පාර්ලිමේන්තුව උණුසුම් වෙයි පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 19 February 2018
සීමා නිර්ණය කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා අතට මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොට්ඨාස බෙදාවෙන් කිරීමට පත් කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව සකස් කර අවසන් කර ඇති බැවින් එය අද (19) විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව එම කමිටුව පවසයි. 19 February 2018
මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි - අගමැති පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්රාමාත්යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත. 18 February 2018
මම ඉන්නේ ගාල්ලේ - මනූෂ ආණ්ඩු හදන හෝ ආණ්ඩු කඩන හෝ කිසිඳු සාකච්ඡාවකට තමන් සහභාගී නොවූ බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 18 February 2018
පාර්ලිමේන්තු සැසිය කල් නොතබන බව ජනපති ලේකම් කියයි පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 18 February 2018
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අතළඟ අද (18) මධ්‍යම රාත්‍රීයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2018
ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ජයක් බංග්ලාදේශයේ ශිලාත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 18 February 2018
යතුරු පැදිය මත හිටගෙන කි.මි 100ක් කිසිදු ආධාරකයක් නොමැතිව යතුරු පැදිය මත හිටගෙන පැයට කිලෝමීටර් හැටක හැත්තෑවක පමණ වේගයකින් අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 100 ක දුරක් ගමන් කරමින් 23 හැවිරිදි තරුණයකු පසුගිය (16දා ) ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ උත්සාහය සම්පුර්ණ කළේය. 18 February 2018
සුමන්තිරන් විදේශිකයන් හමුවේ ශ්‍රී ලංකාවට දොස් පවරයි ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ කිසිදු ප්‍රගතියක් නැති බවත් මෙකී යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසට ලක් රජය වෙත දැඩි බලපෑමක් සිදුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විදේශීය රටවල්වලින් ඉල්ලා තිබේ. 18 February 2018
එජාපය - ශ්රීලනිපය බහුතරය පෙන්වීමේ සටනක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩ් උත්සාහයක් ගනිමින් තිබේ. 18 February 2018
එජාප විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද (18) පස්වරු 7.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. 18 February 2018
රජය සිටින්නෙත් අවයව බද්ධ කළ යුතු වෙලාවක - රාජිත සේනාරත්න රජයත් මේ වන විට සිටින්නේ අවයව බද්ධ කළයුතු අවස්ථාවක යැයි අවයව දන්දීමේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කර තිබූ පා ගමනට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 18 February 2018
කොත්මලා ඔයට මෝටර් රථයක් පෙරලි දෙදෙනකු මරුට නුවරඑළියේ සිට ගම්පහ දක්වා ධාවනය වු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් ගොඩ ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි. 18 February 2018
ලංවිම සේවකයෝ මාර්තු 14 දා සිට වර්ජනයකට සැරසෙති තමන් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද(18) කොළඹදී පැවසීය. 18 February 2018
නියං කාලයේ ජලාශ වලට කෘත්‍රිම වැසි ලබා දීමේ වැඩපිළිවෙලක් නියං කාලයේ දී විදුලි බලාගාර ආශ්‍රීත ජලාශයන්ට කෘත්‍රිම වැසි ලබා දීම කෙරෙහි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත. 18 February 2018
ජනපති හමුවෙන්න අගමැති යනවාලු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත විශේෂ හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම සහභාගි වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 18 February 2018
මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක වෙන්න බෑ - ගම්මන්පිල එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 18 February 2018
නීතිවිරෝධීව කුවෙට්හි රැඳුනු අයගේ සහන කාලය 22 න් අවසන් කුවේට් හි නීතිවිරෝධී ලෙස රැ`දී සිටින විදේශිකයන්ට එරටින් පිටවීමට ලබා දී තිබු සහන කාලය මේ මස 22 දායින් අවසන් වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. 18 February 2018
ලංවිම වෘත්තීය සමිති නායකයින් 6කගේ සේවය අත්හිටුවයි වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. 18 February 2018
ජනපති හමුවෙන්න අගමැති නොයන බව කියයි කතානායකවරයා සමඟ පැවැත්වීමට නියමිත විශේෂ හමුවට තමාට සහභාගීවීමට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් දැනුම් දුන් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 18 February 2018
අගමැති - කතානායක ජනපති හමුවෙන්න යති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කතානායක කරු ජයසුරිය යන මහත්වරු අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය . 18 February 2018
බුද්ධික - සුජීව එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීම මගහරිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි. 18 February 2018
තලංගම වෙඩි තැබිමකින් පුද්ගලයකු මරුට අද අලුයම 3.00 පමණ තලංගම විමලතිස්ස මාවතේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් (51) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත. 18 February 2018
මත් ද්‍රව්‍ය ගිලදමා පැමිණි බ්‍රසීල ජාතිකයෙක් අල්ලයි මත්ද්‍රව්‍ය තොගයක් උපත් පාලන කොපු තුළ බහා ගිල දමා පැමිණි 36 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ඊයේ (16) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය . 17 February 2018
තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර සොයයි රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (16) ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කළාය. 16 February 2018
සංවර්ධන වැඩ දිගටම කරගෙන යන්න ජනපති ලේකම්වරුන්ට උපදෙස් දෙයි රටතුළ තිබෙන දේශපාලන තත්ත්වය නොසලකා කිසිඳු පසුබෑමකින් තොරව සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) අමාත්‍යාංශය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. 16 February 2018
ලබාදුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න - මල්වතු මහනාහිමියෝ රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත. 16 February 2018
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරණයට ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. කිසිදු නිශ්චිත වැඩසටහනක් ඉදිරිපත් නොකරමින්, විරුද්ධවාදීන් සමඟ විවාද කිරීම ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපතිවරයා සැරසෙන්නේ නැවත වතාවක් තේරී පත්වීමකට වඩා එහා ගිය යමකට යැයි දේශපාලන විචාරකයෝ පවසති. 16 February 2018
පළාත් පාලන පනතට සංශෝධනය කරන්න දැන් බෑ පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි. 16 February 2018
රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉවත් වන බව අද (16) නිවේදනය කළේය. 16 February 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026