බයිඩන් පා පැදියෙන් වැටිලා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, උදෑසන මුහුදු වෙරළේ සිය පා පැදිය පදිමින් සිටිද්දී, පා පැදිය සමඟ ඇදගෙන වැටුණු නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවිණි. 18 June 2022
කපුටා ඉන්ධන බෙදීම ප්‍රමාද කරයි දින පහකට පසුව ලැබුණු ඉන්ධන බෙදාහැරීම කපුටකු නිසා පැය භාගයක් ප්‍රමාද වීමේ පුවතක් බණ්ඩාරගමින් වාර්තා වෙයි. 18 June 2022
‘ලබන සතියේ සියලු පාසල් වැසීමට තීරණයක්‘ කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල මෙන්ම දිවයිනපුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 18 June 2022
පොලිසීයට අත ඔසවන්නන්ට නීති දැඩි වෙයි ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය. 18 June 2022
ජාතික ගුවන් සේවයට මේ වසරේදී කරන දේ ඇමති කියයි ජනතාවට බරක් නොවීම පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදී අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 June 2022
තිස්සේ දී කෘෂි ඇමැතිට විරෝධයක් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති රැස්වීමකට සහභාගීවූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා එම ස්ථානයෙන් පිටව යද්දී ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය. 18 June 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාමේ අවදානමක් ප්‍රමාණවත් බොරතෙල් ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 23 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් පවතින බව වාර්තාවේ. 18 June 2022
කොළඹ පාසල් සතියකට වහයි කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. 18 June 2022
ඉන්ධන හිඟයෙන් රෝහලුත් වැසෙන ලකුණු රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වේ. 18 June 2022
ඉන්ධන පිරවුම්හලේ ගැටුමෙන් පොලීසියේ 6ක් රෝහලේ අතුරුගිරිය ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 18 June 2022
කැලණි ගඟට දැමු දරුවාගේ සිරුර වයික්කාල වෙරලේ මවක් කදිරාන පාලමෙන් කැලණි ගඟට විසි කළ 5 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර වයික්කාල මුහුදු වෙරළේ තිබී හමුවු බව පොලිසිය පවසයි 18 June 2022
පේරාදෙණිය සරසවිය වහයි රට තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවඑම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයකු පැවසීය. 18 June 2022
‘නැගෙනහිර පර්යන්තය අදානිට දෙන්නේ නෑ‘ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබා නොදෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 June 2022
‘ගිය වසරේ අධ්‍යාපනයේ විනාශය ගැන අනාවරණයක්‘ කොවිඩ් තත්වය සහ ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරේදී දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. 18 June 2022
පිළිතුරුපත් බලන්න යන්න තෙල් ඉල්ලා ගුරුවරු මහපාරේ උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ. 18 June 2022
‘ලෙස්ටර් කෞතුකාගාරය පිටුපස රජ ගැහිලි‘ සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත. 18 June 2022
කෝටි 11ක කොම්පියුටර් හොර පාරෙන් ලංගමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිතා කරමින් පරිගණක යන්ත්‍ර 800ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. 18 June 2022
සහතිකයක් දුන්නොත් යළි සලකා බලනවා එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා නැවත රුසියානු ගුවන් යානයක් රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බව එරෝෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 18 June 2022
ඉතිරි ෆයිසර් දි මියන්මාරයෙන් හාල් ගන්න යයි මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත. 18 June 2022
පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනෙක් බසයක් උස්සති හෝමාගම ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගත් බව කියන පහළොස් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු සිද්ධියෙන් මිනිත්තු තිහක් ඇතුළත සොරාගත් බස් රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 18 June 2022
මිණිපේ ඇළට වැටුණු කතක පොලිසිය බේරාගනී හසලක මිණිපේ ඇළට වැටණු කාන්තාවක අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කර ඇත. 18 June 2022
අදත් තැනින් තැනට වැසි බස්නාහිරල සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ක්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 June 2022
මන්ත්‍රී පිරිසක් රුසියන් තානාපති හමු වෙන්න යති රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපතිවරයා හමුවීමට හවුල් පක්ෂ නවයේ නායකයන් තීරණය කර ඇත. 18 June 2022
ජනපති පොහොට්ටු මන්ත්‍රීවරුන් කඳවයි ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා (20)සවස 5 ට කොටුව ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත. 18 June 2022
හිටපු මැති ඇමැති නිල වාහන තවමත් වැඩ හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය නිල වාහන තවමත් බාර දී නැතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 18 June 2022
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 16 ක ජල කප්පාදුවක් කොළඹ 5 සහ කොළඹ 6 යන ප්‍රදේශවලට හෙට (18) රාත්‍රී 11.00 සිට අනිද්දා (19) පස්වරු 3.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 17 June 2022
අරගල භූමියෙන් පැමිණිලි රැසක් ගාලු මුවදොර හා අරගල පැවැත්වෙන ස්ථානයේ යතුරු පැදි, ත්‍රිරෝද රථ, ජංගම දුරකතන හා මුදල් සොරා ගැනීමේ සිද්ධින් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 17 June 2022
වී ගබඩා සූර්ය පැනල සවි කරන්න යයි වී අලෙවි මණ්ඩලය සතුව රටපුරා පිහිටි වී ගබඩා 230ට වහල මත සූර්ය පැනල සවි කිරීම කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 17 June 2022
අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ට පාපැදි වර්තමානයේ රට තුල පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් 30,000 ක් සඳහා පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා එකඟ වී ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. 17 June 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026