මුහුණු පොතේ කවිලියූ ගුරුවරයා මානව හිමිකම් සොයා යයි ෆේස්බුක් වෙබ් අඩවියේ කවි ලියා පලකිරීම නිසා ස්ථාන මාරු කළැයි කී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරුණ ගුරුවරයා අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමාෂන් සභාවට පැමිණිල්ලක් කළේය. 19 June 2017
බලපත්‍ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට බලපත්‍ර නොමැතිව හා නීති උල්ලංඝණය කරමින් වැලි හා පස් ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරන් 12 දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (19) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 12 දෙනාට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා රුපියල් 215,000 ක දඩ මුදලක් නියම කැරිණි. 19 June 2017
ශ්‍රී ලන්කන් අධ්යක්ෂ මණ්ඩලය කැබිනට් රැස්වීමට කැඳවයි හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ. 19 June 2017
මහඇමැති විග්නේෂ්වරන් තීරණය වෙනස් කරයි උතුරු පළාත් සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කරගනිමින් ඔවුන් දෙදෙනාගේ අනිවාර්ය නිවාඩුව ඉවත් කළ බව එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට අද (19) ලිඛිතව දැනුම් දී ඇත. 19 June 2017
ඉන්දීය දුම්කොළ තොගයක් අල්ලයි නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනෙන ලද ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත. 19 June 2017
කර්තෘ භාගය නොගෙව්වාට සන්නස්ගලට නඩු තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැහැර ඇති හෙයින් අදාළ මුදල ඔහු ගෙන් අයකර දෙන මෙන් ඉල්ලා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ අද (19) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය. 19 June 2017
මහින්ද ඇතුළු 8 ක් පාකිස්තාන් යති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ සංචාරයක් සඳහා අද (19) පස්වරු 1.00 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 183 දරන යානයෙන් කරච්චි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය . 19 June 2017
ඒකාබද්ධ ප්‍රහාරයෙන් සිරියා හමුදා යානයක් කඩා වැටෙයි ඇමෙරිකා ප්රමුඛ ඒකාබද්ධ හමුදාවට අයත් යානයක් එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදාවට අයත් යානයක් කඩා වැටුණු බව වාර්තා විය. 19 June 2017
ශ්‍රී ලන්කන් ආයතනය ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ඉක්මනින්ම ඕනෑ - ලක්ෂ්මන් යාපා ශ්‍රී ලන්කන් ගුවන්සේවය ලබන සැප්තැම්බරයෙන් පසු දුවන්න බැරි තත්ත්වයට පත්වන්නේ යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 19 June 2017
ජඹුරේවල චන්ද්‍රරතන හිමි ඇතුළු පහකට ඇප සිංහලේ අපි සංවිධානයේ ජඹුරේවල චන්ද්‍රරතන හිමි හා තවත් හිමිවරු දෙදෙනෙක් ඇතුළු ගිහියන් තිදෙනෙක්ට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා නියෝග කළේය. 19 June 2017
බ්‍රිතාන්‍යයේ මුස්ලිම් පල්ලියකට වෑන්රියක් කඩාවැදීමෙන් අයෙක් මරුට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පල්ලියක සිටි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (19) අළුයම එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 19 June 2017
පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරු වහාම කි‍්‍රයාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ස්ථාන මාරුවීම් ලැබු සහකාර පොලිස් අධිකාරිවරුන් ගේ නම් මෙසේය. 19 June 2017
විග්නේෂ්වරන්ට එරෙහි විරෝධතාවය උණුසුම් වෙයි උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් අත්තනෝමතිකව උතුරු පළත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බව කියමින් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක් අද(19) වව්නියාවේ විරෝධතාවක නිරත වූහ. 19 June 2017
ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 June 2017
මුදල් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න 10 ක් ‘අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. 19 June 2017
සෙබළකුගේ අත් පා බැඳ ගිනි අවිය පැහැරගෙන කුඩා ඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණු කඳවුරේ අංක 2 මුරකුටියේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකුගේ අත්පා බැඳ දමා එම සෙබළා සතු ගිනි අවිය පැහැරගත් හිටපු හමුදා සෙබළකු එම පැහැරගත් ගිනි අවිය සමග පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය කියයි. 19 June 2017
කොළඹ කුණු අස්කරන්න දින 3 ක් කල්දෙයි කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළි කසළ දින තුනක් ඇතුළත ඉවත් නොකරන්නේ නම් මහ ඇමැතිධුරයෙන් ඉවත් කරන බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ. 19 June 2017
පොලු වලින් පහරදී ඝාතනය කළාට තුනක් අත්අඩංගුවට අංගම්පිටියේ ප්‍රදේශයේ නිවසක් අසලදි පිරිසක් විසින් පොලු වලින් සිදුකළ පහරදිමකින් දි පුද්ගලයකු (35) මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අංගම්පිටිය උළු කර්මාන්තශාලාවක සේවය කරන නිශාන්ත කුමාර නැමති අයෙකි. 19 June 2017
ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට ලන්ඩන් ඕවල් පිටියේදී අද පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කළ පාකිස්තානුවෝ 2017 ශූරයන්ගේ කුසලාන දිනාගත්හ. 18 June 2017
පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ. 18 June 2017
කුලියාපිටි ගුරුවරයාට පහර දීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ ගුරුවරයකුට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ලංකා ගුරු සංගමය කියයි. 18 June 2017
ඇමැති දෙදෙනා ගැන සම්පන්දන්ගෙන් සහතිකයක් ඉල්ලයි උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී.සත්යලිංගමෙගේ සහ පී.ටෙනීස්වරන් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා සහතික වන්නේ නම් තමන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට සූදානම් යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සදහන් කරයි. 18 June 2017
විදේශීය සහල් ඕනෑ නැතිලු විදේශීය සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍ය පරිදි වී තොග පවතින බවත් සමස්තලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියයි. වී තොග සඟවා රට තුළ සහල් මිල ඉහළ දමා තිබෙන බව ද ඒ මහතා කියයි . 18 June 2017
විශ්වාස භංගය නිසා දෙමළ සන්ධානය දෙකඩ වන ලකුණු උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගැනීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ඉතිරි පක්ෂ ත්‍රිත්වයම සන්ධානයෙන් ඉවත් වී වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය. 18 June 2017
ඕමාන් ගිය ලාංකික කතට වසර 13කට පසු වැටුප් වසර 13කුත් මාස 9 ක් තිස්සේ හාම්පුතුගෙන් කිසිදු වැටුපක් නොලැබ ඕමානයේ ගෘහසේවයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට හිමි විය යුතුව තිබූ රුපියල් ලක්ෂ 36කට ආසන්න හිඟ වැටුප් අදාළ හාම්පුතුගෙන් අය කර ගැනීමට ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත. 18 June 2017
අයිලිය රක්ෂිතය වනසා ඉඩම් අල්ලා ගනිති විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ආසන්නයේ පිහිටි අයිලිය රජයේ රක්ෂිතය යාබද රජය සතු කැලෑව ජාවාරම් කරුවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත් පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. 18 June 2017
දුම්රිය රියදුරු-නියාමක වැඩවර්ජනයක් අනිද්දා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකරවරුන් ලබන අඟහරුවාදා (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක යෙදෙන බව රියදුරු හා නියාමක සංගම් පවසයි. 18 June 2017
ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 18 June 2017
ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට අද (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි. 18 June 2017
තාරකා ඉබ්බන් 2089ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089ක් සහිත ගමන් මලු හතරක් සමග සැකකරුවකු සහ යාත්‍රාවක් කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේ දී අද(18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක නාවික කඳවුර පවසයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 18 June 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026