අරගල සමයේ පොලිස් රියකට ගිනි තැබු 3ක් අල්ලයි අරගල සමයේ ඉකුත් මැයි මස 09 දින මරදාන පංචිකාවත්ත ප්රදේශයේදීයි පොලිස් මෝටර් රථයකට පහර දී එහි කොටස් ගලවා ගිනි ගිනිතබා අනර්ථය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 20 April 2023
යේමනයේ තෙරපීමකින් 85ක් මරුට යේමනයේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් 85 දෙනකු මියගොස් 322 කු තුවාල ලබා ඇතැයි හවුති බලධාරීන් ප්රකාශ කර ඇත. 20 April 2023
බණ්ඩි පොහොරවලට සහනයක් මෙවර යල කන්නයේ වී වගාව සඳහා MOP හෙවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 20 April 2023
බර අනුව බිත්තරේට මිලක් බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 20 April 2023
රිලව් කතාවට උත්තර දෙයි ලංකාවේ රිලවුන් ලබාදෙන්නැයි ඉල්ලීම පැමිණියේ චීන ජනරජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 20 April 2023
පොටෝ ශාලාවේ හොර සල්ලි අච්චු ගහලා අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුල රුපියල් පන් දහසේ ව්යාජ නෝට්ටු මුද්රණය කළ ස්ථානයක් වටලා ව්යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට ගත් බව පොලීසිය කියයි. 20 April 2023
ඇමෙරිකා සමාගම ගිනුම් අටක් අත්හිටුවයි මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්ය සමාගමේ ප්රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය. 20 April 2023
දර කඩන්න ගිය කොස්තාපල් අතුරුදන් මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්ය දර කඩා ගෙන ඒමට අද 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් කොස්තාපල් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. 19 April 2023
මහ පාරට වැටුණු මව් සෙනෙහස මහමඟ දමා ගිය වයෝවෘද්ධ මවක ප්රදේශවාසීන් විසින් කවා පොවා නහවා අලුත් ඇඳුම් ද අන්දවා පොලිසියට බාරදීමේ සිද්ධියක් මිද්දෙනිය තබලපැලැස්ස ප්රදේශයෙන් වාර්තා වෙයි. 19 April 2023
හිටපු නීතිපති දප්පුලගෙන් පිටු හතක විරෝධයක් පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ අද (19) පෙරවරුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී නොසිටියේය. 19 April 2023
අලුත් ඕ.අයි.සීට රාජ්ය ඇමැති හරස් වේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ එම පත්වීම පුත්තලම දිස්ත්රික්කයේ රාජ්ය අමාත්යවරයකුගේ මැදිහත්වීම මත (19) අත්හිටුවා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. 19 April 2023
‘‘ගුරුමාරු අවලංගු කරන්නේ නෑ‘‘ ගුරුවරුන්ගේ ස්ථානමාරු විධිමත් ගුරුමාරු මණ්ඩල මගින් සිදුකර ඇති බවත් එම මාරු කිසිසේත් අවලංගු නොකරන බවත් අධ්යාපන අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය. 19 April 2023
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අද (19) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාදයක් ඇති වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 19 April 2023
අරගලයේ ක්රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ අරගලේ ප්රධාන ක්රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි. 19 April 2023
උසස් පෙළ පිලිතුරු පත්ර ඇගයිමට ජනපති අත ගසයි උසස් පෙළ පිළිතුරු පත්ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් විභාග සම්බන්ධ කාර්යයන් අත්යාවශ්ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අධ්යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. 19 April 2023
අධිවේගීයේ අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයට අවසර ඉල්ලයි අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කළේය. 19 April 2023
නාවික හමුදාපති රුවන් හමුවෙයි දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 19 April 2023
ගුවන් සමාගමේ ප්රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට ශ්රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්රධානීන් පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසිය. 19 April 2023
අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය රිලව් ලක්ෂයක් ශ්රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත. 19 April 2023
මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි. 19 April 2023
ඉන්දියාව චීනය අභිබවයි ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ. 19 April 2023
කාදිනල් අගවිනිසුරුද පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පැවසීය. 19 April 2023
පුංචි ඡන්දය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක් පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 19 April 2023
මහනුවර බාලිකාවේ වංචාව සොයන්න කමිටුවක් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් මධ්යම පළාත් අධ්යාපන අමාත්යාංශය මඟින් පත්කොට තිබේ . 19 April 2023
රිලවුන් රැක ගන්න ඉන්දියාවට ලිපියක් ශ්රී ලංකාවේ රිලවුන් චීනයට විකිණීමට දරන වෑයමට ඉඩ නොදෙන්නැයි ශ්රී ලංකාවේ පරිසර හා සොබාදහම් අධ්යයන මධ්යස්ථානය (CENS)ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවා තිබේ. 19 April 2023
කිරිපිටි මිල තවත් අඩු වෙයි ? කිරිපිටි මිල තව දුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 April 2023
මත්පෙති කිලෝ 34 ක් සමඟ අයෙක් මාට්ටු හෙරොයින් ආදේශකයක් වශයෙන් භාවිතා කරන මත් පෙති කිලෝ 34 ක් සිය ගමන් බෑගය තුළ සඟවා චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි මගියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය පවසයි. 19 April 2023
විශ්රාමික හමුදා සැරයන් ගිනි අවියක් සමග මාට්ටු චීනයේ නිෂ්පාදිත ස්වයංකීය පිස්තෝලයක්, උණ්ඩ 11ක්, පතුරම් ගැබක් නීති විරෝධීව ළඟ තබා ගෙන සිටි විශ්රාමික හමුදා සැරයන්වරයකු අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි. 19 April 2023
ගම් හදන්න සැලසුම් 21ක ගැසට්ටුවක් 2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 19 April 2023
බයිඩන් යුවලගේ ආදායම පහළට පසුගිය වසරේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ඇමෙරිකානු ඩොලර් 579,514 ක මුදලක් උපයා ඇතැයි ඊයේ (18) ප්රසිද්ධ කරන ලද බදු වාර්තාවේ සඳහන් වේ. 19 April 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026