(අංජුල මහික වීරරත්න)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුලත්සිංහල දී පැවසීය.
දූෂිතයන්ට දඬුවම් දී කළු රාජ්‍ය බිඳ දමන බවද ජනාධිපතිවරයා කීය.
" අපේ ආණ්ඩුව -වසර දෙකයි රටට සුබයි" යන තේමාවෙන් බුලත්සිංහල දී ඊයේ (6)පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී කීය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් වලට අදාළ තීන්දුව නුදුරේදී ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවී තිබුණු බව කී ජනාධිපතිවරයා අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත කරගන්නා බව ද සඳහන් කළේය.
"මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් ආපස්සට හරවන්නේ නැහැ" යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව ලැබුණු ගමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරනවා කියන්නේ තීන්දුව ගැන කලින්ම දන්න නිසාද.
කොහොමද අධිකරණයට බලපෑම් නෑ කියන්නේ, විධායකය තීන්දුව කලින්ම දන්න බවනේ මේ ප්‍රකාශ කරන්නේ! ඒක නිසා තමයි අපි ජනමත විචාරනයක් ඉල්ලන්නේ....
කොහොම ද දන්නෙ?
ජනාධිපති තුමා කියවිල්ල වැඩි නිසා ලොකු ලෙඩක් දාගන්නවා. කථා නැතිව කරන වැඩේ කරානම් හරිනේ .අනික අධිකරණයේ මතය දන්නේ නැතිව සම්මත කරනවා කියන්න බෑනේ .ඉස්සර වෙලා කියවන්නේ නැතිව හිටියානම් හරි
මෙය ඉක්මනින් කොට නීතිමය කටයුතු කඩිනම් කරන්න
එතකොට මෙයා දන්නවා තීරණය. ඔන්න ඕක තමයි රටේ දැන් තියන ප්රශ්නය. විධායකයට අධිකරනය යටවෙලා වගේ පේන්නෙ.
ජයවේවා ලංකා මාතාවට
තීන්දුව ලැබුණු සැනින් ක්‍රියාත්මක කරනවා ??? ....... ඒ කියන්නේ තීන්දුව මොකක්ද කියලා මෙයා දැනටමත් දන්නවාද?
අම්මෝ හරක් ගොඩ
ඒ කියන්නෙ අධිකරණ තීන්දුව ගැන දැනටමත් දන්නවා කියන එක නේද.