ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන්ට තලේබාන් ප්‍රහාරයක් තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 41 දෙනෙක් තුවාල ලැබූහ. 26 August 2020
යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීහු විරෝධතාවක යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීහු අද (26) සිය සේවා කටයුතුවලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවක නිරත වූහ. 26 August 2020
ජාතික පාසල් 132 ක විදුහල්පති පුරප්පාඩු ජාතික පාසල් 132ක විදුහල්පති පුරප්පාඩු තවමත් සම්පූර්ණ කර නැතැයි වාර්තා වේ. ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉකුත් ආණ්ඩු සමයේ අයැදුම්පත් කැඳවා තිබූ අතර මේ වසරේ මුලදී ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද පවත්වා පාසල් 170 කට නව විදුහල්පතිවරුන් පත්කෙරිණි. 26 August 2020
ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ කාලය දීර්ඝ කෙරේ දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙළ සඳහා තොරතුරු එවීමට ලබාදී තිබු කාලය සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 26 August 2020
සහරාන්ගෙන් රටට සිදුවන විපත්තිය 2015 දී සිටම කීවා සහ්රාන් හෂීම් මේ සමාජයෙන් ඉවත් නොකළහොත් මෙවැනි විනාශයක් සිදුවේයැයි මා 2015 වර්ෂයේ සිටම රජයේ ප්‍රධානීන් දැනුවත් කර සිටියා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) ප්‍රකාශ කළේය. 26 August 2020
මවගේ පැමිණිල්ල මත වළදැමූ බිළිඳාගේ සිරුර ගොඩගැනීමට නියෝග අලුත උපන් තම බිළිඳා මරණයට පත් වුණේ වෛද්‍ය කණ්ඩායම විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බවට කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියෝග කළේය. 26 August 2020
වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බරයට කල්යයි කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මවුවරුන් පිරිසකට සැත්කම් සිදු කිරීම සහ අසීමිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (26 ) විභාගයට ගනු ලැබීය. 26 August 2020
හෙරොයින් ජාවාරම්කළ බන්ධනාගාර නියාමක ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙකු සමඟ සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරම සිදු කළ බව කියන මහර බන්ධනාගාර නියාමකවරයෙක්, ගුවන් හමුදා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩල සේවකයෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අද (26) අත්අඩංගුවට ගෙන ඇත. 26 August 2020
තලවාකැලේ - ඩයගම මාර්ගය වසා දැමේ තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට ලබන 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 26 August 2020
කිලිනොච්චියේ ගොවිතැන්වලට ජලය සපයන්න යුද හමුදාවේ සහය මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන්වලට ජලය රැගෙන යන ඇළ මාර්ග පිළිසකර කිරීමට යුද හමුදාවේද සහය ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත. 26 August 2020
කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි පාතාල සාමාජිකයකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ, ගෝලයකුගේ සමීපතමයෙක් කේරළ ගංජා, අයිස්, හෙරොයින් සමඟ උස්වැටකෙයියාවේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 August 2020
අනතුරු වැළැක්වීම පොලිසියට තනියම බෑ එක දිනක් තුළ සිදුවූ මාරක රිය අනතුරු හතරකින් නවදෙනකු මියගොස් තවත් දසදෙනකු බරපතළ තුවාල ලැබීම අප රටේ සියලුදෙනාම කම්පනයට පත්කළ පුවතක් බවට පත්ව තිබේ. පසුගිය 22 වැනිදා සිදුවූ එකී අනතුරුවලින් මියගිය පිරිස අතර විදුලි අධිකාරීවරු දෙදෙනෙක් ද වයස අවුරුදු 12ක පාසල් දරුවෙක් ද වෙති. 26 August 2020
ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ හිටපු ජනපති සොයා ගෙදරට යති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමේ නිලධාරීහු පිරිසක් ඒ මහතා පදිංචි කොළඹ පිහිටි නිවසට පැමිණියහ. 26 August 2020
ලක්ෂ 10 මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10කට ආසන්න මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් පිලියන්දල සුවාරපොල නිවසක දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය. 26 August 2020
අප්‍රිකාව පෝලියෝවෙන් නිදහස් අප්‍රිකානු මහද්වීපය පෝලියෝ වයිරසයෙන් නිදහස් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (25) නිවේදනය කළේය. 25 August 2020
