සූර්ය බලශක්ති විදුලි ඒකකයක මිල නියම කරයි බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලශක්ති විදුලි නිෂ්පාදනාගාරයකින් විදුලි ඒකකයක් හෙවත් කිලෝවොට් පැයක් රාත්‍රී කාලයේදී රුපියල් 57.64 ක සහ නාගරික ඝන අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විදුලි ඒකකයක් රුපියල් 56.55 කට මිලදීගන්නා බව මහජන උපයෝගිතා කොමිසම අද (24) නිලවශයෙන් නිවේදනය කළේය. 24 August 2026
වතුර යැයි රසායනයක් පානය කළ දැරියක් මරුට ගම්පොළ පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට වවුනියාව ප්‍රදේශය සිට පැමිණි තුන් හැවිරිදි දැරියක් ජලය යැයි සිතා එම නිවසේ තිබූ එළකිරි කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් මිය ගොස් ඇති බව ඒ වෙනුවෙන් ගම්පොළ රෝහලේ පැවැත්වූ මරණ පරික්ෂණයේදී හෙළි විය. 24 August 2026
22කට එරෙහිව පෙත්සම් 21ක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශව 21 ක් අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර ඇත. 24 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට හෙට ගිගුරුම් සහිත වැසි අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට(25) පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 August 2026
ඌව පරණගම එළවළු කොටුවක් ගිලා බැහැලා ඌවපරනගම ගලහගම ප්‍රදේශයේ එළවලු කොටුවක් වර්ෂාවත් නොමැතිව පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පැවැතිය ද අද (24) පස්වරුවේ ගිලාබැසීමට පටන්ගෙන ඇතයි ආපදාකළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 24 August 2026
හෝමාගමදී ත්‍රීරෝද රථයක් ගිනි ගනියි ආබාධිත පුද්ගලයකු පදවාගෙන ආ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගෙන විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි 24 August 2026
ගිනියා කුණු කන්ද 30 දෙනකු බිලි ගනී බටහිර අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ කොනැක්රි අගනුවර කුණු කන්දක් නායයෑමෙන්, 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම කුණු කන්ද ඇත්තේ ‘ඩාර්-එස්-සලාම්’ ප්රදේශයේය. එය පාමුල පැල්පත් නිවාස රැසකි. මහ වැසි සමග, මෙම කුණු කන්ද නාය ගියේ පැල්පත් සියල්ල යට කරමිනි. 24 August 2026
ක්‍රිකට් නායකයන්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම, පාකිස්තාන විපක්ෂ නායකයා ද වන ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 24 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් කරන්න ලෝක බැංකු සහය ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාත් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (24) පෙරවරුවේ පැවැත්විණි. 24 August 2026
නවසීලන්ත දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් ? අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත රජය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 24 August 2026
විසිදෙකට මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක් ආන්දෝලනයට තුඩුදී ඇති විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තාවේ. 24 August 2026
අල්ලස් නඩුවෙන් හොරොව්පොතාන ප්‍රා:සභාවේ හිටපු නිලධාරියා නිදහස් වී ගබඩාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසර බලපත්‍රය දීමට අවශ්‍ය අනුමැතිය සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000ක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා ලැබ සිටි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් විත්ති වාචක හෝ නොකැඳවා නිදොස් කොට නිදහස් කරන ලදී. 24 August 2026
බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට හතරක් සැකපිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දක්ෂිණ කපුගේ නොහොත් රනා නමැත්තාගේ නිවසට පෙරේදා (23) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි. 24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇපමත මුදාහරියි පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල කිරීම යන චෝදනාවන්ට වැරදිකරු කරමින් ඔහුට ලබාදුන් වසර එකහමරක සිර දඩුවමට එරෙහිව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ බදුල්ල මහාධිකරණයේදී විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා සැකකාර මන්ත්‍රීවරයා ඇපමත මුදා හැරීමට නියෝග කළේය. 24 August 2026
