පාර්ලිමේන්තුවේ දෙවැනි සැසියට පෙර විශේෂ පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කිරීමේ උත්සවය පිළිබඳ ත්‍රිවිධ හමුදාවේ විශේෂ පෙරහුරුවක් ලබන 06 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 30 April 2018
මැයි දිනය කල් දැමුවත් මැයි රැළි කිහිපයක් හෙටත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් උත්සව මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රජය විසින් කල් දැමුවද, කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයක් හෙට (1) මැයි දින සැමරුම් පවත්වති. 30 April 2018
‘අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින්න‘ - ශ්රීපාදස්ථානාධිපති අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අද (30) බැතුමතුන්ගෙන් ඉල්ලීමක් කළහ. 30 April 2018
ලෙස්ටර්ගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරස්රයේදී සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (02) සවස කොළඹ නිදහස් චතුරස්රයේදී සිදු කෙරේ. 30 April 2018
දියණියගේ රන් බඩු සොරාගත් පියා අත්අඩංගුවට හක්මන පොල්කීරිපිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා රන් ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවස හිමි කාන්තාවගේ පියා සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හක්මන පොලීසිය පවසයි. 30 April 2018
වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක් වෙසක් පුන්පොහෝය නිමිත්තෙන් යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින හා පසු දිනවල වන්දනාවේ යනෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙසක්පුන් පොහෝදා සිට ආරම්භ කර තිබේ. 30 April 2018
හොර නෝට්ටු ළඟ තබා ගත් 4 ක් අත්අඩංගුවට රුපියල් 55000ක ව්‍යාජ නෝට්ටු සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි. 30 April 2018
දකුණූ සුපිරි මඟේ භික්ෂුන් රැගත් වෑන් රියක් අනතුරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ භික්ෂූන් වහන්සේලා රැගත් වෑන් රථයක් 64 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි. 30 April 2018
හිටපු ඇමැති වෙල්ගමගේ ඉඩමකින් හොරෙන් ගස් කැපූ අයෙක් අත්අඩංගුවට හිටපු ප්‍රවාහන අමාත්‍ය හා වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ඉඩමකින් රුපියල් 50000/- කට වඩා වටිනා මහෝගනී ගස් දෙකක් හොරෙන් කැපු පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි. 30 April 2018
බණ්ඩාරවෙල අධිකරණ ලේඛනාගාරයේ ගින්නක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (30) උදෑසන හදිසියේ ඇති වු ගින්නක් විනාඩි 45ක කාලයකින් මැඩ පැවැත්වු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 30 April 2018
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් මෙවර ශ්‍රි පාද වන්දනා වාරය අද (30) උදෑසන ශ්‍රි පාද උඩුමළුවේ පැවැති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කෙරිණි. 30 April 2018
ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී.ජී. ජයවීර නමැති තරුණ ගොවි මහතකු පිළිබඳව ලංකාදීපයට වාර්තා වේ. 30 April 2018
ගාල්ලේ සුපිරි පාසලක පලහිලව්වක් ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක 3 ශේණියේ සිසුවකුට එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් දෙන ලදැයි කියන පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු එම සිසුවා මත්විම නිසා රෝහල් ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කරතිබේ. 30 April 2018
වෙසක්දා මාළු බෑමට ගිය තරුණයෙක් වැවේ හැංගෙයි වෙසක් පුන් පොහාය දින රත්තොට දන්කන්ද වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයකු වැවේ ගිලි අතුරුදන් වී ඇතැයි රත්තොට පොලිසිය කියයි. 30 April 2018
වෙසක්දා සූදු කෙළියේ යෙදුණු 16 ක් අත්අඩංගුවට වෙසක් පුන් පොහෝදා රාත්‍රීයේ කැටැන්දොළ නිවසක මිදුලේ මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් සූදු කෙළියේ යෙදී සිටි පුද්ගලයින් 16 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි. 30 April 2018
ලෙස්ටර් සමුගනී හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අද (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රප්ත වූ බව ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කරමු. 29 April 2018
