කොළඹ නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ් තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණැයි කියන සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (11) නියෝග කළාය. 11 January 2019
කුකුළු මස් කැබැල්ලක හෙරොයින් ගෙන ආ කතක් දැලේ ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට කුකුළු මස් කැබැල්ලක සඟවා හෙරොයින් දිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 11 January 2019
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 11 January 2019
අයි.ඕ.සී. සමාගම තෙල් මිල පහත දමයි පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම ද තීරණය කර ඇත. 10 January 2019
ජනපතිගේ කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ. 10 January 2019
පාර්ලිමේන්තුවේ දෙවැනි පෙළ අසුනක සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටි විමල් වීරවංශ මහතාට අද (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබිණි. 10 January 2019
කාබන් බද්ද වාහනවල එන්ජින් ධාරිතාවය මත මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ තුනක් යටතේ අය කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 10 January 2019
පෙට්‍රල් - ඩීසල් මිල රුපියල් 2කින් පහළට පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කර තිබේ. 10 January 2019
රටේ ප්‍රශ්න රට තුළම විසඳාගතයුතුයි - බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ බාහිර බලපෑම් හේතුවෙන් විදේශ රාජ්‍යවලට සිදු වූ විනාශවලින් පාඩම් උගෙන ගත යුතු යැයි ද ආගමික සංහිඳියාව ඔස්සේ රටේ ප්‍රශ්න රට තුළම විසඳාගැනීමට ලාංකිකයන් කැප විය යුතු යැයි ද කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ ‘ලංකාදීප’ යට පැවසූහ. 10 January 2019
මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා කළු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බවත් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 January 2019
යාල වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 4 ක් අත්අඩංගුවට යාල ජාතික වනෝද්‍යානයේ සතුන් මරා විකුණන දඩයක්කරුවන් හතර දෙනෙකු ජීප් රථයක් සහ දඩයම් කිරීමට යොදාගත් බව කියන බෝර දොළහ වර්ගයේ පතරොම් තුවක්කුවක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි. 10 January 2019
සේරුදණ්ඩාපොළත් 'හිරි ළඹ' ගුහාවක් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සේරුදණ්ඩාපොළින් සොයා ගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘හිරි ළඹ ගුහා’ නම් ගුහා විශේෂයට අයත් බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා අද(10) පැවසීය. 10 January 2019
ඇන්ටොනොව් 32 බිම හෙලූ දෙදෙනාට වසර 185ක සිරදඬුවම් ඇන්ටොනොව් 32 ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර 37 දෙනකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්ටීටීඊයේ මිසයිල බලඟනයේ සාමාජිකයන් දෙදෙනකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය. 10 January 2019
පාතාලයේ දෙදෙනෙකුට මරණ දඬුවම පාතාල නායක පාමංකඩ අශෝක නමැත්තා සමඟ එක්ව දෙල්කඳ ප්‍රදේශයේ දී මිනීමැරුම් සිදුකළ පාතාල නායකයකු ඇතුළු පුද්ගලයින් සය දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඬුවම් නියම කළේය. 10 January 2019
'මේකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා' ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුර මේ අවස්ථාවේ බාරගෙන කටයුතු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වැනි අභියෝගාත්මක කටයුත්තක් යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 10 January 2019
බණ්ඩාරගම ප්‍රා.ලේකම් පුටුවට ඉහළින් ආවාට විරෝධය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරිය සිටියදී එහි රාජකාරි කටයුතු සඳහා නව ප්‍රාදේශීය ලේකම්වරියක පත් කිරීමට විරෝධය පළකරමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 10 January 2019
ඥානසාර හිමිට නිදහස් දිනයේ පොදු සමාව දෙන්නැයි ඉල්ලයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලබන 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට පැවිදිහඬ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 10 January 2019
‘දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවනවා’ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් දින 51ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10)පැවසීය. 10 January 2019
ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් 5000 සහ 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. 10 January 2019
විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා(11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 09 January 2019
කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගන්න රජය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමයේ විරෝධය කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවත් වහාම මෙම කැබිනට් තීරණය අහෝසි කොට පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 09 January 2019
මැතිසබේ කලහයේ වාර්තාව අනිද්දා කතානායකට මැතිසබයේ ප්‍රචන්ඩකාරී සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කතානායකවරයාට අනිද්දා බාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 09 January 2019
පලිගැනීම් මුවාවෙන් දෙන වැටුප් වර්ධක නවත්වන්නැයි ඉල්ලයි දේශපාලන පලිගැනීම්වලට සාධාරණය ඉටුකිරීමේ මුවාවෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවය ඇතුලු සේවාවල නිලධාරින් පිරිසකට වැටුප් වර්ධක ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද එය වහා අත්හිටුවා ඔවුන්ට සාධාරණ වන්දි මුදලක් පමණක් ලබාදෙන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 09 January 2019
ජනවාරි සිට වාහන වලට කාබන් බද්දක් 2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 09 January 2019
රෙජිනෝල්ඩ්ට - නිලුකාට සංස්ථා සභාපතිකම් දෙකක් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන්ද සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. 09 January 2019
ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් කෝටි 40 ක් ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 40 ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 January 2019
කීර්ති ඌවෙන් දකුණට - මාර්ෂල් පෙරේරා ඌවට ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති. 09 January 2019
අල්ලස් - දූෂණ විමර්ශන පනත සම්මත කරගන්නයි ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කැබිනට් අනුමැතිය හිමිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කරගැනීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කතානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවසීය. 09 January 2019
යුද්ධයේදී රසායන අවි භාවිතා කළ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා මෙරට යුද්ධයේදී රසායන අවි හා පොකුරු බෝම්බ භාවිතා කළ බවට නගන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ලෙස ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2019
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශ්‍රවේන්ද්‍රට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව කියයි. 09 January 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026