පුත්තලමේ කුඩා වැව් කිහිපයක් පිටාර මට්ටමේ වසර දෙකක් පැවති නියඟය හමාර කරමින් 20 වැනි දා සිට ඇද හැලෙන අධික වැසි සහිත කාල ගුණය හේතුවෙන් කුඩා වැව් රාශියක් පිරී ඉතිරී ගොස් තිබේ. 21 May 2018
මැයි මස අවසන් වන තුරුම වැසි නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය මෙම මස අවසානය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2018
ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ මේ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2018
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අරී කඳුරට ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අද (21) සවස විවෘත කරනු ලැබීය. 21 May 2018
ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයයක් ඉදිරිපත් කර ඇත. 21 May 2018
අපදා සහන සලසන්න හමුදාවේ 300ක් සීරුවෙන් අධික වර්ෂාව හේතුවෙන් අපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන කටයුතු සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ 300 ට අධික පිරිසක් සහ බෝට්ටු සමග ස්ථාන ගතකර ඇති බව හමුදාව කියයි. 21 May 2018
කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ භාර නිලධාරීන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(21) උපදෙස් දුන්නේය. 21 May 2018
හැටන් ‘පුල් බැන්ක්‘ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි හැටන් ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් පුල් බැන්ක් ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස්කන්දක් කඩා වැටිමෙන් එම නිවසට අර්ධ වශයෙන් දැඩි අලාභ හානි සිදු වි ඇත. 21 May 2018
කෘෂි රක්ෂණ මුදලත් ආණ්ඩුවෙන් දරයි කෘෂි රක්ෂණය වෙනුවෙන් ගොවින් ගෙන් අයකළ අක්කරයකට රුපියල් 1350 ක මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරමින් ඒ මුදල රජයෙන් දරන්නට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 21 May 2018
කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු 3 ක් විවර කරයි කුකුලේගඟ ජලාශයේ ජලපෝෂක ගංගා ආශ්‍රිතව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු තුනක් විවර කර ඇති අතර ඉන් තත්ත්පරයට ගණ අඩි 285ක පමණ ජල ධාරිතාවයත් නිකුත්වන බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ සමතා සඳහන් කර සිටියි. 21 May 2018
‘රාජිතගේ ප්‍රකාශ රජයේ නිල ප්‍රකාශ නොවෙයි නම් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න‘- ගම්මන්පිල රාජිත සේනාරත්න ඇමතිවරයා රජයේ නිල මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කියන දේවල් රජයේ නිල ප්‍රකාශ නොවන්නේ නම් වහාම ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයය ගම්මන්පිල මහතා අද (21) පැවසීය. 21 May 2018
පාසල් වැසීම ගැන තීරණ ගන්න පළාත්-කලාප අධ්‍යක්ෂකවරුන්ට බලය පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑමේ අවදානම් වලට ලක්ව තිබෙන ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාම හෝ වසා දැමීම හෝ ඒ පිළිබඳව තීරණය කිරිමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 21 May 2018
ලෙස්ටර්ගේ ‘රණ මයුර‘ සම්මානය ඥාතීන්ට භාර දෙන්නැයි අධිකරණ නියෝගයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයේදී සොරාගනු ලැබූ යාවජීව රණමයුර සම්මානය එතුමාගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය. 21 May 2018
පුත්තලම- කොළඹ මාර්ගය බත්තුළුඔයෙන් යටවෙයි පුත්තලම කොළඹ මාර්ගය අද (21) උදෑසන සිට ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වු බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ රංජීත් අලහකොන් මහතා පැවසිය. 21 May 2018
ගිනිගත්හේන දියගල නායයෑමෙන් ගමනාගමනය නවතී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) දහවල් 12 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිටි බව ගිනිගත්හේන පොලිසිය කියයි. 21 May 2018
‘විපතට පත් වුවන්ට කඩිනමින් සහන සලසන්න‘ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. 21 May 2018
දකුණේ පැතිරෙන වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය පිළිබඳව සොයා බැලිම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම එම ප්‍රදේශවලට අද (21) පිටත් කර යැවු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 21 May 2018
දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසයි දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තබන්නැයි නියෝග කළ බවත් රෝගය පැතිර යන ප්‍රදේශවල පාසල් හි ප්‍රාථමික අංශ හෙට (22) අනිද්දා (23) දින දෙකෙහි වසා තැබීමට උපදෙස් දුන් බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පවසයි. 21 May 2018
’ශ්රීලනිපය සමඟ එක්වීම ගැන හිතන්නවත් බෑ ’ - ජිඑල් පිරිස් පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිළුල දෙස බැලීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමක් ගැන තම පක්ෂයට හිතන්නවත් නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (21) පැවැසීය. 21 May 2018
ජන අරගලයක ඇරඹුම නමින් ඒකාබද්ධයෙන් උද්ෂෝෂණ මාලාවක් වර්තමාන ආණ්ඩුවට එරෙහිව ලබන මස මුල් සතියේ සිට ජන අරගලයක ඇරඹුම නමින් දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කීරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 21 May 2018
අල්ලස් චෝදනා එල්ල වූ විදේශ සේවා නිලධාරියා නිදහස් විදේශ රැකියා නියෝජිත ආයතනයකට වාර්ෂික වෙළඳ බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය සමත් වාර්තාව කඩිනමින් යැවීමට රුපියල් 5,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා ලැබ සිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ස්ථාන බාර නිලධාරීවරයෙකු විත්ති වාචකය කැඳවීමකින් තොරවම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නිදොස් කොට නිදහස් කළේය. 21 May 2018
තවලම පාලමෙන් ගිං ගඟ වැටුණු තරුණයාගේ සිරුර සොයා ගනී තවලම හබරකඩ ප්‍රදේශයේ පුද්ගලයකු අද (21) උදෑසන තවලම පාලම මතින් ගිං ගඟට වැටී ඇති අතර ඔහුගේ සිරුර හිනිදුම ප්‍රදේශයෙන් මිට සුළු වේලාවකට පෙර ගොඩගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2018
ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයෙන් අඩකටත් වඩා මේ වනවිට පෙහොට්ටුව සමඟ සිටින නිසා පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 21 May 2018
ඉන්ජිනේරුවාට පහරදුන් සැකකරුවන්ට ඇප පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට ක්ෂේත්රයේ රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටියදී බැණ තර්ජනය කර පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද(21) නියෝග කළාය. 21 May 2018
අධ්‍යාපන පරිපාලන නිලධාරීහු අනිද්දා ලෙඩ වෙති දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමේ පදනම මත යැයි පවසමින් අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට පටහැනි ලෙස නිලධාරීන් පත්කිරීමට රජය උත්සාහ ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් බදාදා (23) දිනයේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. 21 May 2018
ගංවතුරින් රුවන්පුරේ පවුල් 2362 ක් අවතැන් ඇදහැලූණු වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් අද (21) දහවල් වන විට පවුල් 2362ක් අවතැන්ව නිවාස දෙකකට පූර්ණ හානි සිදුව තවත් නිවාස 17කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ මුදිත මංජුල මහතා පැවසීය. 21 May 2018
දුම්වැටි සහ දුරකථන තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස දුම්වැටි සහ ජංගම දුරකථන තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙරට ගුවන් මගීන් තිදෙනකු අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 May 2018
‘වැස්සෙන් පීඩාවට පත් බදුල්ලේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ සැලැස්මක් හදන්න ‘ අධික වර්ෂාව හේතුවෙන් විපතට හා අවදානමට පත් ජනතාව ජීවිත හා දේපොළ ආරක්ෂා කරනු පිණිස වහා විශේෂ සැලැස්මක් සහිතව මැදිහත් වන්නැයි උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ රජයෙන් ඉල්ලා සිටී. 21 May 2018
තාප්පයක් කඩා වැටී ආගරපතනේ 10 දෙනෙක් ඉවතට පවතින අධික වර්ෂාව නිසා තාප්පයක් කඩා වැටීමෙන් ආගරපතන, නිව් පෝට්මෝර් වත්තේ ඇල්ඩෝරි කොටසේ පිහිටි නිවාස දෙකක පදිංචි පුද්ගලයන් 10 දෙනෙකු අද (21) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආගරපතන පොලීසිය පවසයි. 21 May 2018
මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පවුල් 9 ක් ආරක්ෂිත ස්ථාන වලට මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිඔය පිටාර ගැලීමෙන් නිවාස නමයක් ජලයෙන් යට වී ඇති බව මස්කෙලිය පොලිසිය කියයි. 21 May 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026