රජයක් තියෙනවාද කියා නොදන්න නිලධාරීන් ඉන්නවා - ගලබොඩ ඤාණිස්සර හිමි රාජ්‍ය ආයතනවල වත්මන් නිලධාරීන් රජයක් තිබෙනවාද හෝ රජයේ ලොක්කන් සිටීදැයි පවා නොදැන කටයුතු කරන වාතාවරණයක් ඇතැයි කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියෝ කොළඹදී අද (29) පැවැසීය. 29 April 2018
බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි කොළඹ අගරදගුරුතුමෝ කතෝලිකයන්ගෙන් ඉල්ලති බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි තමා සියලු කිතුණුවන්ට ආරාධනා කරන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ වෙසක් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරති. 29 April 2018
කිම් ජොන් අන් - ට්‍රම්ප් හමුව මැයි මාසයේ උතුරු කොරියානු නායකයා හා තමන් අතර හමුව ඉදිරි සති තුන හතරක කාලයේදී සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. 29 April 2018
ඉන්දියාවෙන් වැඩම කරවු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය යටතේ අරලිය ගහ මන්දිරයේදී ප්‍රදර්ශනය කෙරෙන ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සහ පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කරවූ ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා සහ විදේශීය කෞතුක වස්තු ප්‍රදර්ශනය වෙනුවෙන් තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදු කැරිණි. 29 April 2018
බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක් ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. 29 April 2018
දකුණු කොරියාව හා එක්වෙන්න උතුරු කොරියාව වෙලාව වෙනස් කරයි දකුණු කොරියාව සමඟ එක්සත් වෙමින් උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30කින් වැඩි කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (29) ප්‍රකාශ කළේය. 29 April 2018
ඇමෙරිකාවෙන් වෙසක් දින පණිවිඩයක් බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරීම සඳහා අපද එක්වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 29 April 2018
මඩකලපුව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ ස්මාරක රැසක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වැනි සැතපුම් කණුවට නුදුරුව පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ මෙතෙක් සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ඉපැරණි දාගැබක සහ ප්‍රතිමා ශෘහයක අවශේෂ සහ බුදු පිළිම දෙකක් සහ බෝසත් පිළිමයක් ඇතුළු පුරාවිද්‍යා ස්මාරක රැසක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 April 2018
එළවලු විකුණා ගැනීමට නොහැකිව ගලේවෙල ගොවීන් අමාරුවේ ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොවීහු සිය අස්වැන්න විකුණාගත නොහැකිව පීඩාවට පත්ව සිටිති. ඔවුන් වැඩිපුර වගා කර ඇති තක්කාලි, ගෝවා වැනි එළවලු වර්ග මේ හේතුවෙන්එ ළවලු කොටුවලම කුණු වී විනාශ වී ගොස් තිබේ. 29 April 2018
මාවනැල්ලේ ‘සල්ලි ‘ දන්සලක් සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29 ) උදෑසන පැවැත්විය. 29 April 2018
පක්ෂ ප්‍රතිසංවිධානය ගැන අගමැතිගෙන් විශේෂ නිවේදනයක් පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 29 April 2018
‘හෂිස්‘ සමඟ ඇල්ලු විදේශිකයා රඳවා ප්‍රශ්න කිරීමට නියෝග රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා හෂිස් මත් ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම් 272 ක් සිය ගමන් බෑගයේ සඟවා කටුනායක ගුවන් තොටුපොලින් තායිලන්තය බලා ගමන් කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉතාලි ජාතිකයෙකු ලබන 04 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා නියෝග කළේය. 29 April 2018
රත්මලාන ධර්මාරාමයේ තේවාවට පොලීසියෙන් තහනමක් රත්මලාන ධර්මාරාම පුරාණ රාජමහා විහාරයේ උදෑසන තේවාව සතියක කාලයක සිට පොලිසිය විසින් පැනවු තහනමක් නිසා නවතා දැමීමට සිදුව ඇතැයිද එම තහනම නිසා අද (29) වෙසක් පෝයදාද උදෑසන තේවාව නොපැවැත්වු බවද දායකයෝ සහ ප්‍රදේශවාසීහු පවසති. 29 April 2018
දෙමළ ජාතික සන්ධානය පළමුවැනිදා මැයි දිනය සැමරීමට සුදානම් දෙමළ ජාතික සන්ධානයේ මැයි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගනිමින් මැයි පළමු වැනිදා සැමරීමට තීරණය කොට ඇතැයි එම සන්ධානයේ මහ ලේකම් කේ. තුරෙයිරාජසිංහම් මහතා පැවසීය. 29 April 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026