ගාල්ල ළමා නිවාසයකින් දැරියක් පලා යයි ගාල්ල කිතුලම්පිටිය විහාරමහා දේවි සහතික කළ පාසලේ (ළමා නිවාසයේ) රඳවා සිටි 16 හැවිරිදි දැරියක් අද (19) සවස එම ළමා නිවාසයෙන් පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි 19 May 2023
ඉන්දීය අධ්යාපන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ස්වයං මූල්ය යෝජනා ක්රමය යටතේ ක්රියාත්මක කරන 2023-24 අධ්යයන වර්ෂයේ අධ්යාපන පාඨමාලා සඳහා ශ්රී ලාංකික සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවයි. 19 May 2023
‘මහත්මා ගාන්ධි’ ශිෂ්යත්ව සිසුන් 300කට ඉන්දීය රජයේ අනුග්රහයෙන් ශ්රී ලංකාවේ දිස්ත්රික්ක 25 නියෝජනය වන පරිදි උසස් පෙළ සිසුන් 300 කට ‘මහත්මා ගාන්ධි අනුස්මරණ ශිෂ්යත්ව’ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. ගෝපාල් බග්ලේ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පිරිනැමීය. 19 May 2023
අසුපිනිඇල්ලේ ජල ව්යාපෘතියේ නල ගිනි ගනී ජනාධිති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හෙට දිනයේදි විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්යාපෘතියට අයත් ජල නල විශාල ප්රමාණයක් හදිස්සියේ ගිනි ගැනිමකට ලක්ව ඇතයි වාර්තා වේ. 19 May 2023
රණ බිම මතක සමරයි- ලක් අහස යට තිස් වසරක යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා 14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ජයවර්ධනපුර ජාතික රණවිරු ස්මාරකය අසලදී අද (19) පස්වරුවේ පැවැත්විණි. 19 May 2023
මුදලිගේගේ සුවදුක් බලන්න සජිත් රාගම රෝහලට කැලණිය විශ්වවිද්යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා රාගම රෝහලට පැමිණියේය. 19 May 2023
රිලවුන් රට පැටවීමට එරෙහි පෙත්සමට දින දෙයි මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්ව ආරක්ෂක සංවිධාන 30 ක් ගොනුකර ඇති රිට් පෙත්සම මෙම මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 19 May 2023
රුවන්ට ලෝක බැංකුවෙන් පොරොන්දුවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් දේශගුණික විපර්යාස සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ ඉහල පෙලේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 19 May 2023
රත්තරන් කම්බි රේගු දැලේ පැටලේ ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්රෑම් දෙකක පමණ ප්රමාණයක් ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 19 May 2023
ජනක නෙරපන යෝජනා විවාදය 24 ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිෂන් සභාවේ සාමාජික ධූරයෙන් ඉවත් කිරීම සඳහාවූ යෝජනාව ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 19 May 2023
ජාතික ආරක්ෂක සමුළුවට ජනපති යයි ශ්රී ලංකා ජාතික ආරක්ෂක අධ්යයන ආයතනය (INSS) විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්ෂක සමුළුව - 2023 රත්මලාන ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ (KDU) උපාධි අධ්යයන පීඨයේ ශ්රවණාගාරයේදී පැවැත්විණි. 19 May 2023
උමා ඔය අගෝස්තුවේ සිට වැඩ උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාස ද, දෙවැනි කොටසේ ඉදිරිකිරීම් ලබන සැප්තැම්බර් මාස ද, අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 May 2023
ඉන්දියාවෙන් ගෙනා ෂැම්පු කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන එමින් තිබු ෂැම්පු පැකට් ,බෝතල් සමඟ මුහුදු කුඩැල්ලන් ඇතුළු ලක්ෂ 25 කට ආසන්න දෑ සමග කල්පිටිය ආනවාසල පදිංචි ධීවරයින් දෙදෙනෙකු කල්පිටිය විජය නාවික හමුදා නිළධාරින් අද( 19) අත් අඩංගුවට ගත් බව කියයි. 19 May 2023
රට විරුවන්ට විද්යුත් වාහන ගෙන්වීමේ කාලය දිගු කරයි විදේශ රැකියාවල නියුතු ශ්රමිකයින්ට පූර්ණ විද්යුත් වාහන මෙරටට ගෙන්වීමට ප්රේෂණය කර ඇති විදේශ විනිමය ප්රමාණය සළකා බලන කාලසීමාව මෙම වසරේ සැප්තැම්බර් මස 15 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 19 May 2023
