කොළොන්නාවේ හෙරොයින් ජාවාරම්කරුවෙක් දිවි ඇති තෙක් හිරේට කොළොන්නාව ප්‍රදේශයේ හොරොයින් ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා ජිවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 23 January 2019
චෛත්‍යට නැඟි තරුණයින් සොයා පොලිසිය අග්නිදිග සරසවියට යයි හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මෙ වනවිට (23) අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයට යවා ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි. 23 January 2019
රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් විදේශීය යුවළකගේ ඞී එන් ඒ සාම්පල සොයයි ගෝල්ෆෙස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගන්නා ලද ශ්‍රී ලාංකික රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සදහා මරණකරු සේවය කළ විදේශීය යුවළගේ ඞී එන් ඒ සාම්පල ලබා ගෙන 23 January 2019
අඟුණකොලපැලැස්ස කමිටු වාර්තාව බන්ධනාගාර ඇමතිනිය අතට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට බාර දී ඇතැයි අමාත්‍යංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය. 23 January 2019
ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයෝ පත් කෙරෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නව දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සිදු කෙරිණි. 23 January 2019
ගුවන්හමුදාව-විදුලිබල අමාත්‍යංශය කෘතිම වැසි ඇතිකිරීමේ ගිවිසුමක ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යාංශය කෘතිම වැසි ඇතිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. 23 January 2019
යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක් යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ගොඩ ගෙන ඇත. 23 January 2019
ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටල කොළඹ - කන්කසන්තුරය අතර මගී ප්‍රවාහනයට ඉන්දියානු සහන ණය වැඩපිළිවෙළ යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වැනි දා සිට කොළඹ - කන්කසන්තුරය අතර මගී ප්‍රවාහනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 23 January 2019
මන්ත්‍රී ලසන්ත අලගියවන්න කෝප් කමිටු සභාපති ධූරයට පොදු ගිණුම් කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස යළිත් ඒකමතිකව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ. 23 January 2019
වැරදිකරන රියදුරන්ට එරෙහි දඩය වැඩි කෙරේ වැරදිකරන රියදුරන්ට එරෙහිව පනවනු ලබන දඩය විශාල වශයෙන් වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 23 January 2019
සිල් මාතාව පැහැරගෙන දූෂණය කළැයි හිමිනම - රියදුරු රිමාන්ඩ් හතළිස් තුන් හැවිරිදි සිල් මෑණියක රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිමිනමක සහ හිමි නමගේ රියදුරා පෙබරවාරි මස 1 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක සමරසිංහ මහතා අද (23) නියෝග කළේය. 23 January 2019
සීමාව කියාදෙන්න කොමිසම රට වටේ යයි පරිපාලන මායිම් සම්බන්ධයෙන් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිෂන් සභාව ආරම්භ කළ බව එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 23 January 2019
නාමල් රාජපක්ෂ සීඅයිඩියට එයි ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 23 January 2019
රජයේ ආයතනවල සතියක කාලයක් ජාතික කොඩිය ඔසවන්න ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලූම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්නැයි රජය දැනුම් දී තිබේ. 23 January 2019
හිටපු අගවිනිසුරුට එරෙහි ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම 7 වැනිදා මහජන රැස්වීමකදී සහ මාධ්‍යයට අදහස් දැක්වීමකින් අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාට එරෙහිව කළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 07 වැනිදා සිදු කිරීමට ශේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය. 23 January 2019
පුංචි ශ්‍රීපාද කන්ද තරණයට ගිය 15 කට බඹර ප්‍රහාරයක් ඇල්ල පුංචි ශ්‍රීපාද කඳු වැටිය තරණය කිරීම සඳහා පැමිණි විදේශිකයන් 10 දෙනෙකු ඇතුළු සංචාරකයින් 15 දෙනෙකු අද (23) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 23 January 2019
නිදහස් සැමැරුමේ ප්‍රධාන ආරාධිතයා මාලදිවයින් ජනපති මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලීහ් මහතා සහ එම මැතිනිය සහභාගී වන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. 23 January 2019
කෝටි 100ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හොරායින් මත්ද්‍රව්‍ය සමඟ කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයකදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) අවසර ලබා දුන්නේය. 23 January 2019
ආසියා - ෆැසිපික් පරිසර සමුළුවට ජනපති සිංගප්පූරු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (23) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. 23 January 2019
‘අාමි නාලක’ හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට මිනීමැරුම් හා සොරකම් සම්බන්ධයෙන් ‘වෙලේ සාරංග’ නැමැත්තාගේ ආධාරකරුවකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 January 2019
නිදහස් දින පෙර පුහුණුවීම් නිසා මාර්ග කිහිපයක් වැසෙයි ජාතික නිදහස් දින පෙර පුහුණුවීම් හේතුවෙන් ලබන 26, 27, 31 ,හා පෙබරවාරි මස 1, 2, 3 යන දිනයන්හිදී මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි. 23 January 2019
දූෂණ හොයන කොමිසම පත් කළාට අර්ජුනගෙන් ජනපතිට තුති ඉකුත් 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් ඇමැති අර්ජුන රණතුංග මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පළකර ඇතැයි වාර්තාවේ. 22 January 2019
‘‘ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවනවා‘‘ නව දේශපාලන පක්ෂය වන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (22) පැවැසීය. 22 January 2019
විදුලිය මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරන්න හදිසි අවශ්‍යතා මත විදුලිය මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත. 22 January 2019
විදුලිබලාගාර ප්‍රමාදවීම ගැන සොයන්නැයි ඉල්ලීමක් විදුලි බල මණ්ඩලය ඉකුත් 2015 සිට විදුලිබලාගාර අරම්භ කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 22 January 2019
යොවුන් සංවාදය ඇරඹේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කළ #අපේ2030 යොවුන් සංවාදයේ’ ආරම්භක උත්සවය අද (22) පෙරවරුවේ පැවැත්විණි. 22 January 2019
පුරාවිද්‍යා චෛත්‍යයේ ඡායාරූප ගත් සැකකරුවන් හඳුනා ගනී හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 22 January 2019
රුපියල් ලක්ෂ 10 කට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක්‍රීඩකයකු දාන්න මට කිව්වා - “මම මේ දිනවල ක්‍රිකට් ශුද්ධ කරන්න යනවා. කොයි වෙලාවේ මගේ බෙල්ල ශුද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. ක්‍රිකට් ආයතනයේ වැඩ කරන සේවකයෙක් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක්රිඩකයකු දාන්න කියා මට කිව්වා. මට එය වට්ස් ඇප් පණිවිඩයකින්ම එවපු එක හොදයි. නැත්නම් මම චන්ඩියෙක් වෙන්න කිව්වා කියලා ඒක අල්ලගෙන මට මඩ ගහවි“ යයි විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී අද (22) පැවැසීය. අල්ලසින් දූෂණයෙන් තොර රටක් ගොඩනැඟීම ස 22 January 2019
සේනා දළඹු හානිය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි ආක්රමණික සේනා දළඹුවාගෙන් මෙරට කෘෂිකර්මාන්තයට සිදුවන විනාශය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (22) තීරණය කර තිබේ. 22 January 2019
මානව හිමිකම් කොමිසමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් අගුණුකොලපෑලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඞ් රැඳවියන් පිරිසකට සිදුකරනු ලැබූ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපරාධ පරීක්ෂණවලට බාධා පමුණුවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඊට එරෙහිව පොලිස්පතිවරයාට හෙට (23) පැමිණිලි කරන්නේ යැයි ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 22 January 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026