ලාංකිකයන්ට වැඩිපුර ජපන් රැකියා දොර ඇරෙයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ජපානයේ නව රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රම වෙළඳපොළට ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ජපානයේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජූලි 26 සිට අගෝස්තු 3 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙයි. 29 July 2026
වලානේ පී.සී වෙඩි වැදී මරුට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු වෙඩි වැදී මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 29 July 2026
ඇමෙරිකාවේ රොබෝ තහනමින් චීනයට පහරක් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට ’’පිළිගත නොහැකි අවදානම්’’ එල්ල කරන බව පවසමින්, විදේශයන්හි නිෂ්පාදිත නව මානව-රූපී (humanoid) රොබෝවරුන් එරටට ආනයනය කිරීම තහනම් කරන බව ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා නිවේදනය කළේය. 29 July 2026
ගංගාරාමේ පොඩි හාමුදුරුවන් වෙනුවෙන් සිසුහු 420 කට ශිෂ්‍යත්ව කොළඹ හුණපිටිය ගංගාරාම විහාරාධිපතිව වැඩ විසූ ගල්බොඩ ඥාණිස්සර නා හිමියන්ගේ දෙවන වාර්ෂික අනුස්මරණය සහ නැණ ඉසුර ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අගෝස්තු 2 දා පස්වරු 2ට පැවැත්වේ. 29 July 2026
ප්‍රංශයට - ඇමෙරිකාව විරසකයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල පසුගියදා පැවැති රැස්වීමේදී ප්‍රංශ තානාපතිවරයා සිය කතාව ආරම්භ කරන විට ඇමෙරිකානු දූත පිරිස ප්‍රංශයට විරෝධයපාමින් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 29 July 2026
ජනපති කාර්යාලය පිණ්ඩපාත පූජාවේ කොළඹ, කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මුල් කරගෙන අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව වාර්ෂිකව සිදු කරන 26 වන පිණ්ඩපාත චාරිකාව පැවැත්වුණු අතර එම පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලයට වැඩම කළ අවස්ථාවේදී මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ. 29 July 2026
ජපාන භූ කම්පාවෙන් 13ක් මරුට ජපානයට ඊයේ බලපෑ රිකටර් මාපක 7.1ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාව හේතුවෙන් මරණ 13ක් වාර්තා වී ඇති බව ජපානය තහවුරු කර තිබේ. සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම වෙනුවෙන් තවදුරටත් මෙහෙයුම් සිදුව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලිවලට දැඩි හානියක් සිදුව තිබේ. ඒසේම විදුලි සම්බන්ධතා බි ඳ වැටීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. 29 July 2026
හිරේ ගිය චමින්දගේ මන්ත්‍රී ධූරයත් අහෝසියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අවුරුදු දෙකකට වැඩි සිර දඬුවමක් දිය හැකි වරදකට මාස හයකට වැඩි කාලයක් සිර දඬුවමක් නියම කෙරුණහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 29 July 2026
හැකරුන්ගේ ඇස මැතිසබය දෙසට පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වී සංවේදී තොරතුරු සොරකම් කිරීමේ අවදානමක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SRILANKA CERT) පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 29 July 2026
ඇසළ පුන් පොහෝ දිනය අදයි බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. 29 July 2026
‘‘රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා‘‘ රජයකට ජනතා ආශිර්වාදය ලැබුණේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට වුවත් ක්රමයේ වෙනසක් ඇති කිරීමට පැමිණි මාලිමා රජය මේ වන විට ප්රජාතන්ත්රවාදී ක්රමයම කඩාකප්පල් කරන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 29 July 2026
‘‘නඩු ඉවර කරන්න විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැම්මා‘‘ අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමේ අරමුණින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹදී පැවසීය. 28 July 2026
දෙවිනුවර කාවඩි පෙරහර වීදි සංචාරය කරයි මහත් ආන්දෝලනයට තුඩු දුන් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ කාවඩි සහිත 06 වැනි පේලි පෙරහර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ වීදී සංචාරය කළේය. 28 July 2026