මැතිසබයෙන් කෝටි 27ක රට සවාරි බිලක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනකු 2016 වසරේ සිට 2024 වසර දක්වා විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 27කට අාසන්න මුදලක් වැය කර අැතැයි පාර්ලිමේන්තුව පිළිබද විශේෂ විගණන වාර්තාවේ දැක්වේ. 24 August 2026
බදුල්ල රෝහලේ අතුරුදන් වෛද්‍යවරයාගේ සිරුර හමුවේ බදුල්ල ශික්ෂණ රෝහලේ අතුරුදන්ව සිටි නිර්ව්න්ධන විශේඥ වෛද්‍යවරයාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල්තලාවක් මත තිබියදී අද (24) උදෑසන සොයාගත් බව මහියංගන පොලිසිය පවසයි . 24 August 2026
හිටපු කතානායකලා කෝටි හතහමාරක තෙල් ගහලා හිටපු කතානායකවරැන් 2016 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී පාවිච්චි තර අැති ඉන්ධන ලීටර් 299146 ක් වෙනුවෙන් රුපියල් හත් කෝටි පනස් දෙලක්ෂ හැටදහස් හයසිය හතළිස් අටක් වැය කර අැතැයි ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ. 24 August 2026
බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙක් අතුරුදන් බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාගේ මෝටර් රථය අලි ගැවසෙන කලෑවේ තිබී හමුවුවත් වෛද්‍යවරයා අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි. 24 August 2026
පළමු රන්දෝලි පෙරහරින් මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රී 6 44 ට යෙදුණු සුබ මොහොතින් වීථී සංචාරය කළේය. 23 August 2026
අම්බලන්තොට ජල පවත්රාගාරයේ වැඩ නවතී අම්බලන්තොට වලවේ ගඟේ ජලමට්ටම සීඝ්‍ර යෙන් අඩුවිම හේතුවෙන් ජලය පිරිපහදු කිරිමට නොහැකි තත්ත්වයට කලු පැහැ ගැන්විම හේතුවෙන් අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ පානිය ජල පිරිපහදු කටයුුතු අද සවස සිට තාවකාලිකව නතර කිරිමට සිදු වූ බව ජලසම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය දැනුම් දී ඇත. 23 August 2026
බොරැල්ලේ නිවෙසකට අත්බෝම්බයක් ගහයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ රන්සිළු නමැත්තාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බොරැල්ල පොලිසිය සඳහන් කරයි. 23 August 2026
අලි ඇතුන් දෙනවාට රජයෙන් බාධාවක් නෑ කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් පැනවීමට හෝ කිසිදු බාධාවක් කිරීමට රජය පියවර ගෙන නොමැති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. 23 August 2026
හුරුලු රක්ෂිතය ගිනි ගනී හබරණ පොලිස් වසමෙි ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයට මයිමි වන හුරුලු වැව රක්ෂිතයේ eco park යන ප්‍රදේශය අද දහවල් ඇති වූ හදිසි ගින්නකින් විශාල ප්‍රදේශයක් ගිනි ගනිමින් පවතින බව හබරණ පොලිසිය කියයි. 23 August 2026
ආණ්ඩුව පවත්වාගෙන යන්නෙ බොරුවෙන්-වංචාවෙන් ජනතාවට බොරු පොරොන්දු දුන්න ආණ්ඩුව දැන් බොරුවෙන් වංචාවෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යන්නට උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 23 August 2026
යාපන සරසවි සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහින වලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ’’සරසවි දිරියෝ අභිමන්’’ සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 23 August 2026
මෝටර් රථයට අවහිර කළැයි බස් කොන්දොස්තරට වෙඩි තියන්න හදලා කුරුඳුවත්ත සොයිසා වටරවුම ආසන්නයේදී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුගේ හිසට වායු රයිපලයක් එල්ල කර මරණීය තර්ජනය සිදු කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ෙ අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 23 August 2026
ඩෙල්ෆ් සතුනට නාවික හමුදා පිහිට මේ දින වල උතුරු පළාතට බල පා ඇති දැඩි වියළි කළාගුණය සමග යාපනය ඩෙල්ෆ් දුපත ආශ්‍රිතව ජිවත් වන පෝනි අශ්වයන් ඇතුළු සෙසු සදහා අවශ්‍ය ජලය සපයා දීමට නාවික හමුදාව එම ප්‍රදේශයේ පොකුණු නිර්මාණය කොට ඒවාට ජලය පිරවීම ආරම්භ කර තිබේ. 23 August 2026
සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා නොතබා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරන්නීය. 23 August 2026
කෝවිල් උත්සවයෙන් ඇස් ලෙඩ වූ 400කට ප්‍රතිකාර යාපනේ බණ්ඩාර තරිප්පු ප්‍රදේශයේ ඉකුත් 20 දා පැවති කෝවිල් උත්සවයේදී ඇස් වල ඇති වු සංකුලතා හේතුවෙන් රෝහල් ගතා වු පිරිස අද වන විට 400 ඉක්මවා ගොස් තිබේ. 23 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026