තිල්අඩිය දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය දුම්රිය හරස් මාර්ගයේ සංඥා කුටියේ විදුලිය , විදුලි බලමණ්ඩලය විසින් කපා දැමීම නිසා එම දුම්රිය ගේට්ටු නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් රියදුරන් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවද දැඩි අපහසුතාවට පත්ව තිබේ. 20 May 2018
කළුතර නාය යෑමේ අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථානයකට කළුතර දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සිට පැවති අධික වර්ෂාවත් සමඟ බදුරලිය ,බුලත්සිංහල, වලල්ලාවිට ඉංගිරිය සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට නාය යාමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශ වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වලට යන ලෙස නිවේදනය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පැවසීය. 20 May 2018
රන්න ඇඟලුම් කම්හළක ගින්නක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හළක අද(20) දහවල් 3.00ට පමණ ගින්නක් හට ගෙන ඇතැයි හුංගම පොලිසිය කියයි. 20 May 2018
දිස්ත්‍රික්ක 8 ක් නාය යෑමේ අවදානමක් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 8ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 20 May 2018
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නන්ට අනතුරු ඇගවීමක් පවතින අයහපත් කාලගුණයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පැයට කිලෝමීටර් 60 වේගයෙන් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියි. 20 May 2018
ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය බිහිවෙයි ගෝලීය ශ්‍රි ලාංකික සංසදය ලෙස රට වෙනුවෙන් සිදු කළ කාර්යභාරය තවදුරටත් පුළුල්ව, නීත්‍යනුකූලව හා විනිවදව සිදුකිරීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ලෙස නව සංවිධානයක් බිහිකළ බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා කොළඹදී අද (20) පැවසීය. 20 May 2018
ගිං ගඟේ ඉහළ කොටස පිටාර මට්ටමේ ගාල්ල දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සවස සිට නොනවත්වා ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම පිටාර ගැලීමට ආසන්න වීමෙන් අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පැවසීය. 20 May 2018
අමාත්‍යංශ 10කට නව ලේකම්වරු අමාත්‍යංශ දහයකට නව ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම් සිදුකර ඇත. 20 May 2018
ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නිව්යෝක් යයි එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප්රඥප්තිය ආරම්භ වී වසර පහළොවක් පිරීම නිමිත්තෙන් ‘තිරසර සංවර්ධනය පදනම් කරගෙන අල්ලස හා දුෂණය ලොවෙන් තුරන් කරන්නේ කෙසේද?’ යන තේමාව යටතේ නිව්යොර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා සහභාගී වීමට නියමිතය. 20 May 2018
‘රට විපත් මගට ඇදලා දාන්න ගෝඨාභය හදනවා‘ -මංගල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උත්සාහා කරන්නේ නැවත වාරයක් රට ‘විපත් මගට‘ ඇද දැමීමට යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 May 2018
ඇඹිලිපිටිය නගර සභාවෙන් පැකට් කළ ගව මස් විකිණිමට අවසර:භික්ෂූන්ගේ දැඩි විරෝධය වසර හතකට වැඩි කාලයක් ගවමස් වෙළදසැලකට අවසර නොදුන් ඇඹිලිපිටිය නගර සභාව පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්වන පුද්ගලයෙකුගේ කළ ඉල්ලීමක් සලකා ඔහුට තම මාලූ වෙළඳසැලේ පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදුන්නේ ය. 20 May 2018
අම්බලන්ගොඩ නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි අම්බලන්ගොඩ කොබෙයිතුඩුව දියසෙන් පුර නිවසක් මතට පස්කන්දක් සමඟ තාප්පයක් කඩා වැටීමෙන් නිවසට බරපතල හානි සිදුව තිබේ. 20 May 2018
නීතී විරෝධි දුම්වැටි සමඟ තවත් අයෙක් ගුවන් තොටින් අත්අඩංගුවට නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20 වටිනා ටොප් මවුන්ටන් වර්ගයට අයත් විදේශ දුම්වැටි 39600 සමඟ ලාංකික ගුවන් මගියෙකු (20) අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය කියයි. 20 May 2018
අතුරුදන්වු චීන ජාතිකයා දන්දෙණිය රක්ෂිතයේ වළක වැටී සිටියදී සොයා ගනී මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවයට පැමිණ දන්දෙණිය රක්ෂිතය තුළදී අතුරුදන් වු 33 හැවිරිදි චීන ජාතික තරුණයා එම රක්ෂිතයේ වළක වැටී සිටියදී දින හතකට පසු සොයා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි. 20 May 2018
ඇමැති රාජිතගේ ප්‍රකාශයට හිඟුරක්ගොඩ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය කොටි සැමරුම නිවැරදි බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා කරන ලදැයි කියන ප්‍රකාශයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද(20) පෙරවරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී විරෝධතාවක නිරත වූහ. 20 May 2018
