‘බහුකාර්ය සහයක’ සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීලා බහුකාර්ය සහයක පත්වීමක් ලබා විවිධ රාජ්ය ආයතනවල කම්කරු රාජකාරිවල නිරතව සිටි සේවිකාවකට බස්නාහිර පළාත් සභාව පානදුර මහජන පුස්තකාලයේ ‘පුස්තකාල සහයක’ පත්වීමක් දී ඇතැයි පානදුර නගර සභා සේවකයෝ චෝදනා කරති. 20 December 2023
එක්ස්ප්රස් පර්ල් විද්වත් කමිටුව කොට උඩ එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුරට අදාළ වන්දි අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විද්වත් කමිටුව අක්රියවීම හේතුවෙන් මේ වර්ෂය සඳහා වන්දි ගණන වාර්තාවක් ලබා ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණවී ඇතැයි පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත. 20 December 2023
ආබාධිතයන් වෙනුවෙන් කොමිසමක් ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් යුතු ආබාධිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර ඇත. 20 December 2023
මොරගහකන්ද වාන් ඇරේ මධ්යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්රදේශවලට මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවැසීය. 20 December 2023
කුඩු ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ සමග බිරිය අත්අඩංගුවට දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන අසංක ප්රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්රව්ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. 20 December 2023
කායවර්ධන උපදේශකට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි කොලොන්නාව උමගිලිය ක්රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා වන ’’කොළොන්නාවේ චතු’’ නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 20 December 2023
අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 December 2023
ශාන්තිකර්මයක් කර යටිපතුල පිලිස්සු කපුවා-පුතා අල්ලයි මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස් හය හැවිරිදි විදුලි කාරිමික දෙදරු පියෙකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. 20 December 2023
හාලිඇල නාය යාමක්:පවුල් 10 ක් ඉවතට හාලිඇල ස්ප්රීන්වැලිවත්ත අංක පහ කොටස ප්රදේශයේ අද( 20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්යස්ථානය පැවසීය. 20 December 2023
වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක් වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්රකාශයට පත් කෙළේය. 20 December 2023
මාවිල් ආරු සොරොව්ව ආසන්නයෙන් යුද උපකරණ මතුවෙයි සේරැනුවර පොලිස් වසමට අයත් මාවිල් ආරැ සොරොව්වට ආසන්නයේ වලදමා තිබු පරණ යුද උපකරණ කිහිපයක් සොයා ගැනිමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුහ . 20 December 2023
ලංවිම සේවකකයන්ට ප්රසාද දීමනා - වෙනත් දීමනා නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේස්කර මහතා එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ. 20 December 2023
කළ කලා මෙහෙයට - පුදති බැතියෙන් හරසර ශ්රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්ය නාට්ය උළෙල - 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී පැවැත්විණි. 20 December 2023
ජනපති කාර්යාලයෙන් මහජන අදහස් විමසීමක් ශ්රී ලංකාවේ විවෘත රාජ්ය හවුල්කාරිත්ව ජාතික ක්රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කරයි. 20 December 2023
‘පරෙවි දූපත’ තාවකාලිකව වහයි ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 20 December 2023
සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර්වාදය සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇත. 20 December 2023
ජේ එම් ඔ නිල මුද්රාවෙන් මත් පෙති බෙදලා අධිකරණ වෛද්ය විශේෂඥයෙකුගේ නිල මුද්රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්ය තුන්ඩු ලබා දීමේ යෙදුණු තරුණයකු එසේ ලබා ගත් මත්පෙති, අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේ නිල මුද්රාව සහ හෙරොයින් පානය කිරීමට උපයෝගී කරගත් උපකරණයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි . 20 December 2023
ට්රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවෙයි ඇමෙරිකාවේ කොලරාඩෝ ප්රාන්ත ශ්රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත. 20 December 2023
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරිවුහල් 238 ක් වැසීමේ අවදානමක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ‘සිපෙට්කෝ’ ඉන්ධනහල් 238 ක් මේ මස 25 වැනිදායින් පසුව වැසීයෑමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 December 2023
නව කොරෝනා ප්රභේදය ගැන ලෝක සෞඛ්ය සංවිධානය විමසිල්ලෙන් ඉන්දියාවේ කේරළ ප්රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වයිරස ප්රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු යැයි ලෝක සෞඛ්ය සංවිධානය පවසයි. 20 December 2023
අට හැවිරිදි දැරිය හොඳම ඡායාරූප ශිල්පිනිය වෙයි තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය. 20 December 2023
කූරියර් කර මත්ද්රව්ය අලෙවි කළ වෛද්ය සිසුවා දැලේ කුර්යර් සේවාව මගින් මත්ද්රව්ය අලෙවි කරන යාපනය විශ්ව විද්යලයේ වෛද්ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 December 2023
විශේෂ සැකකරුවන් තවත් 49 ක් අල්ලයි ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්රව්ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්රව්ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත විශේෂ සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් තවත් 49 ක් අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව මෙම මෙහෙයුමේදී මේ වන විට විශේෂ සහකරුවන් 218 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්යංශය පැවසීය. 20 December 2023
රටකජු වගාවක සිටි තරුණයෙක්ට වලස් ප්රහාරයක් බුත්තල ප්රදේශයේ රටකජු වගාවක පැලක සිටියදී වලසකුගේ ප්රහාරයට ගොදුරු වී වලසා සපාකෑමෙන් සහ පහරදීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්ය තත්ත්වයේ පසුවූ තරුණයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් 20 December 2023
කාලගුණයෙන් සුබ ආරංචියක් පවතින වැසි තත්වය තාවකාලිකව අද සිට අඩුවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 20 December 2023
මැතිසබේ සේවකයෙකුට ’’විශේෂ සැලකිල්ල’’ කැබිනට්ටුව විසිකරයි පාර්ලිමේන්තුවේ ජ්යෙෂ්ඨ සේවකයකුට සේවා දීර්ඝයක් ලබා ගැනීමට කෙරුණු ඉල්ලීමක් කැබිනට් මණ්ඩලය ප්රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. 19 December 2023
බෙරගල ගැටුමක්:පහක් රෝහලට හපුතලේ බෙරගල මංසන්ධියේදී අද 18 දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු පස්දෙනකු බරපතළ කැපුම් තුවාල සහිතව හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බව හපුතලේ පොලිසිය කියයි. 19 December 2023
සෞඛ්ය අතිරේක ලේකම්ගේ කාර්යාලය පරීක්ෂාවට සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පැය පහක පමණ කාලයක් විශේෂ පරීක්ෂාවකට ලක් කළහ. 19 December 2023
බොරු පිත්තොලයක් සමග කඩේ මුදලාලි නෝනා මාට්ටු ව්යාජ රිවෝල්වරයක් සහ බෝර දොළහේ ජීව උණ්ඩ හතරක් සමග වීරවිල හන්දියේ වෙළඳසැල් හිමිකාරිනියක අද පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය කියයි . 19 December 2023
විදෙස් නෞකා වලට ලංකාවේ පර්යේෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවයි විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්යංශය ප්රකාශ කළේය. 19 December 2023
ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 05 October 2026