මත් මුද්දර 150 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට උපකාරක පංති සිසුන්ට අලෙවි කිරීම සඳහා ගෙන යමින් තිබූ මත් මුද්දර 150 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයින් දෙදෙනෙකු අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 25 August 2020
තානාපති කාර්යාලවලට යැවූ නිලධාරීන් 120 ගෙන්වීමට පියවර විදේශ තානාපති කාර්යාලවලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පසුගිය ආණ්ඩුව සමයේ පත්කර යවා ඇති කම්කරු සුබ සාධක නිලධාරීන් 120 දෙනෙකු වහාම ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත. 25 August 2020
ජීවන වියදම් පිළිබඳ කැබිනට් මණ්ඩල අනුකාරක සභාවක් ජීවන වියදම පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 25 August 2020
සැප්තැම්බර් 2 දා සිට රජයේ පාසල් සාමාන්‍ය අතට සැප්තැම්බර් 2 වැනිදා සිට රජයේ පාසල් වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 25 August 2020
ඉන්දියාවේ සිට පැමිණි 12 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (25) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2971 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. 25 August 2020
කරූ පරණවිතානට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නියෝග හිටපු නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරූ පරණවිතාන මහතාට ලබන සැප්තැම්බර් 9 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (25) නියම කළේය. 25 August 2020
ලක්ෂ 35 ක කහ තොගයක් කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට නීතී විරෝධීව මුහුදු මගින් මෙරටට රැගෙන ආ කහ කිලෝ 1004 ක් ඒත්තාල ජුබිලි මාවත ප්‍රදේශයේදී කල්පිටිය විජය නාවික කඳවුරේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. 25 August 2020
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සියල්ල කරගන්න ඇමැති උපදෙස් විදෙස් ගමන් බලපත්, ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත් ඇතුළු රජයේ ප්රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල ඉදිරියේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට අද(25) උපදෙස් දුන්නේය. 25 August 2020
පළාත් සභාවලින් ජනතාවට ලැබුණු ප්රතිලාභ ගැන රාජ්‍ය ඇමැති වාර්තාවක් ඉල්ලයි පළාත් සභා ක්‍රමය ආරම්භ වූ 1989 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 31ක කාලයේදී ඉන් ජනතාවට ලැබුණු ප්‍රගතිය පිළිබඳව තමාට පුළුල් වාර්තාවක් ලබා දෙන්නැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 25 August 2020
සුවය ලැබුවෝ 5 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (25) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 131 ක් දක්වා පහළ බැස තිබේ. 25 August 2020
’පොඩි ලැසී’ ගේ මව රිමාන්ඩ් පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ‘පොඩිලැසි‘ගේ මව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලිසිය පවසයි. 25 August 2020
රවී ඇතුළු 7 දෙනෙක් ගොනු කළ පෙත්සමට විරෝධතා දක්වන්න කල්දෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් , ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු හත්දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට වැඩබලන පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (25) තීන්දු කළේය. 25 August 2020
අධිවේගී මඟේ අනතුරකින් ලොරි රියදුරකු මරුට මාළු පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරියක් කිලෝ මීටර් 9.5 බණ්ඩාරගම බද්දේ ගොඩ ප්‍රදේශයේ දී නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් ලොරි රියදුරු මියගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 25 August 2020
තරුණ සේවා සභාවෙන් නව වැඩසටහනක් නව නිර්මාණ තුළින් තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් ස්ටාර්ටප් ශ්‍රී ලංකා - යෞවනයේ ව්‍යවසායකත්වය යනුවෙන් ජාතික තරුණ සේවා සභාව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. 25 August 2020
‘වෘත්තීයභාවය දියුණු කරගන්න මන්ත්‍රීකම-වයස බාධාවක් කර ගන්න එපා’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කරගැනීමට පියවර ගතයුතු බවත්, ඒ සඳහා මන්ත්‍රීකම, වයස බාධාවක් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(25) පැවසීය. 25 August 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026