සැමියාගේ මුගුරෙන් බිරිය මරුට පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 22 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය. 09 April 2023
බෑණා නැන්දම්මා ඝාතනය කරයි අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි. 09 April 2023
‘අරගලය’ට වසරක් පිරෙයි ශ්රී ලංකා ඉතිහාසයේ පාලකයන්ට එරෙහිව වඩාත් අවධානය යොමු වූ ජනාතා නැගිටීම ලෙස සැළකෙන ‘2022 අරගලය’ට වසරක් සම්පූර්ණ වීම සමරමින් අරගලයේ ක්රියාකාරීන් පිරිසක් අද (9) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 09 April 2023
මාරයා යතුරු පැදියෙන් එයි හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස් ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 09 April 2023
මෙහෙයුමකදී නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි. 09 April 2023
එක් නූනොත් ගොඩ යනු බොරු ශ්රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ මෙහෙයුම් ප්රධානී පීටර් බෘවර් මහතා ප්රකාශ කර ඇත. 09 April 2023
‘සිපෙට්කෝ’ පිරවුම්හල් 40 ක තහනම ඉවතට කිව්.ආර්. කේතයට පටහැනිව ඉන්ධන අළෙවිය කළේ යැයි චෝදනාවට ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන අඟහරුවාදා (12 වැනිදා) සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 April 2023
හරක් කටාගේ මත් ජාවාරම් කළ පී.සී මාට්ටු මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්රව්ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 09 April 2023
රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 09 April 2023
හිංසාකාරී ලෙස එළුවන් පටවා වැඩ වරදි බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුඩා ලොරි රථයක ඉතා හිංසාකාරී ලෙස එළුවන් 56 ක් ප්රවාහනය කරමින් සිටියදී රඹපොකුණ ප්රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි . 09 April 2023
අලි පැටවු දුම්රිය පිළි පන්නයි ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය කළ රාත්රි තැපැල් දුම්රියට හබරණ හතරැස් කොටුව ප්රදේශයේදී වල්අලි දෙදෙනකු හැපී දුම්රිය පිළි පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ ගැටුණු අලි දෙදෙනකු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි. 09 April 2023
දිසා දෙකකට නායයාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 April 2023
කල්එළිය හෙල්ලූ දොඹකර අනතුර පස්යාල මීරිගම මාර්ගයේ කල්එළිය නගරයේදී ජංගම දොඹකර ප්රවාහන රථයක් නවතා තිබූ වාහන දහයක ගැටී පාරෙන් ඉවතට පැන තාප්පයක් හා ගේට්ටුවක්ද කඩාගෙන නිවසක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි. අනතුරින් සිවු දෙනකුට තුවාල සිදුව ඇති අතර අනතුර සිදු වෙද්දී නගරයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 09 April 2023
සමුද්රදේවිය පෙට්ටි ගැලවෙයි සමුද්රදේවී දුම්රිය අද උදෑසන කළුතර උතුර ප්රදේශයේදී එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් ඇති බව කළුතර දුම්රිය බළධාරියෙක් සදහන් කලේය. 09 April 2023
වතුමුරකරු මහා අනතුරක් වළක්වයි ඉදල්ගස්හන්නේ වතු මුරකරුවකු ජිවිත අවදානම නොතකා ක්ෂණිකව ක්රියාත්මක වීම නිසා සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් ඊයේ රාත්රී 8.00 පමණ වළක්වා ගැනීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 09 April 2023
පොහොට්ටුව - සජබ ඇමතිකම්වලට හැප්පෙති ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්ය මණ්ඩල සංශෝධනයේදී,ඉතිරි වී ඇති අමාත්යධුර දහය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 April 2023
බිත්තර පස්වන නැවත් එයි ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට අද (8) ළගා වූ බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 08 April 2023
හියුමන් රයිට් ප්රධානියාට එරෙහිව කොමසාරිස්වරු ලියයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්රාමික විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සමඟ රාජකාරි කළ නොහැකි බව එහි කොමසාරිස්වරුන් තිදෙනකු ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිට ලිඛිතව දැනුම් දී ඇත. 08 April 2023
පාරිභෝගික අධිකාරිය රෑ වැඩ පෙන්නයි උත්සව සමයේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් සහ රාත්රී කාලයේදී වැඩි මිලට බිත්තර විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්රී වැටලීම ආරම්භ කළ බවත් ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙක් පැවැසීය. 08 April 2023
හෙදියගේ තේ එක පානය කළ වෙදැදුරා රෝහලේ හෙද නිලධාරිණියක ලබා දුන් කිරි තේ එක පානය කිරිමෙන් පසු සිහි නැතිව ගිය බව පවසයා වෛද්යවරයකු තංගල්ල රෝහලට ඇතුළත් වී ඇතැයි දකුණු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාරයාලය පවසයි. 08 April 2023
රට මුහුණ දෙන ලොකුම අර්බුදය දේශපාලන නූගත්කමයි විනයක් සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පැවසීය. 08 April 2023
චීනය රේඩාර් පද්ධතියකට දෙවුන්දර තුඩුව ඉල්ලයි ශ්රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. 08 April 2023
පාස්කු ප්රහාරය වැනි සිදුවීම් වලට මින් ඉදිරියට ඉඩක් නෑ පාස්කු ප්රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 08 April 2023
ඩුබායි ගිය ගුවන් යානය කාර්මික දෝශයක් නිසා ආපසු කටුනායකට පැය 15 කට ආසන්න කාළයක් ප්රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින උදෑසන ගොඩ බස්වා තිබේ . 08 April 2023
රාජිතගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි? සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 08 April 2023
නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 08 April 2023
මිදිගම හෝටල් හිමියා ඝාතනයට දෙදෙනෙක් අල්ලයි මිදිගම සංචාරක හෝටල් හිමියෙකු සිය හෝටලය ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම දී විශේෂ කාර්ය බලකායේ දකුණු පලාත් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 08 April 2023
ගිනි අවි පහක් සමග හතරක් මාට්ටු මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන පුද්ගලයෝ හතර දෙනෙක් උහන ,අඹන්පොල, කිලිනොච්චිය සහ මල්ලාවි යන පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 08 April 2023
කාලගුණය ගුවන් ගමන් ප්රමාද කරයි කටුනායක අවට පවතින දැඩි වර්ෂාව නිසා ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්රමාද වීම් සහ අවලංගු කිරීමට ඉඩ ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ පවසයි. 08 April 2023
කාලගුණය ටික ටික සැරවේ බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්රික්කයේත් අද (8) දිනයේත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 08 April 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026