මිතුරාට ඇප දෙන්න බීමතින් ඇවිත් පොලිස් නිලධාරියෙක්ට ගහලා මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ . 05 November 2023
ගං වතුරෙන් කැඩුණු බෝක්කුවට තිදරුපියා බිලි උඩප්පුව ප්රදේශයෙ තිදරු පියකු රැකියාව අවසන්ව මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගංවතුරට කැඩි ගිය බෝක්කුවකින් වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 05 November 2023
ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි තම දරුවන් ප්රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත.ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය. 05 November 2023
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දූම්රිය ස්ථාන අතර ප්රදේශයේදී දූම්රිය මාර්ගයට අද (05) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් දූම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 05 November 2023
සෞඛ්යය ලොක්කියක් මෙහෙ ඉඳන් විදේශ පුහුණු දීමනාවක් අරගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්ය අධ්යක්ෂවරිය ලෙස සේවය කළ නිලධාරිනිය 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත් කෙරුණු අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 05 November 2023
තියුණු ආයුධවලින් පිය-පුතුට පහරදුන් දෙකක් අල්ලයි අටුලුගම මාරාව ප්රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පිය පුතු දෙපළකට පහර දී පලා ගොස් සිටි මැර පිරිසෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 05 November 2023
අපි උදව් කරන්නේ කයිය නොගහන නායකයකුට පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂ ප්රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය. 05 November 2023
පලස්තීනයේ සිටි ලාංකිකයෝ 11ක් එති පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 11 දෙනෙකු අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 05 November 2023
පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීම් හතරක් වහාම ක්රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරනු ලැබ ඇත. 05 November 2023
කෝවිලේ සිටි ගවයින් 15 ක් සොරකම් කරලා කයිට්ස් කරෙයිනගර් ශිවන් කෝවිල් භූමියේ බැඳ සිටියේ ගවයන් 15 දෙනෙකු සහ එහි වූ වතුර ටැංකි දෙකක් දෙකක් සොරාගෙන ගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කයිට්ස් පොලසිය පවසයි. 05 November 2023
පස් කන්දට යටවී දෙදරු මව මරුට තෙල්දෙණිය ප්රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ රඹුක්වැල්ල සියඹලාගස්තැන්න ප්රදේශයේ කුඩා වෙළඳ සලක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම වෙළෙඳ සැල තුළ සිටි 36 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය කියයි . 05 November 2023
දෙපා ගැටගැසූ මළ සිරුරක් ඇල මෝදර ඇලේ පහරදී ඝාතනය කළ බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 05 November 2023
යුක්රේනයට අවදානය අඩුවෙලා ඊශ්රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 05 November 2023
විහාරමහාදේවී උයන කොළඹ නගර සභාවට පවරයි කොළඹ විහාරමහා දේවී උද්යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 05 November 2023
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ. 05 November 2023
නේපාලයට තවත් භූමි කම්පාවක් නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය. 05 November 2023
වන සත්තු වසරකට බිලියන 20ක් කාබාසිනියා කරති වන සතුන්ගෙන් වන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 November 2023
විදුලි සැර වැදී අයෙක් මරුට අධි බලැති විදුලි පහනක් සවිකිරීමට ගිය පාදුක්ක තුන්නාන ප්රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 05 November 2023
කඩදාසි බෝට්ටුවෙන් ආ මාරයා සිඟිතිය රැගෙන යයි මදුරන්කුලිය ප්රදේශයෙ කුඩා දැරියක දිය පහරකට ගසා ගෙන ගොස් කැළැ රෝදක සිරවි සිටියදී මව හා ප්රදේශවාසින් විසින් සොයා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව මදුරන්කුලිය පොලිසිය කියයි. 05 November 2023
වී අස්වනු දෙගුණ කරන්න ජනාධිපතිගෙන් උපදෙස් ඉදිරි වගා කන්න හය ඇතුලත මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්යාංශයට උපදෙස් දුන්නේය. 05 November 2023
ගල් කුට්ටියක් පෙරැලී දුම්රිය නිලධාරීන් 5ක් රෝහලේ උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 05 November 2023
හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමක මාට්ටු හෙරොයින් මත්ද්රව්ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. 05 November 2023
පළාත් රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2 00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 05 November 2023
මුහුදේ ගිලි තරුණයෙක් මරුට:තවත් තරුණයකු අතුරුදන් ගාල්ල හබරාදුව දළවැල්ලේ ෙහෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරකට හසුව දියේ ගිලීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 04 November 2023
රත්තරන් තොගයක් මන්නාරමෙන් අල්ලයි මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ රත්තරන් කිලෝ 2 යි ග්රෑම්150 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක්, ඩිංගි යාත්රාවක්, ත්රීරෝද රථයක් සහ යතුරු පැතියක් මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 04 November 2023
ලොරි - කාර් ගැටී කළමනාකරණ සහකාර මරුට මොරගහහේන හොර ගස් හංදිය ප්රදේශයේදී අද රාත්රියේදී ලොරියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු මිය ගොස් ඇතැයි මොරගහහෙන පොලිසිය කියයි 04 November 2023
ජලාශ රැසක් පිටාර ගලයි රටපුර විවිධ ප්රදේශවලට ඇද හැලෙන මහ වැසි නිසා වැව් අමුණු රැසක් වාන් දැමීමට පටන් ගෙන ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. 04 November 2023
මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක් අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්රිත ව්යායාම සිදුකිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ. 04 November 2023
විදුහල්පති 401 කට උතුරේ පත්විම් විදුහල්පති ශ්රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (04) යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්යස්ථානයේදී සිදුකෙරිණ. 04 November 2023
රටටම ආදර්ශයක් වූ අපූරු පාසල කෘෂි කර්මය විෂයකට පමණක් සීමා වී කෘෂි කර්මය උගන්වන ගුරුවරුන් පොතේ ගුරුවරුන් වෙනකොට, රටටම ආදර්ශයක් දෙමින් පාසල් භූමිය කෘෂි ගෙවත්තක් කළ විදුහල්පතිවරයකු මෙන්ම කෘෂිකර්ම විෂය බාර ගුරු පියවරුන් දෙදෙනකු ගලෙන්බිඳුණුවැවෙන් අපට හමු විය. 04 November 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026