කැලණිවැලි කෝච්චි පාරේ ධාවනය සීමා කිරීමක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි “නාවල-නාරාහේන්පිට පාර” දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අගෝස්තු 1 දින දුම්රිය ධාවනය සීමා කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 28 July 2026
ඔක්තෝබර්1 සිට රේගුවට කඩදාසි රහිත වැඩ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසීය. 28 July 2026
අනාගත පරපුරට ණය ගෙවන්න ඉඩ තියන්නේ නෑ රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 28 July 2026
දෙවිනුවර කාවඩි නටන්න මීගමුවෙන් ආ තිදෙනක් කුඩු සමග මාට්ටු දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ආරම්භ වීමට පෙර කාවඩි පෙර මඩු බැසීමේ චාරිත්‍රයේ නිරත පුද්ගලයන් පරික්ෂා කිරිමේ දී ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය. 28 July 2026
රුවන්පුර අධිවේගයේ පළමු කොටසට කොන්ත්‍රාත්කරුවෙක් සොයයි දක්ෂිණ අධිවේගි මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් කර රුවන්පුර අධිවේග මාර්ග ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීමට සුදුසු කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 July 2026
කළු ගඟට දැවැන්ත හානියක් කරමින් මැණික් ගැරූ 25ක් අල්ලයි හොරණ ගන්කන්ද ප්‍ර දේශයේ මාවක්කුමෝදර කළු ඟග ආශ්‍රිතව නීති විරෝධී ලෙස මැණික් ගරන බවට ලද තොරතුරක් ම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායම් වැටලීමක් සිදුකර පුද්ගලයන් 25ක් අත්අඩංගුවට ගෙන තිබේ. 28 July 2026
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් පත් කරයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එම්.ජේ. එස්. රවිසිංහ මහතා පුර්ණ කාලීන වැඩ බැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. 28 July 2026
අන්තරේ විරෝදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඉල්ලීම් කිහිපියක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කරනු ලැබු උද්ඝෝෂණය කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (28) දින පැවැත්විනි. 28 July 2026
සියැට්ල් වෙඩි තැබීමට ළමයෙකු අත්අඩංගුවට ඇමෙරිකාවේ සියැට්ල් නගරයේ පැවැති වාර්ෂික ආහාර උත්සවකදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සැකපිට 15 වියැති ළමයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය. 28 July 2026
කොලොන්නාවේ ගංවතුර මඩින්න ඒකාබද්ධ සැලැස්මක් කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඒකාබද්ධ ආයතනික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ. 28 July 2026
වෙළෙද සංකීර්ණය කඩා වැටී බොහෝ දෙනෙක් සිරවෙලා ජපානයට බලපෑ රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්රබලතාවයක් සටහන් කළ භූමිකම්පාවෙන් පසු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් දෙදරා ගොස් කඩාවැටී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් වාර්තා වේ. 28 July 2026
ඇමෙරිකාවේ මදුරු පාලනයට වොල්බැකියා විෂ කෘමිනාශක, දුමායනය හෝ මදුරු විකර්ශණ භාවිතයෙන් තොරව, මදුරු ගහනය පාලනය කිරීමේ නවතම සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ ඇත. 28 July 2026
ට්‍රම්ප් හමුවන්න නෙදන්යාහු එයි ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු, පළමු වරට ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙයි. 28 July 2026
එල් නිනෝ ආවත් ජල කප්පාදුවක් නෑ එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 28 July 2026
ජපානයට ප්‍රබල භූමිකම්පාවක් ජපානයේ දකුණු දෙසින් පිහිටි කියුෂු දුපතේ කුමමොටෝ ප්‍රාන්තය කේන්ද්‍රකොට ගනිමින් රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය. 28 July 2026
සුජාතා අත්තනායකට හරසර පුදයි ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක් ආගමක් හෝ භාෂාවක් නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 28 July 2026
ඉරාන මොස්කිටෝ බලඇණිය ගැන පුටින්ගේ හිත ගිහින් සතුරාට මුහුණ දීමේ ඉරාන නාවික හමුදාවේ යුද උපාය මාර්ගය ගැන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය 28 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026