‘කරාපිටියේ රෝගී දරුවන් මිය ගියේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන්ම පමණක් නොවයි‘ පසුගිය මාසය තුලදි වෛරස් උණ වැළදිමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි කුඩා දරුවන් හත් දෙනෙකු මියගොස් ඇති බවත් ඉන් දරුවන් පස්දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆලුවෙන්සා හා ඇඩිනෝ වෛරස් මෙන්ම වෙනත් වෛරස් කිහිපයක් වැළදිමෙන් බවට පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 20 May 2018
වැස්සෙන් ගාල්ලේ ගම් රැසක් යටවෙයි ගාල්ලට නගරයට ඇදහැලුණු ධාරාණාපාත වර්ෂාවත් සමඟ ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර සහ හිරිඹුර ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට දැඩිලෙස බාධා එල්ල වී තිබේ. 20 May 2018
මහ වැස්සෙන් පවුල් 2194 ක් පීඩාවට දින කිහිපයක් තිස්සේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 ක පවුල් 2194කට අයත් පුද්ගලයින් 8690 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 20 May 2018
‘‘නීතී විරෝධිව අධ්‍යාපන පරිපාලන තනතුරු දීලා ‘‘ - ජෝසෆ් ස්ටාලින් අධිකරණ නියෝගයක් පවා තිබියදී එය නොතකා හරිමින් දේශපාලන පලි ගැනීම් මුවාවෙන් නීති විරෝධිව අධ්‍යාපන පරිපාලන තනතුරු පත්වීම් දෙසිය අසු පහක් (285) හා විදුහල්පති තනතුරු පත්වීම් අට සියයක් (800) සදහා තම ගැත්තන් පත්කර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදි ඇතැයි ලංකා ගුරැ සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා අනුරාධපුරයේදි පැවසිය. 20 May 2018
‘‘ හිතා මතා පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්නට දඬුවම් කරනවා‘‘ - විජයදාස රාජපක්ෂ මෙරට වෙහෙර විහාර හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලූ ජනකොටස්වලට පවතින බවත් ඒවා හිතාමතා විනාශ කරන්නන්ට දඬුවම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 20 May 2018
‘‘සංහිදියාවේ නාමයෙන් උතුරේ සිදුවන සිදුවීම් ගැන මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි‘‘ - මහින්ද රාජපක්ෂ ‘‘ අපි අද පහනක් පත්තු කරලා රණවිරුවන් සමරන විට උතුරේ රජයේ අනුග්‍රහය ඇතිව ජනසංහාර සතියක් පවත්වන්නට කටයුතු කර තිබෙනවා. අද අපේ යුද විජයග්‍රහණය සමරන්නට කටයුතු නොකළත් ඒ දිනයේ උතුරේ වැසියන්ට ජනසංහාර සතියක් ලෙස සමරන්නත් පාසල්වල සියලු කොඩි අඩකුඹු කරන්නත් කළු කොඩි දාලා විරෝධය පළ කරන්නත් අවසර ලැබී තියෙනවා . 20 May 2018
කාසල්රී - මා උස්සාකැලේ ජල මට්ටම ඉහළට මධ්‍යම කඳුකරයේ මෙම දිනවල පවතින දැඩි වර්ෂාවත් සමඟ කාසල්රි හා මා උස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමිනි පවති. 20 May 2018
ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 15 පමණ වටිනා විදේශ දුම්වැටි කාටුන් 75 සමඟ ලාංකික ගුවන් මගියෙකු අද (20) උදෑසන අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය කියයි. 20 May 2018
අකුණුසැර වැදී දෙදෙනෙක් මරුට වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 19 May 2018
පුද්ගලයකු යටකරගෙන ගිය මෝටර්රථ රියදුරු අත්අඩංගුවට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට හන්දියේ දි අද (19) පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු යටකරගෙන පලාගිය කාර් රථයේ රියදුරු සමග කාර් රථය අද (19) පස්වරුවේදි ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 19 May 2018
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගම්වාසීන්ගේ විරෝධය නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් උද්ගතව ඇති, වත්මන් පාරිසරිකගැටලු සහ නිරිත දිග මෝසම් සුළං සමයේ දී ඇතිවිය හැකි පාරිසරික ගැටලු හේතුවෙන් බලාගාරය අවට ගම්මාන කිහිපයක ජනතාව සිය විරෝධය පළකර සිටියහ. 19 May 2018
හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා වෙයි බ්‍රිතාන්‍යයේ II වන එළිසබෙත් රැජින විසින් හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා ලෙසින් නම් කරනු ලැබීය. 19 May 2018
ගල්බෝර දැමූ පුද්ගලයකු ගල්පතුරක් වැදී මරුට කොස්ලන්ද අළුත්වෙල ප්‍රදේශයේ ඉඩමක ගල් කැඩීමට ගල්බෝර දැමූ පුද්ගලයකු ඊයේ (18) සවස ගල්පතුරක් වැදී බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 19 May 2018
නීති විරෝධීව ගෙනා දුම්වැටි තොගයක් අල්ලයි චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 19 May 2018
වෙඩි වැදීමකින් පොලිස් කොස්තාපල්වරයකු මරුට හොරොව්පොතාන වාගොල්ලාගොඩ පොලිස් මුර පොලේ සේවය කළ කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (18) රාත්‍රී වාගොල්ලාගොඩ ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර සිවිල් ආරක්ෂක භටයා සතුව තිබූ ගිනි අවිය පත්තුවි සිදු වූ වෙඩි වැදීමෙන් ඔහු සමග සිටි පොලිස් කොස්තාපල්වරයා මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 19 May 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026