ඩොලරයේ වාසිය ළඟදීම ජනතාවට ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට රජය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස්කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සි්යඹලාපිටිය මහතා කියයි. 19 May 2023
සුවසැරියේ රියදුරුට-හෙදියට පහරදුන් දෙදෙනාට වැඩ වරදී රෝගියකු රෝහල්ගත කිරීමට ගිය සුවසැරිය ගිලන්රථයක රියැදුරකුට හා එහි හෙද නිළධාරිනියකට මහරගම වත්තේගෙදර ප්රදේශයේදී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි . 19 May 2023
ඩිජිටල් ආර්ථිකය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් ඇතුලත වර්තාවක් දෙන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 19 May 2023
සජබ - ජනකට හේත්තු වේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 19 May 2023
වාහන පොතේ සැබෑ වෙනසක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ එම වාහනයේ වර්තමාන හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් සහ විස්තර පමණක් ඇතුළත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී අලුත් කරන සියලුම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික ඒ ආකාරයට නිකුත් කරන බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 19 May 2023
පොහොට්ටුවේ තවත් 10 ක් වැට පනිති ? නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත් අසාධාරණයට ලක්ව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජ්යෙෂ්ඨයන් දස දෙසදෙනකුට එළියට බැහීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. චන්ද්රසේන මහතා පැවසීය. 19 May 2023
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීයැයි කියන චෝදනාවලින් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය. 19 May 2023
ලොකු පුටු අටකට මැතිසබේ අනුමැතිය ආයතන ප්රධානීන් තවත් අට දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 19 May 2023
කැනඩා අගමැති දෙමළ සංහාරක දිනය නම් කරයි මීට වසර 14 කට පෙර ශ්රී ලංකාවේ සිදු වූ වෙල්මුල්ලිවයිකාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ. 19 May 2023
පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්රබල භූමි කම්පාවක් හටගත්තේය. 19 May 2023
සාදවලදී මත්පෙති විකිණූ පුද්ගලයෙක් මාට්ටු කාලයක් තිස්සේ සංචාරක හෝටල් වල සාද පැවැත්වෙන දින වලදී ඒවා වෙත ගොස් එම සාද වලට සහභාගී වෙමින් සිටින විදේශීය සංචාරකයින්ට හා අනිකුත් අයවලුන්ට මත් පෙති හා අයිස් මත්ද්රව්ය විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. 19 May 2023
පළමු වසරේ දරුවාගේ කනට ගහලා අම්පාර, පානම ප්රදේශයේ පිහිටි පාසලක අධ්යාපනය හදාරන අවුරුදු පහක් වයසැති දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළේ යැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි. 19 May 2023
චීනා හොරෙන් ඇවිත් එයාර්පෝට් එකේ යකා නටලා කූඨ ලෙස සකස් කළ ව්යාජ ගුවන් ගමන් බලපත්රයකින් ශ්රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19 ) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී , මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් , දැඩි ලෙස බාධා කර තිබේ . 19 May 2023
හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය 9ක් මාට්ටු ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්යාංශය පවසයි. 19 May 2023
රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ එතන මඩල ප්රදේශයේදී රාත්රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටිරන් මාලය කඩා ගැනීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරෙක් , උතුරු කළුතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 19 May 2023
තැනින් තැනට පොඩි වැස්සක්:රස්නෙත් වැඩි වේ බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 19 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026