හිටපු රාජ්‍ය ඇමැතින් නිල රථ බාරදීම අගයමු මැතිවරණ කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම්දීම මත හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනකු සිය නිල රථ බාර දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් මේ බව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි දැක්වෙයි. ඒ අතර නිල රථ බාර දී ඇතැයි පැවසුණ ද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීමක් කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 08 July 2020
බෝම්බ හදන්න ගිහින් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා මියයයි කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සහයක දී එය පුපුරා යාමෙන් ඉකුත්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (8) මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 08 July 2020
සීගිරියේ සම්බාහන මධ්‍යස්ථානයකින් ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට සීගිරිය කලාපුරය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ හතරක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීගිරිය පොලිසිය විසින් ඊයේ (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 08 July 2020
උතුරු දුම්රිය මගේ ධාවන කටයුතු වලට බාධා වවුනියාව සිට කොළඹ බලා ධාවනය සීඝ්‍රගාමි දුම්රිය අද (8) උදෑසන වවුනියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පිළිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව වවුනියාව දුම්රිය පාලක මැඳිරිය පවසයි. 08 July 2020
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විධිමත් ලෙස ඉවත් වෙන්න යයි ඇමරිකා එක්සත් ජනපදය විධිමත් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පියවර ගෙන තිබේ. 08 July 2020
භික්ෂුවක් කාන්තාවකට පහරදීලා අලුත්ගම දක්වා ධාවනය කිරීමට සූදානම්ව අම්බලන්ගොඩ බස් නැවතුම්පළේ නතරකර තිබූ බස් රථයක් තුළදී කාන්තාවකට පහරදුන් බව කියන භික්ෂූවක් අද (07) රාත්‍රී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 07 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වැනියත් අත්අඩංගුවට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 July 2020
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (7) 20,000 ඉක්මවා ගියේය. 07 July 2020
බ්‍රසීල ජනාධිපතිට කොරෝනා බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝට නව කොරෝනා වයිරසය ආසාදනය ඇතැයි අද(7) තහවුරැ විය. 07 July 2020
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිවුන් අලි පැටවුන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී කෙනෙරක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය. 07 July 2020
කොරෝනා හේතුවෙන් නැවතුණු දුම්රිය කිහිපයක් යළි ධාවනයට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ධාවනය නොකෙරුණු දුම්රිය කිහිපයක් ලබන 18 වැනිදා සිට යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2020
විගමනික සේවක දු දරු ශිෂ්‍යත්ව අයැදුම්පත් බාරගන්නට කල් දෙයි විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ම සඳහා අයැදුම්පත් භාර ගන්නා දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 July 2020
පැෆරල් එස් එම් චන්ද්‍රසේනට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරඟ වදින එස් එම් චන්ද්‍රසේන මහතා විසින් ශීෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි පැෆරල් සංවිධානය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකය වෙත පැමිණිලි කර ඇත. 07 July 2020
වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කඩිනම් කරයි වරාය නගරයේ පාලම් දහයක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 07 July 2020
රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය මේ මස 21 දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 21 දින ප්‍රකාශයට පත් කරන බව සිවිල් අභියාචන මහාධිකරණය අද (07) දැනුම් දුන්නේය. 07 July 2020
රුසියානු කතට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ් ගාලු මුවදොර පිටියේ දී රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කර අතවරයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (7) නියෝග කළේය. 07 July 2020
පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ පොලිසියට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. එම පාලකයාගේ අණ හරියට ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා පොලිසියේ පාලකයා නායකයකු විදියට සිටිය යුතුයි. නායකයාට පහළින් සිටින්නන් කනිෂ්ඨ පොලිස් කණ්ඩායම් පාලනය කරන්නේ නම් පොලිසියේ පාලකයා එම තනතුරට සුදුසු නැතැයි පොලිසියේ ඉහළ නිලධාරීන්ට දේශනයක් පවත්වමින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉකුත්දා (03) පැවසීය. 07 July 2020
යහපාලන ආණ්ඩුව බුද්ධි අංශය නොසලකා හැරියා යහපාලන ආණ්ඩුවේ සිටි පාලකයන් රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් බුද්ධි අංශයන්ගේ ක්‍රියාවලියේ ඇති වැදගත්කම නොසළකා කටයුතු කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් අද (07) ප්‍රකාශ කළේය. 07 July 2020
චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු බෙදලා අනුමත උසස් කිරීමේ පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු ස්ථාපිත කළැයි චෝදනා කරමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමය බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතාට අද (7) පැමිණිල්ලක් කර ඇත. 07 July 2020
අසම්පූර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපති ආපසු හරවා යවයි පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු තවත් අසම්පුර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (07) යවන ලදී. 07 July 2020
රට නැංවීමට නිපුණයන් අවශ්‍ය ඇයි? 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රකාශයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අතිශය සංකීර්ණ පසුබිමක පසුවන අවස්ථාවක පැවැත්වෙන මෙම මහ මැතිවරණයේ ප්‍රතිඵලය ඉතා තීරණාත්මකය. 07 July 2020
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 35 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු අද (7) ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි. 07 July 2020
රිය අනතුරට ලක්වූ අයකු පාරේ දමා යාම සාධාරණද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පානදුර උතුර, ගාලු පාර, හෝරේතුඩුව 13 කණුව ප්‍රදේශයේදී පාපැදිකරුවකු ගැටී මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ ඇප පිට මුදාහරිනු ලැබීය. අනතුරට පත් වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයකු වන නෙවිල් පීරිස් මහතා බරපතළ තුවාල ලබා වැටී සිටියදී කුසල් මෙන්ඩිස් මහතා සිය රිය නොනවත්වා ධාවනය කර පලාගොස් පැයකට පමණ පසුව පොලීසියට බාර වූ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. 07 July 2020
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමේ සිද්ධියෙන් පසු අද (7) සිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇතැයි එහි උසස් නිලධාරීයකු පැවසීය. 07 July 2020
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට අගුළු දැමේ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් නුවරට සති හයක කාලයක් සඳහා අද (7) අගුළුදැමීය. 07 July 2020
ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් කටුනායකට මැදපෙරදිග සේවය කරමින් සිටියදී, ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (7) රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය . 07 July 2020
කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසීය. 07 July 2020
පුතුගේ-ලේලියගේ වදදීම් ඉවසිය නොහැකිව අම්මයි-පුතයි සුසාන භූමියේ පදිංචියට යති සිව් වසරක් තිස්සේ තම පුතුගෙන් සහ ලේලියගෙන් සිදුවන පහරදිම්,හිරිහැර, වදවේදනා ඉවසා ගැනීමට නොහැකිව දිඹුලාගල මනම්පිටිය 50 හැවිරිදි රෝගී මවක හා ඇගේ 16 හැවිරිදි බාල පුතු පොදු සුසාන භුමියට පැමිණ ඉටිරෙදි පැල්පතක වාසය කිරිමේ අවාසනාවන්ත පුවතක් අද (7) වාර්තා විය. 07 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 38දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 07 July 2020
කොරෝනා හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් අතරට ශ්‍රී ලංකාවත් කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 07 July 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026