ජාතික ව්‍යාපාර වලට පහසුකම් දෙන්න මධ්‍යස්ථානයක් ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 August 2026
ජනාධිපති නියමයෙන් සලේ රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර වෙනත් පනතක් ගෙන එනවා නම් සුරේෂ් සලේගේ මෙම මස 28 වැනිදා අවසන් වන දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නොමැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැවසීය. 25 August 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් මෙට්‍රික් ටොන් 45,000 පනී යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45362 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 August 2026
අස්වැසුම වංචා කළ නිලධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කල නිළධාරිණියන් දෙදෙනා යලිත් 2026.09.08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (25) දින නියෝග කලේය. 25 August 2026
එ’ජාතීන්ගේ උදව්වෙන් පුරවැසි සමීක්ෂණයක් ලංකාවේ ප්‍රාදේශීය පරිපාලනය තුළින් පුරවැසි - කේන්ද්‍රීය පාලනය සහ ඉදිරි පෙළ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා ’ජනරිද්ම’ (SL - PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 August 2026
උපාධිධාරීන් 142ක් ඖෂධවේදී පුහුණුවට බඳවා ගැනෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ ඖෂධවේදී තනතුර සඳහාවන අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවට උපාධිධාරීන් 142 දෙනෙකු බඳවා ගැනීමේ ලිපි ප්රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 25 August 2026
කෙහෙල්බද්දර පද්මේ යළි රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්රාත්වරයකු ඉදිරිපිටදීම ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව විදේශ රටක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් වසරකට ආසන්න කාලයක් පුරා රහස් පොලිසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්ණ කළ කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ලබන මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය. 25 August 2026
මැතිසබේ ලොක්කන් තුනකට පිට පාරෙන් ‘ඩියුටි ෆී වාහන”: පාඩුව කෝටියක් පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් තිදෙනෙකුට නීතියට පිටින් ගොස් සහනදායි මෝටර් රථ බලපත්‍ර ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ සඳහන්වේ. 25 August 2026
මධ්‍යම අධිවේගී පාරට සම්බන්ධ වන පාරවල් හදන්න බිලියන 104.9 ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 August 2026
මන්නාරමේ දැවැන්ත තෙල් සහ ගෑස් තැන්පතුවක් ගැන අනාවරණයක් මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 2 ක් හෙවත් බැරල් කෝටි 200 ක් සහ ගෑස් ඝනඅඩි ටි්රලියන 9 ක් හෙවත් කෝටි ලක්ෂ 9 ක් ඇතැයි දැනට කර ඇති ගවේශනවල දත්ත අනුව විශ්වාස කරන බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා අද (25) පැවසීය. 25 August 2026
වන්නියලැත්තෝ දඹදිව වන්දනාවක ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ , සිය නායකත්වයට පත් වීමෙන් පසු , පළමු වරට දඹදිව වන්දනා චාරිකාවක නිරත විය. 25 August 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ව සෞඛ්‍ය සමාලෝචනය ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත විශ්ව සෞඛ්‍ය සහ පෙර සුදානම් සමාලෝචනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 August 2026
සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 August 2026
දීට්වා කැඩූ පාලම් හදන්න චීනය අතහිත ’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති පාලම් 14 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 August 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පත් කරයි පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 25 August 2026
විසිදෙක මැතිසබා න්‍යාය පුස්තකයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 25 August 2026
නීතිඥ සංගමය ළඟ විරෝධය ඒකාබද්ධ විපක්ෂය හෙලා දකියි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හැටියට පෙනී සිටි පිරිසක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට පෝස්ටර් අල්ලාගෙන නීතිඥ සංගමය සහ එහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය විවේචනය කිරීම හෙලා දකින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 25 August 2026
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කෙරේ 2027 වසරේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ. 25 August 2026
ඉන්දීය විදේශ ඇමැති රැසියන් ජනපති හමුවෙයි දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්යන එස්. ජයිශංකර්, රුසියාවේ නිල සංචාරයක නියැලෙයි. 25 August 2026
ප්‍රජා සවි බල ගැන්වීම් වැඩ අමාත්‍යංශවලට ඒකාබද්ධව කරන්න උපදෙස් ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය. 25 August 2026
ඕමාන විදේශ ඇමැති ඉරානයට ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නියැලුණි. ඒ, ඇමෙරිකාවේ දැඩි විරෝධය මධ්‍යයේය. 25 August 2026
ත්‍රස්ත ලැයිස්තුවෙන් සිරියාව ඉවතට සිරියාව තවදුරටත්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව පවසයි. ඒ අනුව, ඇමෙරිකාව විසින් නම් කරනු ලැබූ ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් සිරියාව ඉවත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 25 August 2026
සෞදි කුමරු ප්‍රංශයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රංශයේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. කුමරු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී, ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ, පැරිස් අගනුවර ඉලීසේ ප්‍රංශ ජනාධිපති මන්දිරයේදීය. 25 August 2026
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි. 25 August 2026
බස් ලලිත් රැගෙන එයි මෙරට තුළ අපරාධ , මිනීමැරුම් , සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා 08/25 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් එරට දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ . 25 August 2026
එල් නිනෝ තව දරුණු වෙයි එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 25628 කට අයත් පුද්ගලයන් 81865 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 August 2026
හදිසි තත්වයක් නිසා කොළඹ - ගම්පහ ජල සැපයුම නවතී කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීම මත, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ හා කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම අද (25) දින අලුයම සිට තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි 25 August 2026
අඛණ්ඩ විදුලි සැපයුම අවදානමක ‘එල්නිනෝ’ තත්වයේ බලපෑම මත ඉදිරියේදී මෙරට අඛණ්ඩව විදුලිය සැපයුමට ගැටලුවක් ඇතිවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි කප්පාදුවකට යෑමට ඇති අවදානමට පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ප්‍රභවයන් හරහා විසඳුම් සොයමින් සිටින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා අද පැවසීය. 25 August 2026
පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්හ. 24 August 2026
දෙවන රන්දෝලි පෙරහර වීදි සරති මහනුවර ඇසළ පෙරහැරේ දෙවන රන්දෝලි පෙරහර මීට සුළු වේලාවකට පෙර වීදි සංචාරය කිරීම ආරම්භ කළේය. 24 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026