මොළය මියගිය රෝ්ගීන්ගේ අවයව බද්ධ කිරීමට අවබෝධතා ගිවිසුමක් හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (9) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය. 09 January 2019
නාවික හමුදාපති යුද හමුදාපති හමුවෙයි නව නාවික හමුදාපති වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (9) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය. 09 January 2019
ජලයටත් මිල සූත්‍රයක් එයි මිල සූත්‍රයට මුවාවී තෙල් මිල වැඩි කරන්නට සැරසෙන ආණ්ඩුව ඉදිරියේ දී විදුලි බිලටත්, ජල බිලටත් සූත්‍රයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින බවට විශ්වාසදායක ආරංචි වලින් වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 January 2019
‘පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නේ නෑ’ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය. 09 January 2019
අභියාචනාධිකරණ - ශ්‍රේෂ්ඨාධිකරණ නව විනිසුරුවරු සිව් දෙනෙක් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (9) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 09 January 2019
නිදහස් වෙළඳ ගිවිසුමේ පෙත්සම 22 වැනි දාට කල්යයි ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් මැයි මස 22 වැනි දා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය. 09 January 2019
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිට රට ගමන් තහනම් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝගයක් නිකුත් කළාය. 09 January 2019
පාතාලේ යතුරුපැදි ශූරයා අත්අඩංගුවට කොළඹ වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාලේ යතුරුපැදිකරු වන ‘‘පප්පා’’ නැමැත්තා මත්කුඩු හා අත්බෝම්බ දෙකක් සමඟ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කෙත්තාරාම මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 January 2019
ලක්ෂ 35 කප්පම් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට දුරකථනයෙන් බියවද්දා රුපියල් ලක්ෂ 35 ක් කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 09 January 2019
මුල්ලේරියාවේ ඉඩමකින් දිරාගිය අස්ථි කොටස් හමුවේ මුල්ලේරියාව අවිස්සාවෙල්ල අටේකණුව වැලිපිල්ලෑවේ ඉඩමක තිබී මිනිස් සිරුරක දිරාගිය අස්ථි කොටස් සොයාගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 09 January 2019
‘‘ අද බොහෝ දෙනෙකුට බණ්ඩාරනායක අමතක වෙලා‘‘ දේශීයත්වය අගය කරමින් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාකියන්ට විශාල සේවයක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බොහෝ දෙනකුට අමතකව ගොස් ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අධ්‍යාපනවේදී නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ අද (8) කීහ. 08 January 2019
කතානායක අසුනේ වාඩිවීම ගැන අරුන්දික සමාව ඉල්ලයි පාර්ලිමේන්තුවේදී ගැටුම්කාරී තත්ත්වයක් පැවති ඉකුත් නොවැම්බර් 16 වැනිදා තමන් කතානායක අසුනේ වාඩිගෙන සිටීම වරදක් නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 January 2019
හමුදා ට්‍රක් රථයක් ත්‍රීරෝද රියක ගැටී 3ක් මරුට කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් හා ත්‍රී රෝද රථයක් අද (08) ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පලෙයි පොලිසිය කියයි. 08 January 2019
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 08 January 2019
මාර්ෂල් පෙරේරාට දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයම දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි වාර්තාවේ. 08 January 2019
සමන් රත්නප්‍රිය ගැන පරීක්ෂණයක් පුරුවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වල යෙදෙමින් රාජ්‍ය සේවයේ වැටුප් ලබා ගැනීම සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 08 January 2019
‘‘මිනිපේ සිංහයා‘‘ හිටපු ජනපති මහින්ද හමුවෙයි 2017 වසරේ දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක ඇතිවු ගින්නකින් වයස අවුරුදු 90ක කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් මිනිපේ, හසලක නිමලසිරි බණ්ඩාර මහතා අද (8) හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මුණ ගැසීය. 08 January 2019
ඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි රට තුළ දැනට පවතින වියළි කාලගුණයේ වෙනසක් ඇති කරමින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2019
කතානායකගේ තීරණය නිවැරදි බව මන්ත්‍රී ධර්මලිංගම් කියයි පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම කථානායකවරයා ගත් නිවැරදි තීරණයක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය. 08 January 2019
‘‘ජනපති බලයට එනවිට බලාපොරොත්තු වූ පරමාර්ථ සිව්වසරක් ගියත් ඉටුවී නෑ‘‘ ජනාධිපතිවරයා බලයට පැමිණ සිව්වැනි පදවි ප්‍රාප්තිය සැමරුව ද එදා බලාපොරොත්තු වූ උතුම් පරමාර්ථ මෙතෙක් ඉටු වී නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 January 2019
සිංහරාජ පාරවල් කපන්නේ ලෝක බැංකුවේ උවමනාවට සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා මේ වනවිට දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතිතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි. 08 January 2019
සැලසිනේ හා චිත්‍රපට සංස්ථාවේ මුල්‍ය වංචාව ගැන පරීක්ෂණයක් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය යටතේ පැවැති සැලසිනේ රූපවාහිනී ආයතනයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ මුදල් දේශපාලන සහ පෞද්ගලික කටයුතු සදහා යොදාගෙන සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (08) කරුණු වාර්තා කළේය. 08 January 2019
‘දයාන් ජයතිලක තානාපති සේවයට ගැළපෙන්නේ නැහැ’ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක මහතා දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම තානාපති සේවයට අදාළ ගිවිසුමද කඩවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 January 2019
හිටපු බන්ධනාගාර කොමසාරිස් යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධියට අදාළ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 22 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (8) නියෝග කළේය. 08 January 2019
’රජය මගේ ඉල්ලීම විකෘති කරනවා’ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිඵල හා ව්‍යාපාර වශයෙන් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ පාසැල්වල ප්‍රතිඵල සංසන්දනය කර විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රසිද්ධ නොකරන ලෙස තමන් කළ ඉල්ලීම රජය විකෘති කරන බව පාර්මේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 08 January 2019
රුපියල් බිලියන 2200ක ණයක් ලංකාවට ගෙවන්න වෙයි ශ්‍රී ලංකාවට මේ වසරේදී රුපියල් බිලියන 2200ක අතිවිශාල ණය මුදලක් ගෙවීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 08 January 2019
'යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ සිව් වසරකදී පරාජය වුණා’ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 08 January 2019
කතානායකවරයා මහින්ද විපක්ෂ නායකයා ලෙස පිළිගනී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම කතානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගෙන තිබේ. 08 January 2019
‘නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ අප ළඟයි’ බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කෑ හොරුන් සහ මිනීමරුවන් තවමත් මෙරට සිටින්නේ යැයි ද ඔවුන් දැනටත් බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (8) පැවැසුවාය. 08 January 2019
මිනීවල පුළුල් කිරිමෙන් හමුවූ සිරුරු 288 දක්වා ඉහළට මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවත් අද (8) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවත් කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 08 January 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026