බයිසිකලයෙන් ආ අය ඉවත් කරන්න විනිසුරු එකඟ වෙයි මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ ලකුණින් තරඟ කර ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් ඉදිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) පිළිගත්තේය. 21 August 2019
දිය රැළකට ගසාගෙන ගිය විදෙස් ජාතික මව-පුතා බේරා ගැනෙති තංගල්ල මැඩිල්ල මුහුදේ දිය රැළකට ගසාගෙන ගිය විදේශීය ජාතික මවක සහ පුතෙකු තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ නිලධාරීන් තිදෙනකු විසින් අද(21) බේරාගනු ලැබූහ. 21 August 2019
පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. 21 August 2019
සබරගමු ආණ්ඩුකාරයාගෙන් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ කටයුතු මාස තුනක කාලයක් අර්බූදයකින් තොරව එකඟත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් එහි පාලනය ලේකම්වරයකු යටතට පත්කිරීමට සිදුවන බැවින් එසේ නොවන තැනට පවත්වාගෙන යාමට එම නගර සභාවේ සභිකයන් සමග අද (21) දහවල් එකඟතාවකට පැමිණි බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර ධම්ම දිසානායක මහතා පැවසුවේය. 21 August 2019
අත - පොහොට්ටුව අතර මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සතිය තුළ සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 21 August 2019
කවුඩුල්ල වන පිවිසුමෙන් හමුවූ අස්ථි වලින් අයෙක් හඳුනා ගනී මින්නේරිය කවුඩුල්ල වන පිවිසුමේ දී හමු වූ පුද්ගලයින් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් වලින් එහි සිටි එක් පුද්ගලයකු නාවික හමුදාවේ සේවය කළ අයෙකු බවට හඳුනාගෙන තිබේ. 21 August 2019
පොලිස් නිලධාරින්ට බැන්න මන්ත්‍රීවරිය රිමාන්ඩ් පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද (21) නියෝග කළේය. 21 August 2019
‘කතානායකවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ලක්ෂ්මන් යාපා කියයි‘ එක්සත් ජාතික පක්ෂය සංධානය පිහිටවූ වහාම ජනාධිපතිධූරාපේක්ෂකත්වය ලබාගැනීම සදහා කරූ ජයසූරිය මහතා කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) පැවැසීය. 21 August 2019
‘කොළ කෑල්ලකට අත්සන් කරන්න පුත්තලමේ ඉදන් මං එන්නේ නැහැ‘ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කරන්නැයි ඉල්ලන ලිපියකට අත්සන් ගැනීම සඳහා තමාටත් ආරාධනා ලැබුණු බවත්, කොළ කෑල්ලකට අත්සන් කිරීමට පුත්තලමේ සිට එන්නේ කුමටදැයි තමා විමසූ බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද(21) පැවැසීය. 21 August 2019
රෑට කුමන්ත්‍රණ තියෙන බව ආශු කියයි මහින්ද රාජපක්ෂ මහතා හොර පාරෙන් අගමැති කළ අයුරින්, නැවත එවැනි කුමන්ත්‍රණයක් සඳහා රෑට රෑට සාකච්ඡා යන බව ආරංචි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය. 21 August 2019
එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් එයාර් බස් හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706 ක පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. 21 August 2019
‘ආගමික කටයුතු සඳහා අලි-ඇතුන් ලබා දීමේදී ඇතිවන බාධා ඉවත් කිරීමට පියවර විහාරස්ථාන, දේවාල හා ආගමික ස්ථාන පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් දීමට පවතින බාධා ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 21 August 2019
මිහින්තලා භූමිය 24 පැයේම ආලෝකවත් කරන්න පියවර ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. 21 August 2019
කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. 21 August 2019
‘එස්ටීඑෆ් විකී’ මත්කුඩු සමඟ අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරියකු ලෙස පෙනී සිට පොලීසිය නොමග යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින ‘එස්ටීඑෆ් විකී’ නැමති අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයකු මත්කුඩු සමඟ අද (21) අත් අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය පවසයි. 21 August 2019
හෙරොයින් ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් බෙදාහැරීම සඳහා ත්‍රිරෝද රථයකින් ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) මරණ දඬුවම නියම කළේය. 21 August 2019
මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 21 August 2019
නව යුද හමුදාපති වැඩ බාර ගනී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය. 21 August 2019
අරුවක්කාලුවට ගිය ටිපර් රථවලට යළිත් ප්‍රහාරයක් අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද(21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 21 August 2019
රිය අනතුරකින් 8ක් රෝහලේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද(21) අලුයම සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු අටදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කළ සාලියවැව පොලීසිය කියයි. 21 August 2019
ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ. 20 August 2019
ශවේන්ද්‍ර සිල්වාට යුරෝපා සංගමයෙනුත් විරෝධය ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගැටලු මතුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි. 20 August 2019
එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු 97 ක් සජිත්ව යෝජනා කරති ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී. පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 20 August 2019
‘‘ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහරින්න‘‘ ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 20 August 2019
කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 20 August 2019
අපගේ කණගාටුව ‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියේ ඇතුළත් ඇතැම් කරුණු සාවද්‍ය බව වාර්තා වේ. 20 August 2019
සහරාන් යටතේ පුහුණුව ලැබූ මව්ලවිවරු 2 ක් අත්අඩංගුවට නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 20 August 2019
යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී. 20 August 2019
දුම්රිය කාර්යක්ෂම කරන්න ඩොලර් මිලියන 160 ක් දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය මගින් හදුනාගත් උප ව්‍යාපෘති සහ මිලදී ගැනීම් 32 ක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම අද (20) මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. 20 August 2019
මාස දෙකක් යාල වහයි යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස දෙකේදී පමණක් වසා තබන බව යාල වනෝද්‍යානයේ පාලන අධිකාරිය කියයි . 20 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026