සයිටම් වෙඩි තැබීමේ සිද්ධියට උසාවියට බාරවෙන්න ආ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු දෙදෙනා බාර නොගනී සයිටම් ආයතනයේ විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය නිර්මාණය කළේ තමන් බව කියමින් අධිකරණයට භාරවීමට පැමිණි හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු දෙදෙනකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට තමන්ට අධිකරණමය බලයක් නැති බව සඳහන් කරමින් තුල්හිරිය මහේස්ත්‍රාත් යූ. සුහුදුරුගොඩ මහතා ඔවුන් දෙදෙනා අධිකරණය භාරයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. 09 March 2017
මොරගහකන්දෙන් වන්දි නොලැබුණු පිරිසක් මහපාරේ පදිංචි වෙති මොරගහකන්ද ජලාශයට ඉඩම් යටවූ පවුල්වල සාමාජිකයෝ පිරිසක් නාවුල ඇලගමුව ප්‍රදේශයේ මහා පාරේ පදිංචි වී සිටිති. එම ප්‍රදේශයේ නිවාස ද මාර්ග ද මේ වන විට ජලයෙන් යටව පවතී. 09 March 2017
සැකකරුවකු එක්ක අල්ලා පොලීසිය රස පරීක්ෂකට යැවූ පාර්සලය ‘කුඩු’ නොවෙයි හෙරොයින් ග්‍රෑම් 10.650ක් සමඟ දෙහිවල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවකු වෙනුවෙන් පොලිසිය රස පරීක්ෂක වෙත යවා ඇති මත් ද්‍රව්‍ය යැයි සැක කරන පාර්සලයේ මත් ද්‍රව්‍ය නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සඳහන් වන බැවින් එම සැකකරු මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය. 09 March 2017
ගලේවෙල වාණිජ බැංකුවට අත් බෝම්බ ප්‍රහාරයක් ගලේවෙල නගරයේ ප්‍රසිද්ධ වාණිජ බැංකුවකට අද (9) අලුයම එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් එහි ආරක්ෂක නිලධාරියා බරපතල තුවල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇතයි ගලේවෙල පොලිසිය කියයි 09 March 2017
සීගිරියේ නිධන් හෑරූ 4 ක් අත්අඩංගුවට සිගිරිය අභයභුමියේ ඉලුක්වල ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරිය වනජීවී කාර්යාලය පවසයි. 09 March 2017
බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව සූදානම් උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් උන් නියෝග කරන ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට අන්තර් මහද්වීප බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට තමන් සූදානමින් සිටින බව උතුරු කොරියානු හමුදාව පවසයි. 09 March 2017
සැප රියෙන් බුරුත කඳන් ප්‍රවාහනය කර අහුවෙයි කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ සිට යාපනය දක්වා නීති විරෝධී ලෙස බුරුත දැව කඳන් තොගයක් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව පුනරීන් පොලිසිය පවසයි. 09 March 2017
ධීවරයාට වෙඩි තැබීමට එරෙහිව ජිනීවා යන්න යයි නාවික හමුදාවේ වෙඩි ප්‍රහාරයකින් මියගිය බව කියන රාමේෂ්වරම්හී ධීවරයාගේ ඉන්දු ලංකා ආණ්ඩු නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් වෙඩි තැබීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඉන්දීය ධීවර සංගම් ප්‍රකාශ කරයි. 08 March 2017
ජනපති ඉන්දුනීසියා රජයට තුති පුදයි සහල් සැපයීමේ අඩු පාඩුව මගහරවා ගැනීම සඳහා තමා කළ ඉල්ලීමට අනුව ජනපති වීඩාඩෝ ශී‍්‍ර ලංකාවේ ජනතාවට සහල් මෙට්ටි්රක් ටොන් පන්දාහක් සැපයූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ දී පැවැති ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් පසු පැවසීය. 08 March 2017
ඉදිරියේදී විශ්‍රාම ගන්නා නිලධාරීන්ගැන විස්තර කොහෙවත් නැතිලු ඉදිරි වසරවලදී විශ්‍රාම ගන්නා රජයේ සේවකයන් පිළිබඳ දත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් කිසිදු රාජ්‍ය ආයතනයක් එම තොරතුරු එවීමට පියවර ගෙන නොමැති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා ලිපියක් මගින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාශය ලේකම්වරයාට දැනුම් දී තිබේ. 08 March 2017
ආනවිළුන්දාව අභය භූමියේ ගින්නක් හලාවත ආනවිළුන්දාව රම්සා අභය භුමිය තුළ මේ වන විට ගින්නක් පැතිරි යන බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ සහකාර අධ්යක්ෂ කර්නල් ශෂ්මින්ද රොද්‍රගෝ මහතා පැවසිය. 08 March 2017
ඒ-26 මාර්ගය විවෘත කිරීමට ඉල්ලීමේ පෙත්සම සලකා බැලීම මැයි 26 දා මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි වසා දමා ඇති ඒ-26 මාර්ගය විවෘත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහනුවර පදිංචිකරුවන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය. 08 March 2017
ඉන්දීය ධීවරයාට වෙඩි තැබීම ගැන පිරික්සන්න ජනපතිගෙන් පොරොන්දුවක් ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට තිබෙන චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව ඉන්දීය මාධ්‍ය අද (8) වාර්තා කළේය. ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය උප ජනාධිපති හමීඞ් අන්සාරි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වී කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සහතික කර ඇතැයි වාර්තා වේ. 08 March 2017
