නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. 19 August 2019
කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 19 August 2019
රූපලාවන්‍යාගාරයේ ඝාතනයට සම්බන්ධ 4 දෙනා රිමාන්ඩ් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක පුද්ගලයකු ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය. 19 August 2019
‘සජිත් එනවා‘ දෙවැනි රැළිය මාතරදී “සජිත් එනවා” දෙවන ජන රැළිය මාතරදී ලබන සිකුරාදා (23) ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් පවත්වන බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 19 August 2019
සායනික අපද්‍රව්‍ය බැහැරකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට රෝහල් සායනික අපද්‍රව්‍ය නීතිවිරෝධීව බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය සඳහන් කළාය. 19 August 2019
යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ87ක් සොයාගනී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සිද්ධියක් පිළිබදව නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන දක්ෂිණ නාවික හමුදාභාරයේ තිබු නාවික යාත්‍රාවක් අද(18) දින නැවත පරීක්ෂාකිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ84යි මිලිග්‍රෑම්925ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවී ඇත. 18 August 2019
හම්බන්තොට හිටපු නගරාධිපති බන්ධනාගාරයෙන් රෝහලට අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර නැමැත්තා හදිසියේ රෝගාතුර වී තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 18 August 2019
කෝටියක ‘අයිස්‘ සමඟ දෙදෙනකු අත්අඩංගුවට රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පමුණුගම පුබුදුගම ප්‍රදේශයේ දී ක`දාන පොලිස් කණ්ඩායමක් විසින් අද (18) අතඅඩංගුවට ගෙන ඇත 18 August 2019
ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක ‘අනුර කුමාර‘ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කළේය. 18 August 2019
ප්‍රධාන අපරාධ සිද්ධීන් 6ක වාර්තා පොලිස්පති සීඅයිඩීයෙන් ඉල්ලයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඝාතන සිද්ධීන් ඇතුළු ප්‍රධාන විමර්ශන හයක විමර්ශන ගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 18 August 2019
ජනපති අපේක්ෂකයා කවුරු වූවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්ෂකයෙක්ම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්,මත් ද්‍රව්‍ය විනාශ කරන්න පියවර ගන්නා බවට පැහැදිලිව ප්‍රතිඥාවක් දියයුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පොළොන්නරුවේ දිඹුලාගලදී පැවසීය. 18 August 2019
‘ජාතීන් බේදකරන කුමන්ත්‍රණ අසාර්ථක කරනවා’ දේශපාලන වාසි තකා ක්‍රියාත්මක කෙරෙන, ජාතීන් බේද කිරීමේ කුමන්ත්රණවලට මුහුණ දී ඒවා අසාර්ථක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංම මහතා මාවතගමදී අද(18) පැවැසීය. 18 August 2019
සන්ධානය පිහිටුවීම ගැන සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නව පුළුල් සන්ධානය පිහිටුවීමට අදාළව පවත්වනු ලැබූ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 18 August 2019
සජිත් හෙට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවෙයි එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් අතර විශේෂ හමුවක් හෙට (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 18 August 2019
වැඩි වැඩියෙන් බන්ධනාගාර හදන්නයි රංජිත් සොයිසාගෙන් අභියෝගයක් ‘බොරු චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ඔහු බන්ධනාගාර ගත කිරීමට කවුරුන් හෝ උත්සාහ කළහොත් ඒ වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව බන්ධනාගාරගත වීමට සූදානම් යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (18) පැවසීය. 18 August 2019
‘ගෝඨාභය’ ඉත්තෑපාන නාහිමියන් බැහැ දකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් බැහැ දැක අද (18) ආශිර්වාදය ලබාගත්තේය. 18 August 2019
නීතිවිරෝධී මත්පැන් ගැන දන්වන්න අංකයක් නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ පැමිණිලි වෙනුවෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව හෙට(19) සිට 1913 යන දුරකතන අංකය හඳුන්වාදෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. 18 August 2019
පොහොට්ටුවට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පවත්වන්න යයි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුසංවිධාන රැසක් ජාතික සම්මේලන පැවැත්වීමට තීරණය කර ඇත. 18 August 2019
ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. 18 August 2019
‘සැබෑ දමිළයෙක් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නෑ’ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. 18 August 2019
දැරියක ගැබිනියක කළ තිදරු පියෙක් අත්අඩංගුවට දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක, ගැබිනියක බවට පත්කළ තිදරු පියෙකු අද (18) අලුයම අත්අඩංගුවට ගත්බව පිටිගල පොලිසිය පවසයි. 18 August 2019
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරැළී පියා-පුතු මරුට බල්ලකෙටුව පිටපොල මාර්ගයේ කබරගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයට පෙරැළී යාමෙන් පිය-පුතු දෙපළක් මියගොස් තවත් කුඩා දරුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි. 18 August 2019
පොලිස් ලෝක කුසලාන ශූරතාව ශ්‍රී ලංකාවට හයවන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමිකරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 August 2019
අනතුරට පත් ටිපර් රියේ ගැටී යතුරුපැදිකරු මරුට දිවුලපිටිය මීරිගම මාර්ගයේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන්න ටිපර් රියක් අධිබල විදුලි රැහැන් කණුවක ගැටී නතරව තිබියදී එම අනතුරෙන් පැයකට පමණ පසුව එම මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රියේ ගැටීමෙන් යතුරු පැදිකරු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 17 August 2019
ගෝඨා රාජපක්ෂ පිළිරූවලට උපහාර පුද කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේදී මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා රාජපක්ෂ අනුස්මරණ පිළිරූවලට උපහාර පුද කරනු ලැබීය. 17 August 2019
අධිකරණයේ ජනේලයෙන් රිංගා ගිය ‘ඉබ්බා’ අල්ලාගනී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් දෙවතාවක් මිදී පලාගොස් සැඟවී සිටි ‘ඉබ්බා’ නැමති සැකකරුවෙකු අද (17) උදේ සොරකම් කරන ලද යතුරුපැදියකින් යමින් සිටියදී දික්වැල්ල නිල්වැල්ල හන්දියේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 17 August 2019
තලේබාන් නායකයාගේ සහෝදරයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය අය අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකයාගේ සහෝදරයෙකු ද සිටින බව වාර්තා වී ඇත. 16 August 2019
මාස 1 1 ක බිළිදියගේ ගෙල සිරකර මැරූ මව අත්අඩංගුවට මාස 1 1/2 වයසැති බිළිදියකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිළිදියගේ මව අද (16) අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 16 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026