සහරාන්ගේ නැගණිය කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම් නැමැත්තා ගේ ඞී එන් ඒ හඳුනාගැනීම සඳහා ඔහුගේ නැගණිය කොළඹ අධිකරණ විශේෂ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මඩකලපුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කර ඇත. 09 May 2019
‘‘රජයේ නොසැලකිලිකම නිසා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන්න වෙලා‘‘ රටේ ආරක්ෂිත තතත්වය සම්බන්ධයෙන් තම සංවිධානය පැවසූ කාරණා රජය සැලකිල්ලට ගත්තේනම් නියපොත්තෙන් කැඞීමට තිබූ දේ පොරවෙන් කැපීමට සිදු නොවනු ඇතැයි බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරණ්දෙනියේ නන්ද හිමියෝ කොළඹදී පැවසූහ. 09 May 2019
ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ පළමු දේවමෙහෙය අද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පළමු දේවමෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි. 09 May 2019
‘ත්රස්තවාදීන්ට එරෙහිව සමස්ත මුස්ලිම් සමාජයම නැගී සිටිනවා’ පාස්කු ඉරිදා ඛේදවාචකය දැඩි ලෙස හෙළාදකින අතර ත්රස්තවාදීන්ට එරෙහිව මුළු මහත් මුස්ලිම් සමාජයම නැගී සිටින බව මුස්ලිම් ආගමික නායකයින්, මුස්ලිම් දේශපාලනඥයින් සහ මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී අද(09) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ. 09 May 2019
නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ පෙත්සම ඉවතට සිය නීතීඥභාවය වසර තුනක කාලයකට අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළ හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් රුපියල් මිලියන 100ක් බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය. 09 May 2019
අල් මුස්තෆා සරසවිය අවසර නැතිව පාඨාමාලා කළැයි යුජීසියෙන් දැනුම්දීමක් ඉරානයේ අල් මුස්තෆා නැමති විශ්ව විද්‍යාලය ඌව පළාතේ සිදුකර ඇති උපාධි පාඨමාලාව සිය ආයතනවල අවසරයකින් හෝ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා වෙත දැනුම් දී තිබේ. 09 May 2019
සංචාරක අධිකාරියේ සේවිකාවක් පොලිස් බාරයට සංචාරක අධිකාරියේ සේවය කරන සේවිකාවක් පරීක්ෂණයක් සඳහා කොල්ලූපිටිය පොලිසිය බාරයට ගනු ලැබීය. 09 May 2019
පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත්ත’යි අත්අඩංගුවට ගත් කොස්තාපල් නිදහස් කරයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර අනුබල ලබාදෙමින් නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය හා පතොරම් තොගයක් සන්තකයේ තබා ගන්නා ලදැයි චෝදනා ලැබ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නිදොස් කර නිදහස් කිරීමට අද(09) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා නියෝග කරන ලදී. 09 May 2019
රයන් වැන් රොයන් මුදාහරී කේරල ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට මාසයකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රසිද්ධ නළු රයන් වැන් රොයන් මහතා රුපියල් 4000ක දඩයක් ගෙවීමෙන් පසු මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කලේය. 09 May 2019
මධූෂ්ගේ ගෝලයා රිමාන්ඩ් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රෙමරත්න ලබන 20 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය. 09 May 2019
කොච්චිකඩේ බෝම්බකරුගේ සහෝදරයන්ගෙන් රඳවා ප්‍රශ්න කෙරේ කොළඹ කොච්චිකඩේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරිය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සඳහන් කළේය. 09 May 2019
දෙවට වෙරළ වීඩියෝ කළ රුසියානු ජාතිකයා අත්අඩංගුවට ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තීරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (9) අත්අඩංගුවට ගත්බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 09 May 2019
ආරක්ෂාවට විශ්‍රාමික හමුදා නිලධාරීන් කැඳවන්නැයි ජනපතිට ඉල්ලීමක් හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා පාසල් සහ ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන් නැවත සේවයට කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය. 09 May 2019
මාලිගාවත්ත ළිඳකින් තවත් පිහි 16 ක් සොයා ගනී මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16 ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලිසිය කියයි. 09 May 2019
අන්තවාදී දේශන සහිත කැසට්පට 14ක් සමඟ මවුලවිවරයෙක් අත්අඩංගුවට රාජගිරිය නාවල පාර නිවසකදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට්පට සමඟ මවුලවිවරයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 09 May 2019
වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් පුපුරවා හැරේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක් තැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් බව කියන වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට අද (09) ආරක්ෂක අංශ පියවර ගත්තේය. 09 May 2019
එන්ටීජීයට සම්බන්ධ 8 ක් කුරුණෑගලින් අත්අඩංගුවට අන්තවාදී තව්හීත් ජමාත් සංවිධානයට (එන්ටීජී) කෙලින්ම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ පුද්ගලයන් 8 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 09 May 2019
කිතුණු දේවස්ථානවල ඉරිදා දේව මෙහෙය ලබන ඉරිදා ඇරඹේ පාස්කු ඉරිදා දින එල්ල වූ ප්රහාරයන්ගෙන් පසු නවතා දමා තිබූ දේව මෙහෙයන් කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවලදී ලබන ඉරිදා සිට යළි ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 May 2019
කතෝලික පාසල් 14 වැනිදා ඇරැඹීමට යයි දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 May 2019
මධුෂ්ගේ ගෝලයෙක් කන්දෙණියේදී අත්අඩංගුවට මාකදුර මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්න ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 May 2019
කොස්ගම පාසලක් අසළ ඇළක ටී-56 උණ්ඩ දැමූ මැගසිනයක් කොස්ගම සුමේධ මහා විද්‍යාලය ආසන්නයේ ඇළ මාර්ගයක තිබී ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ දැමු මැගසිනයක් අද (09) උදෑසන සොයා ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 09 May 2019
පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් සැකකරු යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස් කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු මේ මස 23 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (9) නියෝග කළේය. 09 May 2019
අගමැති අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දකී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ රාමඥ්ඥ නිකායේ මහා නාහිමිවරුන් බැහැ දුටුවේය. 09 May 2019
රදගුරු සම්මේලන ශාලාවට ජනපති එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමිණ එම සම්මේලනයේ රදගුරුවරුන් හමුවිය. 09 May 2019
උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘‘ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව තීන්දුවකින් තොරව අවසන් කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා අද (08) තීරණය කළේය. 08 May 2019
තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි. 08 May 2019
මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. 08 May 2019
කොළඹ මහ නගර සභා ඩිපෝව අසළින් තහනම් පිහි 16 ක් සොයාගනී මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි. 08 May 2019
පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ් සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥයකු මගින් මහියංගන අධිකරණය වෙත භාරවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මේ මස 22 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා නියෝග කළේය. 08 May 2019
රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන ලෙසට බල කරන අවස්ථාවන්ද තිබූනේ යැයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය. 08 May 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026