විමල්ට ඇප දෙනවාද නැද්ද - තීන්දුව 21 වැනිදා රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් රජයේ වාහන හතළිහක් පමණ අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය විසින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 21 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (8) දැනුම් දුන්නේය. 08 March 2017
අත්‍යාවශ්‍ය පවුල් සැලසුම් ක්‍රම මව්වරු කැමතිනම් පමණයි දරු ප්‍රසුතියෙන් පසු පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලුපය පැළඳවීම දඹුල්ල රෝහලේ අද (08) සිට තාවකාලිකව අත්හිටුවන බව දඹුල්ල රෝහල් වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල මහතා පවසයි. 08 March 2017
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම් පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි. 08 March 2017
පොලිස් ලොක්කන් 8කට ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ප්‍රධානීන් අට දෙනකුට ස්ථාන මාරු නිර්දේශ කළ බව පොලිස් මූලස්ථානය කියයි. 08 March 2017
තනි සිගරට්ටුව විකිණිමට තහංචි දුම්පානය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණිමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 08 March 2017
පිල්ලයාන්ගේ ඇප ඉල්ලීම විසිවේ හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මහතාගේ ඇප ඉල්ලීම මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඉස්සදීන් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය. 08 March 2017
බස් රථ ධාවනයට වෙනම මංතීරුවක් කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 08 March 2017
ලී බඩු අස්සේ මිලියන 193 ක සිගරට් හොරෙන් ගෙනෙයි ලී භාණ්ඩ අතර සඟවා මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 193ක් පමණ වටිනා ඉන්දුනිසියානු සිගරට් ලක්ෂ 35 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද(8) අත්අඩංගුවට ගත් බව රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශය කියයි. 08 March 2017
පැමිණිල්ල විභාගයට ගිය කොස්තාපල්ගේ ගෙල කපයි ගොකරැල්ල දොලොස්දාහ ප්‍රදේශයට පැමිණිල්ලක් විභාග කිරීමට ගිය ගොකරැල්ල විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල්වරයකුගේ ගෙලට එම පැමිණිල්ලේ වගඋත්තරකරු තියුණු ආයුධයකින් පහර දී ඇතැයි ද බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළැයි ද පොලිසිය පවසයි. 08 March 2017
දිනේෂ් ගුණවර්ධන කතානායකගේ අණ නොතකයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසට සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ඉඩ නොදුන්නැයි කියමින් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම බාධා කළ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත්තේය. 08 March 2017
‘පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්න බෑ‘ - කතානායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද (8) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. 08 March 2017
ජනාධිපති කොමිසමෙන් ඇමැති බන්දුලට කැඳවීමක් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමට හෙට (9) පෙරවරු 9.30ට එම කොමිසමට පැමිණෙන ලෙස තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 08 March 2017
ඉන්දීය ධීවරයාට වෙඩි තැබීම ගැන කරුණු විමසන්නයි මෝදිගෙන් ඉල්ලයි තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයකුට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා කැඳවා කරුණු විමසන්නයි එම ප්‍රාන්තයේ මහ ඇමති එඩප්පඩි කේ. පලනිස්වාමි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි. 08 March 2017
සරණ ගුණවර්ධනට එරෙහි නඩු ජූනි මාසයේදී විභාගයට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ කූලි පදනම යටතේ වාහන ලබාගැනීමේදී මහජන මුදල් අවභාවිත කළැයි අල්ලස් කොමිසම සරණ ගුප්ත ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩු නවයට අදාළ වැඩිදුර නඩු විභාගය ජුනි 01, 20 හා 28 දිනවලදී පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (08) නියෝග කළාය. 08 March 2017
ජිඅයි පයිප්ප නඩුවේ බැසිල්ට කිත්සිරිට අධි චෝදනා ගොනු කරයි පසුගිය ජනපතිවරණ සමයේ ජිඅයි පයිප්ප බෙදා හැරිමේ දී මිලියන 36 ක් අවභාවිතා කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට කොළඹ මහාධිකරණයේ දී අද (8) අධි චෝදනා ගොනු කැරිණි. 08 March 2017
සිවිල් ගුවන් සේවා අධිකාරීයට රහස් පොලිසිය කඩාපනී අද (8) උදේ 10.30ට පමණ හදිසියේම සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් 30ක පමණ කණ්ඩායමක් එහි සේවකයින්ගේ පරිගණක පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ. 08 March 2017
උතුරු පළාතෙන් එච්1එන්1 රෝගීන් 400ක් එච්1එන්1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් 400ක් පමණ මේ වන විට උතුරු පළාතෙන් සොයාගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි. 08 March 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026