විදුලි සැරවැදි මියගිය බව කියූ හබරණ මව - පුතාගේ මරණය ඝාතනයක් හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටියදි විදුලි සැරවැදීමෙන් මියගිය මව සහ පුතා වෙඩි තබා තියුණු ආයුදයකින් පහරදි ඝාතනය කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව හබරණ පොලිසිය කියයි. 23 June 2021
දුම්රියටත් හෙට නිවාඩු සංචරණ සීමා ක්‍රියාත්මක වන හෙට (24) දිනයේදී කිසිඳු දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. 23 June 2021
කොවිඩ් මරණ තවත් 65ක් කොවිඩ් ආසාදිතවූ තවත් 65 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 June 2021
’’බ්ලූමැන්ඩල් කුණු කන්දෙන් කොම්පෝස්ට් හදනවා’’ කොළඹ, බ්ලූමැන්ඩල් කුණු කන්ද කොම්පෝස්ට් පොහොර බවට පරිවර්ථනය කිරීමේ මූලික පියවර ගනිමින් සිටින්නේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පැවසීය. 23 June 2021
කොරෝනාවට කෝටි විසි දාහක් වෙන් කරන ඇස්තමේන්තුව සම්මතයි කොරෝනා පාලන සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසි දහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. 23 June 2021
කෝටි දෙකහාමාරක දුම්වැටි පන්නන්න බැරිවෙයි නීති විරෝධි ලෙස ආනයන කළ රුපියල් කෝටි දෙකහාමාරක් පමණ වටිනා සිගරැට් ලක්ෂ තුනකට ආසන්න තොගයක් රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශය අද (23) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 23 June 2021
සැරයන්වරයකුට පහරදුන් 5ක් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයට පහළින් පිහිටි පාලමක් අසළදී ඉත්තැපාන පොලිසියේ සැරයන්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අද (23) අත්අඩංගුවට ගත්තේ යැයි පොලිසිය පැවසීය. 23 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,358ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,358 දෙනකු අද (23) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි 23 June 2021
තවමත් එළවළු ගිනි ගණන් වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවමත් අධික ලෙස ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 June 2021
රනිල් අභයාරාමයට ගොස් ආශිර්වාද ගනී එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු අද (23) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. 23 June 2021
ෆයිසර් එන්නත් 78,000ක් ලබන මාසයේදී මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 78 ,000ක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 23 June 2021
රටපුරා කල්ඉකුත් වූ ඖෂධ සොයයි දෙහිවල, නැදිමාලේ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොග වෙළඳපොළට නිකුත්කර ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි. 23 June 2021
‘පාසල් දැන්ම විවෘත කරන්න බෑ‘ කොවිඩ් වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය 23 June 2021
දිගු කලක් හිරේ ඉන්න අයට සාධාරණය ඉටු කරන්න තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (23) ඉල්ලීමක් කළේය. 23 June 2021
ධීවරයෝ ලක්ෂ 5 බැගින් වන්දි ඉල්ලා උසාවි යති කොළඹ වරාය ආසන්නයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු අත් හිටුවීමට තීරණයෙන් පීඩාවට පත් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 23 June 2021
කුලසිරි බුදවත්තයන් දිවි සැරිය නිමා කරයි මෙරට ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන්ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත විය. 23 June 2021
’’අස්ට්‍රාසෙනිකා’’ ගැටලුව විසඳන හැටි පවිත්‍රා කියයි‘ කොරෝනා මර්දන අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (23) පැවසුවාය . 23 June 2021
ලංකාදීප පොසොන් ආලෝක පූජාව හෙට තන්තිරිමලේදී සීමාසහිත විජය පුවත්පත් සමාගම වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (24) පස්වරුවේ පැවැත්වේ. 23 June 2021
රිෂාඩ්-රියාජ් ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයි සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා අද (23) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 23 June 2021
පී.සී.ආර් යන්ත්‍ර නැති දිස්ත්‍රික්කවලට පී.සී.ආර් කේන්ද්‍රයක් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පහසුකම් නොමැති දිස්ත්‍රික්ක සඳහා එම පහසුකම් සහිත කේන්ද්‍රයක් (POINT OF CARE PCR) ලබන මාසයේදී පිහිටුවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද(23) පැවසුවාය . 23 June 2021
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. 23 June 2021
විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදියටයි තුවාලය පෙන්වමින් හිඟා කන හිඟන්නාගේ ඒ තුවාලය සුවකිරීමට යෑමේදී ඔහු කලබලයට පත්වීම ස්වාභාවික බවත් ආර්ථික ප්රශ්නය නමැති තුවාලය මේ ආණ්ඩුව සුව කිරිමට යද්දි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලබලවී ඇත්තේද ඒ ආකාරයටම බවත් මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවැසීය . 23 June 2021
කටුනායක ගුවන්තොටේ ආගමන විගමන පහසුකම් පුළුල් කරයි කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගී තදබදය අවම කිරීම සදහා ආගමන හා විගමන පහසුකම් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 23 June 2021
අභ්‍යසලාභි රාජ්‍ය නිලධාරිනියන්ට ප්‍රසූත නිවාඩු දින 84 ක් අභ්‍යාසලාභී රාජ්‍ය නිලධාරිනියන් වෙත ලබාදී ඇති දින 42 ප්‍රසූත නිවාඩුව දින 84 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 23 June 2021
රට ලොකු මුදල් අර්බුදයක රට අද තියෙන්නේ ලොකු මූල්‍ය අර්බුදයක යැයිද රජය එය වසන් කරන්නේ යැයිද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය . 23 June 2021
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97වන ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වුණු ගුණ සැමරුම් උත්සවය කොළඹ අළුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියස දී අද (23) පෙරවරුවේ පැවැත්විණි. සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ඉතා චාම්ව පැවති මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 23 June 2021
“ආණ්ඩුව ලොකු මිනිහාට බදු සහන දී පොඩි මිනිහ බඩගින්නෙ තිබ්බා’’ ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2021
ටොන් 30ක් හිස මත වැටී මෝටර් කාර්මික ශිල්පියා මරුට කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් සකස් කරමින් සිටි මෝටර් කාර්මිකයක් ගේ හිස මතට ඒම ලොරි රථය වැටීමෙන් මරණයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 23 June 2021
විපක්ෂයේ උද්ඝෝෂණයකින් මැතිසබේ උණුසුම් වෙයි ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ සහිත පෝස්ටර් ඔසවමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන්කාරී තත්වයක්අද(23)පෙරවරුවේ ඇතිවිය. 23 June 2021
ලෙබනනයෙන්-සිරියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වෛද්‍ය උපකරණ තොගයක් දොම්පේ දිස්ත්‍රික් රෝහලට අනුබද්ධිතව අලුතින් පිහිටුවන ලද ඇඳන් 300 කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍යව තිබූ තවත් වෛද්‍ය උපකරණ තොගයක් ලෙබනනය හා සිරියාවෙන් මෙරටට ලබාදුන් බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි. 23 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026