පෙර පාසල් ගුරුවරියගෙන් කප්පම් ග් ග්රාම නිලධාරියා මාට්ටු පෙර පාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනා කපා කොටා මරා දමන බව පවසා භිය ගන්වා ඉල්ලූ රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට යාමේදී හෝමාගම පිටිපන ප්රදේශයේදී ග්රාම නිලධාරී වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. 11 November 2023
ක්රිකට් සල්ලි ’’පොකට්’’ ගැහීම වලක්වන්න මන්ත්රී සංසදයක් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්රමිකතාවලට එරෙහිව ඉදිරි කාලයේදී පුළුල්ව හඬ නැගීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත වෙනම සංසදයක් පිහිටුවීමට සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත. 11 November 2023
ක්රීඩා ඇමතිගේ ආරක්ෂාව වැඩි කරයි ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 11 November 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර, මධ්යම,සබරගමුව,දකුණ,වයම සහ ඌව පළාත්වල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 11 November 2023
අයිස් සමග අපරාධ අංශයේ ලොක්කා අල්ලයි අයිස් මත්ද්රව්ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 11 November 2023
වරායට ගිය වසරේ කෝටි 1197ක ’’ඕටී’’ ගෙවලා ශ්රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් වෙනුවෙන් අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 1197 කට ආසන්න මුදලක් පසුගිය වසරේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 11 November 2023
සිඟිත්තාගේ සිරුර නාන තටාකයේ බෙන්තොට ප්රදේශයේ කුඩා සංචාරක හෝටලයක නාන තටාකයකට වැටීමෙන් වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිත්තකු මිය ගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. 11 November 2023
උපන්දින සාදයේදී ලෙඩ වී අයෙක් මරුට තුනක් රෝහලට කෝට්ටේ ඇතුල්කෝට්ටේ ප්රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක පැවැති උපන් දින සාදයකදී මත්පැන් පානය කරමින් සිටි 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් කාන්තාවන් දෙදෙනකු ඇතුලු තිදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි වැළිකඩ පොලිසිය පවසයි. 10 November 2023
ශ්රී ලංකාවට ක්රිකට් තහනමක් වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවට ක්රිකට් තහනමක් යෙදීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. 10 November 2023
අවදානම් තැන් 54 ගැන දැනුම් දෙයි දිවයිනේ බොහෝ ප්රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක අටක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 10 සවස නිකුත් කරනු ලැබ තිබේ. 10 November 2023
සුදු සීනි හිඟයක් මවා පාලා බොහෝ ප්රදේශවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. 10 November 2023
පරණ ක්රිකට් සංගම් විසුරුවයි අවුරුදු විසි ගාණක් තිස්සේ එක දිගට ක්රියාත්මක වන ලංකාවේ සියලු ක්රිකට් සංගම් විසුරුවා හැර ඡන්දයක් අලුතින් පවත්වා ක්රිකට් ප්රතිසංවිධාන කිරීමට තීරණය කර ඇතැයි ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 10 November 2023
අල්ලසකට පරිසර අධිකාරියේ ලොක්කා අත්අඩංගුවට ව්යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. 10 November 2023
යුරෝපා සංගමය සමඟ සබඳතා ශක්තිමත් කරනවා ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 10 November 2023
ගුවන් යානයේ වැසිකිළියක ’’රත්රන්’’ බෝම්බයක් කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයේ වැසිකිළියක තිබූ කළු පැහැති පාර්සලයක් බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන නවතා, බෝම්බ නිශ්ක්රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්රෑම් දෙකක් බරැති රත්රන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට බාර දී තිබේ . 10 November 2023
ක්රිකට් ලොක්කෝ කෝප් කමිටුව හමුවට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි ප්රධානීහු පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 14 වැනිදා අඟහරුවාදා සවස 2.00 ට කැඳවනු ලැබ සිටිති. 10 November 2023
