ගුවන් හමුදා නිලධාරිනියන් දෙදෙනකුට බ්‍රිතාන්‍ය හමුදා උපාධි බ්‍රිතාන්‍යයේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ කැටරික් යුද හමුදා පාසලෙන් උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බළකායේ නිලධාරිනියන් දෙදෙනෙකු සමත් වී තිබේ. 18 January 2019
පොලිස් සිර මැදිරියේ සිටි පුතාට මත්කුඩු ගෙනැවිත් දුන් පියා අත්අඩංගුවට මැදගම පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවකු වන සිය පුතාට කෑම පාර්සලයක් සමග හෙරෝයින් මත්කුඩු හා දුම්වැටි ගෙනැවිත් දුන් පියා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 18 January 2019
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක් කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ රියදුරන් අද (18) වර්ජනයක් අරඹා තිබේ. 18 January 2019
ගසක් කඩා වැටී කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර වෙයි කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇතැයි පොලීසිය පවසයි. 18 January 2019
මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය. 18 January 2019
කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරිහු කියති. වසර 2005 දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ බව කියන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.ජර්මානු බලධාරීන් උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය ඒ බව වාර්තා කර තිබිණි. 17 January 2019
වනාතවිල්ලුවෙන් ආයුධ තොගයක් සොයා ගනී වනාතවිල්ලුව මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ පොල් වත්තක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා ද්‍රව්‍ය තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. 17 January 2019
සන්ධාන නායකයෝ මැතිවරණ කොමසාරිස් හමුවෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි අද (17) ඉල්ලීමක් කළහ. 17 January 2019
කොල්ලුපිටියේ වෙළඳ සැලක ගින්නක් කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ දෙමහල් සුපිරි වෙළඳ සැලක අද (17) ඇති වූ ගින්නකින් එම වෙළඳ සැලේ දේපල වලට බරපතල අලාභ වී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. 17 January 2019
අඟුණකොළපැලැස්සේ සිද්ධිය හොයන්න තව කමිටුවක් අඟුණකොළපැලැස්ස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවී යැයි කියන රිමාන්ඩ් සිරකරුවන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය. 17 January 2019
හිරිහැරයන්ට ලක්වී පැන ආ ලාංකික ගෘහ සේවිකාවන් 40 ක් සෞදියේ හාම්පුතුන් ගෙන් පොරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම් , විවිධ තාඩන පීඩා, හිරිහැරයන්ට ලක්වූ ආදී විවිධ හේතූන් මත සිය සේවා ස්ථාන වලින් පලා ආ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 40 දෙනෙකු මේවන විට සෞදියේ රියාද් නුවර රැදී සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. 17 January 2019
සිල්රෙදි නඩුවේ අභියාචනය මාර්තු 08ට කල් යයි කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඬුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු 08 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. 17 January 2019
‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය පක්ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය. 17 January 2019
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත. 17 January 2019
අක්කරේපත්තුව උප නගරාධිපතිට ඇප අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සනෝජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය. 17 January 2019
ආසියානු සංවර්ධන බැංකුව සමඟ ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරිණි. 17 January 2019
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත්කර ඇත. 17 January 2019
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 17 January 2019
තලවතුගොඩ - හෝකන්දර මාර්ගයේ ගිලාබැසීමක් තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ හෝකන්දර හන්දියේ සිට මීටර් 200ක පමණ දුරින් මාර්ගයේ කොටසක් අද(17) ගිලා බැස ඇතැයි තලංගම පොලිසිය පවසයි. 17 January 2019
ඊ- හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරියේදී ලංකාවේ ජීවත්වන සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 17 January 2019
මහා භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් කෝටි 9000 ක් රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ. 17 January 2019
කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම් කොහුවල ප්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(17) මරණ දඬුවම නියම කළේය. 17 January 2019
අක්කරේපත්තුව උප නගරාධිපතිවරයා අත්අඩංගුවට අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 17 January 2019
‘ලංකාව රටවල් 9කට බෙදා වෙන්කිරීමේ සැලසුමක් ඇතැයි ගෝලීය ලාංකික සංසදය කියයි‘ වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය ශ්‍රී ලංකාව රටවල් නමයකට බෙදා වෙන් කිරීමේ සැලසුමක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියා සිටී. 17 January 2019
බඹර ප්‍රහාරයකින් සිසුහු 70ක් රෝහලේ බඹර ප්‍රහාරයකින් ඇල්ල බල්ලකැටුව ප්‍රදේශයේ පාසලක සිසුහු 70 දෙනකු රෝහල් ගත කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 17 January 2019
කටුනායක කර්මාන්තශාලාවක සේවකයෝ අඛණ්ඩ උපවාසයක කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා එහි සේවකයින් 05 දෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව එහි සේවකයෝ දින 07 ක සිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නියැලී සිටිති. 17 January 2019
ලංකාව-පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තබා තිබේ. 17 January 2019
ගෝඨාට එරෙහි මූල්‍ය චෝදනා නඩුව දිනපතා විභාගයට ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙ මස 22 දා සිට දිනපතා විභාග කරන්නැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ. 17 January 2019
තෙරේසා මේ විශ්වාසභංගය ජයගනී බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත. 17 January 2019
කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුතු හොරොන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 January 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026