කොරියාවෙන් ලංකාවට ඩොලර් මල්ලක් ඔරුගොඩවත්ත ශ්රී ලංකා- කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සහ ආයතනයේ දැනට පවතින පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස ඇමරිකා ඩොලර් ලක්ෂ පහළොවක මූල්ය ප්රදානයක් ලබාදීමට කොරියානු අපනයන ආනයන බැංකුව විසින් එකඟතාවය පළකර තිබේ. 27 March 2024
බතික්හල හිමිකරුගෙන් සරසවි සිසුවියට අමුතු මෝස්තරයක් මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරයි. 27 March 2024
අරගල හානි වල වන්දි ඉක්මනින් ගෙවන්න නියෝග අරගලකරුවන් විසින් 2022 මැයි 09 වැනිදා ගම්පහ දිස්ත්රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය, ප්රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය. 27 March 2024
කන්තෝරු නෝනා උසස්වීමත් එක්ක කොම්පියුටරයකුත් අරං ගිහින් ඉඩම් කොමසාරිස් කාර්යාලයක වසර 08ක් පමණ සේවයේ නියුතුව සිටි නිලධාරිනියක උසස්වීමක් ලැබීමෙන් පසු එම කාර්යාලයේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් නැවත කාර්යාලයට බාර නොදී රැගන ගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ. මෙසේ ලැප්ටොප් පරිගණකයක් නිවෙසට රැගෙන ගොස් ඇත්තේ ප්රදේශයේ ප්රබල දේශපාලනඥයකුගේ බිරියක බව පැවැසේ. 27 March 2024
වීසා නිකුත් කිරීමත් කොම්පැණියකට ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්රමවේදයෙන් ඉවත්ව වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 27 March 2024
පොලිස් වෙඩි පහරින් මංකොලල්කරුවකු මරුට ජංගම දුරකථන අඩු මුදලට විකුණන සොරුන් කණ්ඩායමක් සහ එය මිලදී ගැනීමට මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව නාරම්මල වේරගල ප්රදේශයට පැමිණි පොලිසියට සොරු කණ්ඩායම විසින් පහර දීමට ගිය අවස්ථාවේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 27 March 2024
ලොව විශාලතම සර්පයා මරලා ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් පිරිසකි. 27 March 2024
ලංකාවේ මල් නෙදර්ලන්තයට ශ්රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් ඇති බැවින් එම වෙළෙඳපොළ අල්ලා ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි HE the Bonnie Horbach මහත්මිය පැවසුවාය. 27 March 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026