දියණිය මව මරා පොලිසියට බොරුත් කියලා 16 හැවිරිදි දියණිය ඇගේ මවගේ ගෙල සිරකරා මරා ඖෂධ වැඩියෙන් පානය කර දිවි නසා ගත් බවට පොලිසියට කියන්න ආ දැරියක අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය කියයි. 10 November 2023
විජේසිරිගේ කතාවකින් මැතිසබේ නොසන්සුන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් මන්ත්රී චමින්ද විජේසිරි මහතා සහකාර මහලේකම් නීතිඥ හංසන අබේරත්න මහතා අපහසුතාවයට ලක්වන අයුරින් අපහාසාත්මකව දෝෂාරෝපණය කිරීමේ සිද්ධියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්ත්වයක් අද (10) පස්වරුවේ ඇතිවිය. 10 November 2023
ආයතන පහක ලාභ භාණ්ඩාගාරයට දෙයි ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යාංශයට අයත් ආයතන පහක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිරිනැමීම ජනාධිපති කාර්යාලයේ දී අද (10) සිදු විය. 10 November 2023
රට වැටිලා නෑ:වැටී ඇත්තේ පාලකයන් අපේ රට දුප්පත් රටක් නොවෙයි. සම්පත්වලින් බහුල රටක්. දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ? අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව නැතිනම් පාලකයෝ යැයි බව ශ්රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති. 10 November 2023
කතානායකට එරෙහිව පැමිණිල්ලක් ක්රිකට් ආයතන ප්රධානීන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී විපක්ෂය දිගින් දිගටම ඉල්ලද්දීත් ඡන්දයකට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව අදාළ සියලු ජාත්යන්තර සංවිධානවලට පැමිණිලි කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 10) පැවසීය. 10 November 2023
ඡන්දයක් නැතුව ඉන්නෙ මොකටද? ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ඒකාබද්ධව යෝජනාවක් ගෙනවිත් එය සම්මත කරන අවස්ථාවේ ඡන්දයක් ඉල්ලාවි යැයි ජාතික ජන බලවේගය නොසිතූ බව ගම්පහ දිස්ත්රික් මන්ත්රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය. 10 November 2023
ටයිටැනික් නැවේ මෙනු පත වෙන්දේසියට ටයිටැනික් නැව අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, එදින රෑ, නැවේ පළමු පංතියේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට නියමිතය. 10 November 2023
වෙදැදුරෝ විරෝධයක ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සංවිධානයකළ විරෝධතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද පැවැත්වීය. 10 November 2023
බෙහෙත් පෙත්ත සිසුවියට මරු කැඳවයි බලපිටිය මරදාන ප්රදේශයේ පාසල් ශිෂ්යාවක් අද (10) උදෑසන බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මරු මුවට පත්වී ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි. 10 November 2023
හොරු රකිනවා නම් රට යන පැත්ත ගැන හිතාගන්න බෑ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධානීන් මෙච්චර දූෂණ වංචා කරද්දි ඒ අය රැකීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මෙරටට යන කලදසාව තමාට සිතාගත නොහැකි යැයි ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 November 2023
අක්කර භාගයේ මිරිස් වගාවෙන් කෝටියක ආදායමක් අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්රාමයේ තරුණ ගොවි මහතකු මෙවර අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70ක් උපයා ගෙන ඇතැයි වාර්තා වේ. 10 November 2023
කාසල් රී මාවුසාකැලේ පිටාර මට්ටමේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමට පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරු පැවසති 10 November 2023
පැය 4 කට පහර දෙන්නේ නෑ උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4 ක්, ගාසා තීරයට ප්රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්රායලය පවසා තිබේ. 10 November 2023
දිල්ලියේ විෂ දුම අඩුවෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට සුළු වර්ෂාපතනයක් ඇද හැලුණු බැවින්, අගනුවර වසාගෙන පැවැති විෂ දුම යම්තාක් දුරට පහව ගිය බව කාලගුණ විද්යාඥයෝ පවසති. 10 November 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026