අයියා වෙනුවට මල්ලී විභාගයට පෙනී සිටලා තම වැඩිමහල් සොයුරා වෙනුවන් අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයකු අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි. 09 June 2023
විදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම් ශ්රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 09 June 2023
රටවිරුවන් මාස 5 කදී ඩොලර් මිලියන 2300 ක් එවලා විදේශගත ශ්රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 09 June 2023
විෂ මාළු කා මවක් මරුට:තුනක් රෝහලට වෙරළේ විසිකර තිබූ මාළු විශේෂයක් අහුලාගෙන ආහාරයට ගත් බව කියන දෙදදරු මවක මියගොස් තවත් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
කුකුළු මස්, බිත්තර අඩු කරන යෝජනාවක් කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 June 2023
ජීවකයා, මහගේ ඉඩම නොදුන්නැයි ආච්චිට ගහලා මහගේ ඉඩමක් නොදුන්නැයි උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිළධාරීන්ට ද බාධා කර සාපරාධී බහත්කාරය පෑ දොස්තර මුණුබුරෙක් තිස්සමහාරාම පොලිසිය විසින් පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 09 June 2023
සාපෙළ ඉවරවී සිසුවා මරුවා හා යයි සාමාන්ය පෙළ විභාගය නිමාවී යතුරු පැදියකින් නිවසට යමින් සිටි පාසල් සිසුන් දෙනකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවකු හා සිසුවියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
බිබිලේ සිට ආ තරුණියෝ තිදෙනෙක් මුහුදට බිලි බිබිල ප්රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
පිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙදපොළට කොළඹ විශ්ව විද්යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර් යේෂණ කණ්ඩායමක් මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් පසුගියදා හඳුන්වා දුන්නේය. 09 June 2023
වෙළෙඳ ක්රියාවලිය සරල කිරීමට ජාතික යෝජනාවලියක් ශ්රී ලංකාවෙි වෙළෙඳ කටයුතු ආශ්රිත ක්රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 09 June 2023
රජයේ සියලු ආයතන රජයේ නිවාසවලට සියලු රාජ්ය සියලූ රාජ්ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්රී යෝජනාවක් බදුල්ල දිස්ත්රික්කයේ මන්ත්රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළේය. 09 June 2023
ඉන්දීය - ශ්රී ලංකා ආරක්ෂක සම්මන්ත්රණයක් ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් සහයෝගීතාව ප්රවර්ධනය කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පළමු වරට සංවිධානය කළ ඉන්දීය - ශ්රී ලංකා ආරක්ෂක සම්මන්ත්රණය සහ ප්රදර්ශනය කොළඹ ටාජ් සමුද්රාහිදී පැවැත්විණි. 09 June 2023
ජාතික රෝහලේ ‘ඉන්සියුලින්’ හිඟයක්: රෝගීන් දැඩි අපහසුතාවට කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 09 June 2023
ලංකා සතොස භාණ්ඩ 10 ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ වර්ග 10 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 09 June 2023
එමීර් රාජ්ය බෞද්ධ සිද්ධස්ථානයක් ශ්රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්ය අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව ප්රවර්ධනය කිරීම සදඟා බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයක් ස්ථාපිත කිරීම එක්සත් ආරාබි එමීර් රාජ්යයෙන් අවශ්ය සහාය මෙන්ම ඒකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා පැවසීය. 09 June 2023
ෆොන්සේකා ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්රික් මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 09 June 2023
දේව මෙහෙය අස්සේ පල්ලියට රිංගන්න හැදූ අයෙක් මාට්ටු කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙය පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියමින් ඉමිටියාස් නැමැති පුද්ගලයෙක් වෙරළබඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 09 June 2023
බස් - ලොරි ගැටී 20ක් රෝහලට කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම ප්රදේශයේ දී ප්රදේශයේ දී අද(9) අළුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර පුද්ගලයන් නම දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 09 June 2023
රැඳවුම් නිවසේ සිට සාපෙළ ලියන්න ඇවිත් පැන යයි මනුෂ්ය ඝාතනයක් සිදු කිරීම සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නිවසක රඳවා සිටි පාසල් සිසුවකු අපොස සාමාන්ය පෙළ විභාගයට පිළිතුරු සපයන අතරතුර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 09 June 2023
කැපුම් තුවාල සහිතව කුඩා දරුවෙක් මියගිහින් මාලබේ තලාහේන හල්බරාව ප්රදේශයේ වයස අවුරුදු හයක් පමණ වන පිරිමි දරැවකු වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි. 09 June 2023
පවුල් ආරවුල විභාග කරද්දී පිහි පහරක් බකමූණ පොලිස් ස්ථානයේ පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරමින් තිබියදී පැමිණිකරු කෝපාවිෂ්ඨ වී වගඋත්තරකරුවකුට තිබුණු ආයුදයකින් පහරදී ඇති අතර එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. 08 June 2023
චීනා චීනයට යන්න බෑ කියා වලියක් දාලා ව්යාජ විදෙස් ගමන් බලපත්රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි. 08 June 2023
නිල ඇඳුමත් එක්කම කොස්තාපල්ගේ බෑගය සොරාගෙන කල්ලඩි පොලිස් අභ්යාස විද්යාල එක එකට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිල ඇඳුම් සහිත ගමන් බෑගය බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. 08 June 2023
ඩොලර් සංචිත ටිකෙන් ටික ඉහළ මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංංකුව පවසයි. 08 June 2023
සාපෙළ අවසන් වී යන සිසුවා පහර කා රෝහලේ අපොස සාමානය පෙළ විභායට පෙනී සිට නිවස කරා යමින් සිසුවකුට එම විදුහලේම විභාගයට පෙනී සිටි තවත් සිසුන් දෙදෙනකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි. 08 June 2023
ව්යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා රටින් පිටුවහල් ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු සිටි චීන ජාතිකයා අද (8) පස්වරුවේ ආගමන විගමන නිලධාරීන් දැඩි රැකවල් මැද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් පිටුවහල් කර ඇත. 08 June 2023
පාඨමාලාවට යමින් සිටියදී සිසුවා ලොරි මාරයා බිලිගනී ගොඩගම කාර්මික විද්යාලයේ පුහුණු පාඨමාලාවකට යමින් සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු අද (08) දා උදෑසන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ප්රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි . 08 June 2023
ත්රිරෝද රිය පාපැදියක ගැටී පැදිකරු මරුට අලුත්ගම පොලිස් වසමට අයත් ගාල්ල කොළඹ ප්ර ධාන මාර්ගයේ අලුත්ගම සිට බේරුවල දෙසට ගමන් ගත් පා පැදි කරුවකු ගේ පසුපසින් ආ බව කියන ත්රී රෝද රථයක් පාපැදියේ ගැටී සිදු වූ අනතුරෙන් පා පැදිකරු බේරුවල රෝහලට ඇතුලත් කිරීමේදී අද (8) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි. 08 June 2023
වී.ඕ.ජී. දොස්තර ඝාතනය කළ සැකකරුට මරණ දඬුවම් වසර 14කට පෙර වවුනියාව මහ රෝහලේ සේවයකළ ප්රසව හා නාරි විශේෂඥය වෛද්යවරයකු පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ එවකට ප්ලොට් සංවිධානයේ (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය) වවුනියාව ප්රාපදේශිය නායකයකු වූ නැදුමාරන් නැමැත්තාට වවුනියාව මහධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් අද (08) මරණ දඬුවම නියම කළේය. 08 June 2023
කෝටි 4 ක කේරළ ගංජා කිලෝ 128 ක් අත්අඩංගුවට යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි හතරකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්රෑම් 128 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 08 June 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026