මහ කන්නයේදී යූරියා මිටිය පන්දහසකට දෙයි මෙම මහ කන්නයේදී යුරියා පොහොර මිටිය රුපියල් 5000කට වඩා අඩුවෙන් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා අද (10)පැවසීය. 10 June 2023
බීඩි කොල පන්නන්න බැරි වේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ ඉන්දීය බීඩි කළ තොගයක්, කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබියදී 10 දින අලුයම පුත්තලම පාලවිය ප්රදේශයේදී,පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 10 June 2023
කොරියාවේ නැව් හදන්න ගංගාරාමයෙන් පුහුණුව කොරියාවේ නැව් හදන කම්හල් වලට ශ්රමිකයන් පුහුණු කරන මධ්යස්ථානයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්රී ජිනරතන අධ්යාපන ආයතනයේ පිහිටුවීම සඳහා කොරියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. 10 June 2023
කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල් කසිප්පු වැටලීමට ගිය පොලිස් ජිප් රථයට ගල් ප්රහාරයක් ඒල්ල කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 June 2023
’’ජනපති ඡන්දෙට වුණත් අපි සූදානම්’’ ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 10 June 2023
බස් අනතුරින් සිසුවෙක් මරුට:10ක් රෝහලට අනතුරෙන් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ලිපිනයේ පදිංචිව සිටී බී.එච්.ටී. දිල්ශාන් නමැති 16 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය. 10 June 2023
කෝටි හයක කුඩු සමග තරුණයෝ දෙකක් මාට්ටු කොස්ගොඩ අද (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. 10 June 2023
ජනපති ඉවුම් පිහුම් වැඩ බලන්න යයි මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 10 June 2023
ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්යාවෙන් සියයට 33ක්) උග්ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා සහ සංඛ්යාන අධ්යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 10 June 2023
ආරුගම්බේ මුහුදේ ගසාන ගිය සිවු දෙනකු බේරා ගැනෙයි අරුගම්බේ උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටිය දි දියේ ගසාගෙන යමින් සිටී තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් බේරා ගනු ලැබූහ. 10 June 2023
ගුවන් තොටුපොළට ස්වයංක්රීය ආගමන විගමන පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා සිංගප්පූරු සමාගම ගිවිසුමකට අත්සන් කළේය. 10 June 2023
උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක් උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි. 10 June 2023
කොළඹ ඇතුළු ප්රදේශ ගණනාවකට තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 10 June 2023
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සම්බාබවේ සංචාරය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද දින අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය බාර නිලධාරීවරයා ද සනාථ කළේය. 10 June 2023
සංහිඳියා නීති කෙටුම්පත් කිරීම කඩිනම් කරන්න සංහිඳියාව සඳහා වන ක්රියාකාරී සැලැස්ම ක්රියාත්මක කිරීමට අදාල නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් දුන්නේය. 10 June 2023
කෝටියක මුදල් වංචාවට හිටපු නාගරික මන්ත්රිනිය මාට්ටු රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්රීවරියක් පිලියන්දල පොලිසි විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 09 June 2023
අසමත් 10කට බලපත්ර දුන් මාතර ආර්.එම්.වී සේවකයා ගෙදර මාතර දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ නිල මුද්රාව අවභාවිත කරමින් රියදුරු ප්රායෝගික පරීක්ෂණය අසමත් වූ 10 දෙනකුට වලංගු රියදුරු බලපත්ර නිකුත් කිරීමේ චෝදනාවට එම කාර්යාලයේ ලිපිකරුවකුගේ වැඩ තහනම් කිරීමට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පියවර ගෙන තිබේ. 09 June 2023
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ පිරිස රිමාන්ඩ් නාරහේන්පිටල ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ හත් දෙනා මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද ප්රධාන මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම මහත්මයි ෙ නියෝග කළාය. 09 June 2023
සාපෙළ සිසුවියට උපකාර කළ සැරයන්ට උපහාර සාමාන්ය පෙළ විභාගයේ ඇඩ්මිෂන් එක අමත වී පැමිණි ගෝනපොල පලන්නෝරුව මහා විද්යාලයේ විභාග මධ්යස්ථානට පැමිණි සිසුවියකට උපකාර කළ පොලිස් සැරයන් (41013) ඒ.කුලරත්න මහතාගේ සේවය ඇගයීමට පානදුර කොට්ඨාස බාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පියවර ගත්තේය. 09 June 2023
පාසල් ළමුන්ට දුම්රිය වාර ප්රවේශපත්ර 16දා දක්වා පාසල් දරුවන්ට දුම්රිය වාර ප්රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 June 2023
ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක් කොවිඩ්-19 සහ ඩෙංගු සම්ප්රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අමාත්ය සහ විශේෂඥ කමිටුවක් නම් කර ඇත. 09 June 2023
දරුවකුට අනතුරක් කළ තණකොළ කපන්නා මාට්ටු තලාහේන හල්බරාව චන්ද්රිකා කුමාරතුංග මාවතේ වැඩ බිමක තණකොළ කපන යන්ත්රයක තලයක් වැදීමෙන් බරපතල කැපුම් තුවාල ලබා වසය අවුරුදු 5 1/2 පිරිමි දරුවකු මියයාමේ සිද්ධියට එහි තණකොළ කැපූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 09 June 2023
මෙගාවොට් 2 ක ‘සෝලා’ ව්යාපෘතිය විවෘත කරයි ශ්රී ලංකාවේ විදුලිබල පද්ධතියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනන කිරීමේ ව්යාපෘතියේ කොටසක් වන මෙගාවොට් 2 ක ‘ග්රවුන්ඩ් මවුන්ට් සෝලා’ ව්යාපෘතිය හොරණදී අද (9) විවෘත කළේය. 09 June 2023
ඒ ඒ දිසාවලට මන්ත්රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සංඛ්යාව මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශයට පත් කළේය. 09 June 2023
සංචාරකයන්ගේ පැමිණීම ඉහළට මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවසයි. 09 June 2023
කොස් ඇට කා ජීවත් වන මවක සහ කුඩාදරුවකු සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්රදේශයෙන් වාර්තා වේ. 09 June 2023
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය. 09 June 2023
ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට ශ්රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ. 09 June 2023
ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ’’ ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ’’ පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 09 June 2023
වෘත්තිය පුහුණු ක. ස. ගේ මරණයට පොලිසිය හතක් අල්ලයි නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළේ යැයි කියන පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ හත් දෙනෙක් රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 09 June 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026